Category: ධුතාංග

13. නේසජ්ජිකංගය

ඇතැම් වීරියවන්ත භික්ෂූන් තුන්යම් රැය පුරා සැතපීමේ ඉරියව්ව අත්හරිනවා. වාඩිවී සිටීම – සිටගෙන සිටීම හා සක්මන් කිරීම යන ඉරියව් තුනෙන් යුතුව දිවා රාත්‍රිය ගෙවනවා, භාවනාවට ම මුල්තැන දෙනවා. මෙය නේසජ්ජිකංගය යනුවෙන් හැඳින්වෙනවා.

Read More

12. යථාසන්ථනිකංගය

“සමහර භික්‍ෂූන් වහන්සේලා තමාට සෙනසුන පූජා කරන පින්වතුන්ගෙන් එම සෙනසුන පිළිබඳ ව විමසනවා. නමුත් වැඩම කොට සෙනසුන බලන්නට සිතන්නේ නැහැ. මධ්‍යම ආකාරයෙන් මෙම ධුතාංගය සම්පූර්ණ කරන්නේ, ඒ ආකාරයට යි.”

Read More

11. සෝසානිකංගය

”සෝසානිකංගය පුරන භික්‍ෂුව ඉදින් සැතපී සිටින්නේ නමුත්, මරණසතිය වැඩීමේ අනුහසින් හෙතෙම, දහම් මග තුළ ප්‍රමාද වීමෙන් ඇතිවන දෝෂයන්ට පත් නො වන්නේ ය. නිතර නිතර ශරීරයෙහි බොහෝ වූ කුණපයන් දකින ඔහුගේ සිත කාමරාගයට වසඟ නො වන්නේ ය.”

Read More

09. රුක්ඛමූලිකංගය

පැවිද්ද මූලික වශයෙන් රුක් මුල් සෙනසුන ඇසුරු කොටගෙන පවතිනවා. අත් හරින ලද සේනාසනයන් 14ම සංඝයාට ලැබෙන අතිරේක ලාභයන්. භාග්‍යවතුන් වහන්සේත් රුක්ඛමූලිකංගය මහත් සේ වර්ණනා කොට වදාළා.
“මහණෙනි, නවාතැන් අතුරින් රුක් සෙවණ අල්ප වූයේත්, සුලභ වූයේත් වෙයි. එය වරදින් තොර වූ දෙයකි.”

Read More

08. ආරඤ්ඤකංගය

භික්‍ෂුව ගමෙහි පිහිටි සෙනසුන් අතැර අරණ්‍යයෙහි වාසය කරන්නේ නම්, එය අරඤ්ඤකංගය යි. මෙම ධුතාංගය සමාදන් වූ භික්‍ෂුව ගමක රැය පහන් කරන්නේ නැහැ. එබඳු කෙනා අලුයම් කාලයෙහි අරුණ නැගෙන විට අනිවාර්යයෙන් ම අරණ්‍යයක සිටිය යුතු වෙනවා.

Read More

07. ඛලුපච්ඡාභත්තිකංගය

ඛලු යන නාමයෙන් යුතු කිසියම් කුරුලු විශේෂයක් සිටිනවා. ඔවුන්ගේ විශේෂත්වය වන්නේ, තුඩින් ගත් ඵලය ඉදින් බිම වැටී ගියේ නම්, වෙනත් ඵලයක් අනුභව නොකිරීම යි. ඒ අයුරින් ම භික්‍ෂුවත් ආහාර ප්‍රතික්‍ෂේප කිරීමෙන් පසු නැවත ආහාර නො වළඳන්නේ නම්, එය ඛලුපච්ඡාභත්තිකංගය යි.

Read More

06. පත්තපිණ්ඩිකංගය

වැළඳීමෙහි දී දෙවන භාජනයක් නො සොයා එක ම බඳුනක වැළඳීම සිදු කරයි නම් එය පත්තපිණ්ඩිකංගය යි. සිල් සමාදන් වීමට යාමේ දී පවා බොහෝ දෙනා විවිධාකාර බඳුන් රැගෙන යනවා. ඇතැම් විටෙක මෙය තමන්ටත් බරක්, අනුන්ටත් හිරිහැරයක්. අවසානයේ දී බොහෝදෙනාට සිදු වන්නේ බණ භාවනා කිරීමට නො ව රැගෙන ආ භාජන පරෙස්සම් කිරීමටයි.

Read More

05. ඒකාසනිකංගය

මෙය සම්පූර්ණ කරන තැනැත්තා දිනකට සෑහෙන ආහාර එක ම අසුනක හිඳ, එක් වරකින් අනුභව කළ යුතු වෙනවා. උසස් ලෙස ඒකාසනිකංගය සම්පූර්ණ කරන තැනැත්තා පාත්‍රයට ආහාර පිළිගෙන වැළඳීම පිණිස හිඳගත් පසු නැවත පාත්‍රයට ආහාර පිළිගන්නේ නැහැ. පාත්‍රයෙහි ඇති දෙයින් දිනය ම යැපෙනවා. නොයෙක් නොයෙක් වාරයන්හි ඉඳ ගනිමින් වැළඳීම අත්හරිනවා.

Read More

03. පිණ්ඩපාතිකංගය

මහසඟරුවන පරිහරණය කරන සිව්පසයෙන් දෙවැන්න වන්නේ පිණ්ඩපාතය යි. උන්වහන්සේලා පිණ්ඩපාතය පරිහරණය කරන්නේ දහමේ හැසිරීමට කාය බල උපදවා ගැනීම පිණිස පමණක් ම යි. එහිලා කාය බලය නම් වූ අර්ථය සම්පූර්ණ වන කවර වර්ගයේ ආහාරයකින් හෝ භික්‍ෂුව සෑහීමට පත් වෙනවා. අප්‍රණීත ආහාරයකින් හෝ භික්‍ෂුව සෑහීමට පත් වෙනවා. ප්‍රණීත ආහාරපාන සොයා යාමට වෙහෙසවන්නේ නෑ,

Read More

02. තේචීවරිකංගය

ආර්ය වූ බුදු පසේබුදු අරහත් මහෝත්තමයන් වහන්සේලා ගතෙහි දරා වැඩ සිටි අසිරිමත් වස්ත්‍රය චීවරය යනුවෙන් හඳුන්වනු ලබයි. කෙලෙස් නැසීමේ සංග්‍රාමයේ දී ඔසවා තබන ලද ධජයක් බඳු හෙයින් චීවරය අරහත් ධජය යනුවෙන් ද හඳුන්වනු ලබයි. පරිබ්‍රාජක ආදි අන්‍ය තීර්ථක පැවිද්දන් හට ද කිසිදු ගිහියෙකුට ද චීවරය පරිහරණය කළ නො හැක. සම්මා සම්බුදුරජුන් විසින් චීවරයෝ නව දෙනෙක් භික්‍ෂූන් වහන්සේලා උදෙසා අනුදත් සේක.

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up