දිනක් භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණි නකුලපිතා සහ නකුලමාතා යන පති-පතිනීන් දෙදෙනා මේ කාරණය ම විමසා සිටියා. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා. “ගෘහපතිය, ඉදින් පතිපත්නීහු දෙදෙන මේ ජීවිතයේදී එකිනෙකා දකින්නටත්, පරලොව ජීවිතයේදීත් එකිනෙකා දකින්නටත් කැමති වන්නාහු නම් දෙදෙනා ම ශ්‍රද්ධාවෙන් සමාන විය යුත්තාහුය. සීලයෙන් සමාන විය යුත්තාහුය. ත්‍යාගයෙන් සමාන විය යුත්තහුය. ප්‍රඥාවෙන් සමාන වියයුත්තාහුය. එවිට ඔවුහු මෙලොවත් ඔවුනොවුන් දකිති. පරලොවත් ඔවුනොවුන් දකිති” ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ එම කාරණය ගාථාවලින් මෙසේ පහදා දුන් සේක.

දෙදෙනා ම සැදැහැ ඇත්තෝය. දෙදෙනා ම දන් පුදන්නෝය. සිල්වත්හුය. දැහැමිව දිවි ගෙවන්නෝය. ඒ පතිපතිනීහු එකිනෙකාට ප්‍රිය බස් තෙපලමින් සිටිති.

සම සිල් ඇති ඒ දෙදෙනාගේ දියුණුව නිතැතින් සැලසෙයි. ඔවුනොවුන්ට එය ඉතා පහසුවකි. සතුරෝ දුෂ්ට සිත් ඇතිව සිටිති.

මෙහිදී දෙදෙනා ම ධර්මයෙහි හැසිරී සම සීලයෙන් යුක්තව වාසය කරමින් මරණින් මතු දෙව්ලොව ඉපිද තමන් කැමති වූ පංචකාම සම්පත්තියෙන් සතුටු වෙමින් වාසය කරති.

(සමජීවී සූත්‍රය – අං.නි. 2)