highlights of the week
Home » ඔබේ දහම් ගැටළුව

ඔබේ දහම් ගැටළුව

පින්වත් ස්වාමීන් වහන්ස, මගේ මව 57 හැවිරිදි ය. කිසිවිටක තරහ නොගන්නා ඇය අසල්වැසියන්ට මෙන් ම සතුන්ටත් හරි කරුණාවන්තයි. නමුත් ඇය සිල් සමාදන් වීම ප්‍රතික්ෂේප කරමින් “නිවන් දකින්න මං කරපු පින් ඇති. සිල් ගන්න ම ඕන නෑ.” කියා නිතර පවසයි. ඇයගේ මේ මතය නිවැරදි දැයි කරුණාවෙන් පහදා දෙන්න. නිවැරදි නො වේ නම් ඇය සිල් සමාදන් වීම සඳහා යොමුකරවිය හැකි ක්‍රමයක් කියා දෙන්න.

නමුත් බුද්ධ ශාසනයක් තුළ සීල සමාධි ප්‍රඥා වඩන්නට නො හැකි වුවහොත් රැස් කළ පින අවසන් වී දෙව්ලොවින් චුතවූ පසු නිරය, තිරිසන්, ප්‍රේත, අසුර යන සතර අපායේ පවා උපතක් කරා යන්නට පුළුවන්. එවිට යළිත් සසර දුකට ම වැටෙනවා.

Read More »

පින්වත් ස්වාමීන් වහන්ස, මම අසරණයන්ට අතහිත දෙමින්, දානාදී පින්කම්හි බොහෝ කලෙක සිට නිරත වෙන අයෙක්මි. අතීතයේ දී කාමයේ ආදීනව නොවැටහී කාම මිත්‍යාචාරයේ යෙදී පසුව ඉන් සම්පූර්ණයෙන් ම වැළකී පින්දහම් තව තවත් කරමින් සුසිල්වත්ව දිවිගෙවන කල්හී, පූර්ව අකුසල කර්ම යටපත් කරමින් කුසල් වඩා යහපත් උපතක් ලබාගත හැකි ද?

කල්‍යාණමිත්‍ර ඇසුරත්, සද්ධර්ම ශ්‍රවණයන් ලැබීම තුළ දුසිල්වත් ජීවිත ගත කළ අය සිල්වත් වෙනවා.

Read More »

යම් කෙනෙකුගේ ශරීර අවයව ආදිය මනා කොට පිහිටා නැතිව අවලස්සනව උපදින්නට හේතුව කුමක් ද? මතු ජීවිතයක දී එවන් කායික මානසික පීඩාවකින් තොරව මනා අඟපසඟින් යුතු ශරීරයක් ලැබීමට කුමන ආකාරයේ පිළිවෙතක් කළ යුතු ද?

මේ අනුව පැහැදිලි වන්නේ යමෙක් පෙර ජීවිතවල දී ක්‍රෝධ බහුල සිතින් යුතුව වසමින්, ක්‍රෝධ සහගත වචන කතා කරමින්, ක්‍රෝධ සහගත ක්‍රියාවන් කිරීම තුළ මිනිස් ලොව උපත කරා පැමිණෙද්දී විරූපී අවලස්සන කෙනෙකු වන බවයි.

Read More »

පින්වත් ස්වාමීන් වහන්ස, අංගුලිමාල පිරිතේ අර්ථය කුමක්දැයි කරුණාවෙන් පහදා දෙන්න.

ඒ අංගුලිමාල මහරහතන් වහන්සේ වැඩහිඳ යම් පිරිතක් දෙසා වදාළ තැනක් ඇද්ද, එම තැන සේදූ දිය පවා සියලු පීඩා දුරුකර දමන්නේ ය. ගර්භණී මාතාවක් යම් දුකකින් පෙළෙයි නම්, ඒ දුක සැණෙකින් බැහැර වී සුවපත් ව නැගිටින්නී ය.

Read More »

පින්වත් ස්වාමීන් වහන්ස, ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී ශ්‍රාවකයන්ගේ ලක්ෂණ මොනවා ද? ඔවුන් අනිවාර්යයෙන් ම ධර්මාවබෝධයට පත් වේ ද?

ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී ශ්‍රාවකයන් සතු ප්‍රධාන ලක්ෂණයක් ලෙස භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ ගුණ වශයෙන් සිත පහදවාගෙන ඇතිකර ගන්නා ශාස්තෘ ගෞරවය යි.

Read More »

පින්වත් ස්වාමීන් වහන්ස, ස්වයං වින්දනය නවතාගන්ට කොපමණ උත්සාහ කළත් නැවතත් පරණ තැනට ම වැටෙනවා. මෙය නවත්වන්න ක්‍රමයක් කියාදෙනු මැනවි. ඒ වගේ ම අසභ්‍ය රූප බැලීම වළක්වා ගන්නේ කෙසේ ද?

රාගය සන්සිඳවන, කයේ යථාර්ථය ප්‍රකට වන අසුභ භාවනාව වඩන්නට උත්සාහ කරන්න. එවිට මනාව සිල්පද සුරකින, සන්සිඳුණු මනසකින් යුත්, ගුණධර්ම දියුණුවන ජීවිතයක් ඇතිකර ගැනීමට ඔබටත් පුළුවන් වේවි.

Read More »

පින්වත් ස්වාමීන් වහන්ස, මාගේ රැකියාව නිවාඩු නිකේතනයක, මියගිය සතුන්ගේ මස් වර්ග කැපීම හා එවැනි කෑම සෑදීමයි. මට එම රැකියාව කිරීමෙන් පවක් සිදු වේ ද?

ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ පහත සඳහන් කරුණු සම්පූර්ණ වීමෙන් බව ධර්මයේ සඳහන් වෙනවා.

Read More »

පින්වත් ස්වාමීන් වහන්ස, පංච සීලය රැකීමට උපකාර වන වෙනත් පින්කම් තිබෙනවා ද? සිල් බිඳුනොත් කුමක් කළ යුතු ද? සීලයේ ස්ථාවර වන්නේ කෙසේ ද? ඉන්ද්‍රිය සංවරයට උපකාර වන්නේ කුමක්ද?

සීලය මනා කොට ආරක්ෂා කර ගැනීම පිණිස සිල්රැකීමේ ආනිශංස හෙවත් සීල සම්පත් මෙනෙහි කිරීමත්, සිල් නොරැකීමේ විපාක හෙවත් සීල විපත්ති සිහිකිරිමත් උපකාරී වෙනවා.

Read More »

පින්වත් ස්වාමීන් වහන්ස, යම් කෙනෙකු කරන ප්‍රාර්ථනාවක් සඵල වෙන්නත් තවත් කෙනෙකු කරන ප්‍රාර්ථනාවක් සඵල නොවීමටත් හේතුව කුමක් ද? එසේ යහපත් ප්‍රාර්ථනා සඵලකර ගැනීමට ධර්මානුකූල ව සිදුකළ යුතු පිළිවෙත් මොනවා ද?

සංඛාරුප්පත්ති සූත්‍රයේ (මජ්ඣිම නිකාය 3) සඳහන් ආකාරයට ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා යන සේඛ බල ඇතිකරගෙන කරනු ලබන ප්‍රාර්ථනාවන් සඵල වේ.

Read More »

පින්වත් ස්වාමීන් වහන්ස, මිථ්‍යා ආජීවයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වී සුරකින ආකාරය පහදා දෙන්න.

ගිහි ශ්‍රාවකයන් විශේෂයෙන් වැළකිය යුතු මිච්ඡා ආජීවයන් 5ක් වණිජ්ජා නම් සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා දී තිබෙනවා.

Read More »
Page 1 of 7
1 2 3 7