භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට පනවා වදාළ විනය ශික්ෂා පදවලදී කාන්තාවක් සමඟ කාමසේවනයක යෙදුණත්, පිරිමි කෙනෙකු සමඟ හෝ අඩු ගණනේ තිරිසන්ගත සත්වයෙකු සමඟ යෝනි, ගුද, මුව යන මාර්ග තුනෙන් එකක ලිංගික සේවනයක යෙදුණහොත් එම
භික්ෂුවට බඹසර බිඳී පාරාජිකා වී උපසම්පදාව අහිමි වන බව පනවා වදාළා. එමෙන් ම ගිහි කෙනෙකු විවාහ වීමට පෙර අඩු ගණනේ තමාගේ පෙම්වතා පෙම්වතිය සමඟ හෝ කාම සේවනයක නො යෙදී, ලිංගික කටයුතුවලින් වැළකී කුමර කුමරි බඹසර ආරක්ෂා කර ගත යුතුයි. විවාහ වූ පසුව සිය බිරිඳ සැමියා ඉක්මවා වෙනත් කෙනෙකු සමඟ ලිංගික සම්බන්ධතා නොපැවැත්විය යුතු බව ධර්මයේ සඳහන් වෙනවා.

එම නිසා විවාහ වීමට පෙර හෝ පසුව සමලිංගික සේවනයක යෙදීම වැරදි කාමසේවනයේ හැසිරීමක් බවට පත්වෙනවා. එමෙන් ම එය සදාචාරයට පටහැනි නිසා ධර්මයේ සඳහන්වන්නේ අධර්ම රාගය ලෙස යි.