Category: හරිත යාය

ගෙවත්තක් වගා කරමු – බහු වාර්ෂික බෝග වගා කිරීම

“වසර සිය ගණනක් පුරා පරිණාමය වෙමින් සැකසුන, ආර්ථික අතින් ඵලදායී මෙම ගෙවතු උද්‍යානයේ මූලධර්ම ගැන යම් පමණකට අවබෝධයක් තිබීම ඔබගේ ගෙවත්ත සකසා ගැනීමට උපකාරයක් විය හැකි ය.”

Read More

ගෙවත්තක් වගා කරමු – නොදැන නොව දැනගෙන වගා කරමු.

මිශ්‍ර ලෙස බෝග වැවීම තුළ පළිබෝධ සහ රෝග පාලනයට සහයක් ලැබේ. එක ම ඉඩ කඩක බෝග කීපයක් වැවීම තුළ කුඩා ඉඩක වැඩි බෝග ප්‍රමාණයක් වැවිය හැක. මඳක් උස්ව වැවෙන බෝග සෙවණේ සූර්යාලෝකයට සංවේදී බෝග වැවිය හැක.

Read More

ගෙවත්තක් වගා කරමු – කාබනික පොහොර යෙදීම

පසට අවශ්‍ය කාබනික ද්‍රව්‍ය වෙනුවට රසායනික පොහොර ආදේශකයක් නො වේ. ක්ෂණික ප්‍රතිඵල සඳහා බොහෝ දෙනා භාවිත කළ ද රසායන පොහොර පසෙහි සමතුලිතතාව බිඳ දමන අතර පසෙහි ව්‍යුහය එන්න එන්න ම දුර්වල කරයි.

Read More

ගෙවත්තක් වගා කරමු – බිම් සැකසීම සහ ජල කළමනාකරණය

බිම් සැකැස්මේ දී සලකා බැලිය යුතු වැදගත් ම සාධකය නම් ජල කළමනාකරණය යි. ඉඩමේ ස්වභාවය අනුව ජල කළමනාකරණ සැලැස්ම වෙනස් කර ගත යුතු ය.

Read More

ගෙවත්තක් වගා කරමු – සැලැස්මකට වගා කරමු

“වගාවක සාර්ථක අසාර්ථක බව රඳා පවතින්නේ ඒ කෙරෙහි දක්වන උනන්දුව සහ අවශ්‍ය අවස්ථාවන්හි දී ප්‍රතිකර්ම යෙදීම මත ය. ජලය සහ පොහොර යෙදීම නියමිත වෙලාවට කළ යුතු ය. කෘමි හානි, වෙනත් රෝග ආරම්භක අවස්ථාවල දී ම හඳුනාගෙන ප්‍රතිකර්ම යෙදිය යුතු ය. “

Read More

පස සුවපත් කරමු – සොබා දහමට ඉඩ දෙමු

අපගේ දරුවනට අප විසින් ම වස කවා, රෝගී අනාගත පරපුරක් බිහි කිරීමේ අපරාධයට අප වගඋත්තරකරුවන් වී අවසාන ය. ජාතිය වඳවීමේ අවදානමකට අප මුහුණපා සිටින බව ප‍්‍රත්‍යක්ෂ ය. මින් මිදීමට අපට හැකි වන්නේ අප අනුභව කරන වසවලින් මිදීමට දරන උත්සාහය මත නො වේ ද?

Read More

දේශීය අල යළි පරිභෝජනයට

ඉතාම පහසුවෙන් තම ගෙවත්තෙන් සහ අවටින් ආහාර සපයා ගැනීමට හැකියාවක් තිබිය දී වතුවල කුලීකාරයන් වශයෙන් සිංහලයන් සේවයට යාමට කැමති වන්නේ නැත. තම ගෙවත්තේ ඇති බෝගවලින් කිසිදු ආයාසයකින් තොරව මෙහි ගැමියනට තම පවුල් නඩත්තු කර ගැනීමට හැකියාව ඇත.

Read More

පළමු වෙඩිමුරය ගෙවත්තෙන්

ගෙවත්ත වගා කිරීම ඔබගේ විනෝදාංශය කර ගන්න. කාර්යබහුල යැයි ඔබ නිර්වචනය කර ගන්නා ජීවිතයට විවේකයක්, වින්දනයක් සහ සුබදායී සිතුවිලි ඇති කිරීමට ගෙවත්තට ඇති හැකියාව ගැන ඔබ පුදුමයට පත් වනු ඇත.

Read More

බීජ උගුල

ආනයනික බීජවලට ප‍්‍රමිතියක් ඇති බවක් හෝ ඒවා පිළිබඳ ව පාලනයක් ඇති බවක් ද පෙනෙන්නට නැත. බීජ ආනයනය කරන සමාගම් තම තමන්ගේ අභිමතය පරිදි ගොවීන් සූරා කෑමට ලක් කරන බව පමණක් පෙනෙන්නට ඇත. බීජ ආනයනය කරන සමාගම් මෙරට කෘෂිකර්මය පාලනය කරන බව පෙනේ.

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up