* රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කළ – නිකෙලෙස් හද මඬලක් දරා වැඩ සිටි ශාස්තෘන් වහන්සේගේ විරාගී ගුණය නිතර සිහි කරන්න.

* ගිහි ගෙදර වසද්දී පවා පාරිශුද්ධ බඹසර ජීවිතයක් ගත කළ මහා කස්සප මහරහතන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ ශ්‍රාවකයන්ගේ විරාගී චරිතාපදාන ගෞරවයෙන් සිහි කරන්න.

* ඉන්ද්‍රියයන් අසංවර වන, විකෘති කාම ආශාවන් ඇති කරවන, අසභ්‍ය චිත්‍රපටි, කාම සඟරා ආදිය බැලීමෙන්, කියවීමෙන් වළකින්න.

* අසුභ භාවනාවත්, ආදීනව සඤ්ඤාවත් බහුල වශයෙන් වඩන්න උත්සාහ ගන්න.

එවිට තත්ත්වය බොහෝ යහපත් වී කුසල් සහගත මනසක් උපදවාගත හැකි වේවි.