කර්මානුරූපව ගත් කළ ලැබීම හා නොලැබීම යන කරුණු දෙකට සසරේ දන්දීම සහ දන් නොදීම හේතුවන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්හ. එමෙන්ම බලාපොරොත්තු වන කාලයට ඒ දේවල් ලැබීම පිණිස අංග පසකින් යුත්ස ත්පුරුෂ දාන දියයුතු බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා. එනම්,

1. සකස්කොට පිළිවෙළකට දන් දෙනවා – සක්කච්චං දේති
2. ගෞරවයෙන් පැහැදුණු සිතින් දන් දෙනවා – චිත්තීකත්වා දේති
3. සියතින් දන් දෙනවා – සහත්ථා දේති
4. බැහැර නොකරන, ප්‍රයෝජනයට ගතහැකි යමක් දෙනවා – අනපවිද්ධං දේති
5. දෙන දෙයෙහි විපාක තමාට ලැබෙන්නේ යැයි විශ්වාසයෙන් දන් දෙනවා – ආගමන දිට්ඨිකෝ දේති

එම නිසා ඔබත් සත්පුරුෂ දාන පුරුදු කරන්න. ඒ වගේම මිනිස් ලෝකය යනු කර්මය සේ ම උට්ඨාන වීර්යය ද උපකාරයෙන් දියුණු කරගත හැකි ජීවිත බවයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ. (කම්මඵලූපජීවී, උට්ඨානඵලූපජීවී) එම නිසා නොලැබීම ගැන පසුතැවිලි නොවී පින් රැස්කර ගන්නා ගමන් ම උත්සාහයෙන් වීර්යයෙන් කටයුතු කොට දියුණු වන්න.