බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ දී පාරිලෙය්‍යක ඇතා වස් මාස මාස තුනක් පුරාවට බුද්ධෝපස්ථානය යෙදී මරණින් මතු සුගතිගාමී වුණා. එමෙන්ම අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේට වසර 12ක් පුරාවටම ඇප උපස්ථාන කළේ මන්දාකිණි විල්තෙර සිටි ඡද්දන්ත ඇත් සමූහයයි. එම ඇත් රැළත් මහානීය පින් රැස් කළා. එම අතීත උරුමය තුළින් ලද ආභාෂයෙන් පෙර රජදරුවන්ගේ යුගයේ පටන්ම දළදා වහන්සේ වැඩම වූයේත් බෞද්ධ පෙරහැරට ගෞරවයක්ද අලංකාරයක් ද එක් කළේත් අලි ඇතුන් විසින්. විශේෂයෙන්ම ඉතා භක්තියෙන් දළදා කරඬුව වැඩම වූ ”රාජා” වැනි හස්තිරාජීන් මහානීය පින් රැස් කළා. සුදු අධිරාජ්‍යවාදීන් ලංකාවේ සිටි දළ ඇතුන් 12000 ක් පමණ ඝාතනය කොට තිබෙනවා. සත්ව හිංසාවේ යෙදුණේ, අද අපට මානව හිමිකම් සහ සත්ව අවිහිංසාව උගන්වන්නට හදන ඒ පර සුද්දන් සහ ඔවුන්ට කත් ඇද්ද කළු සුද්දන්ගේ පරණ පරපුරයි.