පාසල් වියේ දී පේ‍්‍රම සම්බන්ධතා ඇතිකර ගැනීමේ අයහපත් විපාක බොහෝ තිබෙනවා.

x අධ්‍යාපන කටයුතුවලට දිය යුතු මූලිකත්වය සහ අවධානය ගිලිහී යෑම තුළ විභාග අසමත් වීම, අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වීම විශාල හානියක්. එ් තුළින් දීප්තිමත් අනාගතයක් අහිමි ව ගොස් ඉදිරි ජීවිතය විශාල පසුබෑමකට ලක්වෙනවා.

x වර්තමාන සමාජ මට්ටමත්, කාමයට ඇති උත්තේජනයත් නිසා පිරිසිදු චරිතයට හානි සිදු වී වැරදි කාමසේවනයෙන් වැළකීමේ සිල්පදයට ද හානි වී විශාල වශයෙන් අකුසල් රැස්වෙනවා. විශේෂයෙන් බටහිර වාණිජකරණය විසින් බිහි කළ ‘‘ආදරවන්තයින්ගේ දිනය” නම් වෙළඳුන්ගේ උපක‍්‍රමයට හසුවී අහිංසක පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල ප‍්‍රමාණයක් මේ අවාසනාවන්ත තත්ත්වයට පත්වී ජීවිත අඳුරු කර ගන්නවා.

x දස මසක් කුස හොවා ඇති දැඩි කළ ලේ කිරි කර පෙවූ, වෙහෙස මහන්සියෙන් තමන් පෝෂණය කළ දෙමාපියන්වත්, සිප්සතර හදාරවන ගුරුවරුන්වත් වංචනික ව බොරුවෙන් රැවටීමත් පේ‍්‍රම සම්බන්ධතා ඇතිකර ගන්නා පාසල් දරුවන් රැස්කරනා විශාල පාපයක්.

x එමෙන් ම පේ‍්‍රම සම්බන්ධතා බිඳවැටීම්වල දී එය දරා ගත නො හැකි ව මානසික ව රෝගී වන දරුවන්, සියදිවි නසාගන්නා දරුවන් පවා වාර්තා වෙනවා.

x එම නිසා පාසල් යන වයසේ දී ආදරණීය දෙමව්පියන්ගේත්, තම ගුරුවරුන්ගේත්, අහිංසක බලාපොරොත්තු ඉටුකරමින්, තමාගේ ද ඉදිරි ජීවිතය සාර්ථක කර ගනිමින්, ඉතා හොඳින් අධ්‍යාපන කටයුතුවල නියැලීමත්, කුසලතා දියුණු කර ගැනීමත් ඉතාමත් ම වැදගත් වෙනවා.

x ධර්මයේ පෙන්වා දෙන පරිදි කුමර – කුමරී බඹසර රැකගනිමින්, පිරිසිදු ජීවිතයක් ඇතිකර ගැනීමටත් එය විශාල පිටුවහලක් වෙනවා.

යොමු කරන්න ඔබේ දහම් ගැටළුවත් අප වෙත….

තැපැල් පත් : ‘ඔබේ දහම් ගැටළුව’, මහාමේඝ,
41 ශ්‍රී විජයාරාම පටුමග, නුගේගොඩ
ඊ මේල් : ask@mahamegha.lk
SMS : 071 547 86 55
තැපැල් පත්, ඊ මේල්, SMS ඔස්සේ පමණක් කෙටියෙන් ගැටළු ඉදිරිපත් කළ හැකි බව කරුණාවෙන් සලකන්න
ඔබේ ගැටළුවලට පිළිතුරු ඉදිරි මහාමේඝ කලාපයන් ඔස්සේ…