. හීන ධාතුවේ චේතනාව, පැතුම, විඤ්ඤාණය පිහිටලා තිබෙද්දී ඒ විඤ්ඤාණය නමැති බීජයට උවමනා කුඹුර කර්මයෙන් සාදාදෙන විට එම කර්මය නමැති කුඹුරත් විඤ්ඤාණය නමැති බීජයත් තෘෂ්ණාවෙන් තෙත් කරනා බවත් ය. එය කාමභවය යනුවෙන් හඳුන්වයි.

එමෙන්ම මධ්‍යම ධාතුවේ (මධ්‍යම ස්වභාවයේ) චේතනාව, පැතුම, විඤ්ඤාණය පිහිටා කර්මය නමැති කුඹුරත් විඤ්ඤාණය නමැති බීජයත් තෘෂ්ණාවෙන් තෙත් කරමින් වැඩෙන විට එය රූප භවයයි. එමෙන්ම පණීත ධාතුවේ (උසස් ස්වභාවයේ) චේතනාව, පැතුම, විඤ්ඤාණය පිහිටා කර්මය නමැති කුඹුරේ තෘෂ්ණාවෙන් තෙත් කරමින් වැඩෙන විට එය අරූප භවයයි.

වැඩි විස්තර දැනගැනීම සඳහා අලුත් දහම් වැඩසටහන 5“ලොවෙහි එකම සරණ” පොත කියවන්න.