නාගසේන මහරහතන් වහන්සේ මිළිඳු රජතුමාට වදාළේ තමන් අන් අයට සිදුකරන ආකාරයට ම පෙරළා තමාට ද විපාක විඳීමට සිදුවන බවයි. එනම් අන් කෙනෙකු ජලයේ ගිල්වා මැරුවහොත් තමාට ද ජලයේ ගිලී මිය යෑමට සිදුවන බවයි. තව කෙනෙකුට වස දුන්නහොත් තමාට ද වස කැවී මරණයට පත් වීමට සිදුවන බවයි. එම නිසා අණවින-කොඩිවින කරන අයට සිදුවන්නේ ද අන් අයගේ අණවින කොඩිවිනවලට හසු වී පීඩාවට පත් වීමට සිදු වීම ය. එමෙන් ම මරණින් මතු දුගතිගාමී වී බලවත් දුක් පීඩාවන්ට මුහුණ දීමට සිදු වේ. එම නිසා කිසිකලෙකත් අණවින-කොඩිවින කිරීමට හෝ ඒවාට අනුබල දීම නොකළ යුතු ම යි.

ඔබ මනා කොට තිසරණයේ පිහිටා සිල් ගුණදම් රකිමින් නිතර රතන සූත්‍රය, ආලවක සූත්‍රය, ඛන්ධ පිරිත, අංගුලිමාල පිරිත ආදී පිරිත් සජ්ඣායනා කරන්න. හැකි නම් ස්වර්ණමාලී සෑ රජුන්ට ජීවිතය පූජා කර සෑ මළුවේ දී ආටානාටිය සූත්‍රය සජ්ඣායනා කරන්න. නිතර බුදුගුණ භාවනාව මෛත්‍රී භාවනාව වඩන්න. එවිට පීඩා කරදර මඟහැරී යාවි.