(1). රෝගයට හිත වූ දෙය කරන්නේ වෙයි.

(2). හිත වූ දෙයෙහි ද පමණ දන්නේ වෙයි.

(3). බෙහෙත් පාවිච්චි කරන්නේ වෙයි.

(4). යහපත කැමති වූ ගිලානෝපස්ථායකයා හට වැඩෙන රෝගය වැඩෙන බව හෝ සංසිඳෙන රෝගය සංසිඳෙන බව හෝ වශයෙන් රෝගයෙහි සැබෑ වූ ස්වභාවය පවසන්නේ වෙයි.

(5). උපන්නා වූ තියුණු වූ රළු වූ කටුක වූ අමිහිරි වූ අමනාප වූ මාරාන්තික වූ ශාරීරික දුක්ඛ වේදනාවන් ඉවසනසුළු වූයේ වෙයි.

මේ පස් කරුණින් සමන්විත වූ ගිලනා උපස්ථානයට පහසු වෙයි.

එමෙන්ම යහපත් ගිලානෝපස්ථායකයෙකු සතු ලක්ෂණ පහක් ද භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා දී තිබෙනවා.

(1). බෙහෙත් පිළියෙල කරන්නට ප්‍රතිබල වෙයි.

(2). රෝගයට අහිත දේ ඉවත් කරන්නේ වෙයි. රෝගයට හිත දේ දෙන්නේ වෙයි.

(3). මෙත් සිතින් යුතු වූයේ ලාභාපේක්ෂාවෙන් තොරව ගිලනාට උපස්ථාන කරන්නේ වෙයි.

(4). රෝගියාගේ මල හෝ මුත්‍රා හෝ වමනය හෝ කෙළ හෝ බැහැර කරන්නට පිළිකුල් නැත්තේ වෙයි.

(5). රෝගියාට කලින් කලට දැහැමි කතාවෙන් කරුණු පවසන්නට, සමාදන් කරවන්නට, උනන්දු කරවන්නට, සතුටු කරවන්නට ප්‍රතිබල වෙයි.