ඡළංගදාන නම් සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ දානය පිළිගන්වන පිරිස අවස්ථා තුනකදී තම සිත පහදවා ගැනීම, මහත්ඵල මහානිසංස ආනිශංස ගෙනදෙන බව පෙන්වා දුන් සේක.

(1) පුබ්බේව දානා සුමනෝ – දානය පූජා කිරීමට පෙරත්, දන්පැන් සකසන වේලාවේදීත් බුද්ධ, ධම්ම, සංඝ යන උතුම් තිසරණයේ ගුණ ගැනත් තමන් සිදුකරන යහපත් පරිත්‍යාගය ගැනත් සිත පහදවා ගත යුතුයි.

(2) දදං චිත්තං පසාදේති – දානය පිළිගන්වන මොහොතේදීත් සම්බුදු ගුණ, රහතන් වහන්සේලා ප්‍රමුඛ සඟරුවනේ ගුණ මෙනෙහි කරමින්, තමන් සිදුකරන දානමය පිනෙහි ආනිශංස සිහි කරමින් චිත්තප්‍රසාදය ඇතිකර ගත යුතුයි.

(3) දත්වා අත්තමනෝ හෝති – දන් දුන් පසුවත් එලෙසින්ම තම සිත පහදවාගෙන නිරාමිස සතුටක් ඇතිකරගත යුතුයි.

එලෙස තුන්තැන සිත පහදවාගෙන දෙනු ලබන දානය මහත් වූ පුණ්‍ය විපාකයන් උදාකර දෙනවා. සාගර ජලය කුඩා භාජනයකින් මැනිය නොහැකි සේ එවැනි දානයක ආනිශංසත් ප්‍රමාණ කළ නොහැකි බවයි බුදුරජාණන් වහන්සේ වදාළේ. තුනුරුවන් විෂයෙහි පමණක් නොව වෙනත් පරිත්‍යාගයන් සිදුකරන විටදී ද එලෙස අප සිත පහදවාගත යුතුයි.