highlights of the week
Home » NEW ARTICLES » බණ මඩුව(කෙටි කතාව)

බණ මඩුව(කෙටි කතාව)

”බලන්නකෝ විදානේ අයියේ, මේ කැලෑවේ තියෙන ලස්සන… කොච්චර වුණත් ගස්වල තියෙන අලංකාරෙ ඔය බාහිර ලෝකෙන් නං ගන්න බෑ නේ ද අයියේ?”

”එ්ක හැබෑව පොඩි රාළහාමි මහත්තයෝ… අර ධම්මපදේ ගාථාවකත් තියෙන්නේ ”රමණීයානි අරඤ්ඤානී – යත්ථ න රමතී ජනෝ” කියලා. කැලෑ ලස්සනයි තමයි. හැබැයි සාමාන්‍ය මිනිස්සු කැලෑවට කැමති නෑ. ”වීතරාගා රමිස්සන්ති – න තේ කාමගවේසිනෝ” කාමයන් හොයන්නෙ නැති රහතන් වහන්සේලා තමයි වනාන්තරේට කැමති කියනවනේ. එ් කාලේ ලංකාවේ කැලෑවල කොච්චර නම් රහතන් වහන්සේලා හිටිය ද? සිතුල්පව්වේ විතරක් දොළොස්දාහක් වැඩ හිටියලූනේ. එහෙම බලද්දි මේ මව්බිමේ වැලි කැටයත් පූජනීයයි, අද මිනිස්සු නො දන්නවා වුණාට. ඔය පුරාණ රහතන් වහන්සේලා හිටපු තැන්වලට වැන්දත් කොච්චර පින් රැුස්වෙනව ද මං අහන්නේ… පින් කර ගන්න කෙනෙකුට මේ රට තරම් හොඳ රටක් නම් ලෝකෙ වෙන කොහේවත් නෑ. ආයේ එ්කේ දෙකක් නෑ. සිරි ලංකාව කියන්නේ ධාතු කරඬුවක් වගේ රටක් උපාසක මහත්තයෝ…”

”ලොකු උපාසක මහත්තයට පාලිත් එක්ක ම ඔය ගාථා රත්නයන් අපූරුවට පාඩං තියෙන්නේ. කරුමෙ කියන්නෙ මට මෙලෝ දෙයක් මතක හිටින්නෙ නෑනේ.” සද්ධාවතී උපාසක අම්මා එහෙම කිව්වේ ලොකු උපාසක ගැන ඉරිසියාවෙන් එහෙම නම් නෙමෙයි වගේ. හැබැයි ඉතින් එ්කට ලොකු උපාසක මහත්තයා දීපු උත්තරේ නම් ටිකක් සැරයි.

”උපාසක අම්මේ, ඔන්න බලන්නකෝ අපේ තත්ත්වෙ මොකක්ද කියලා. සෞඛ්‍ය ඇමති කවුද? අධ්‍යාපන ඇමති කවුද? කියලා ඇහුවොත් අපූරුවට කියයි. නාකි ආච්චිලට ඔය ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ නම් ටිකත් පාඩම්. එ්ත් කල්ප ගාණකින් පහළ වෙන බුදු පියාණන් වහන්සේගේ බණ පදයක් කිව්වොත් එ්ක මතක නෑ. අනේ අපොයි! එහෙම බෑ උපාසක අම්මේ…

ඔය මතක හිටින්නෙ නැත්තේ මතක හිටින්නෙ නැතිකොමට වඩා උවමනාවක් නැතිකොම හන්දානෙ. රෙදි හෝදනකොට, කඬේට යනකොට, අතුපතුගාන කොට එහෙම ඔය එක එක මනස්ගාත කල්පනා කොරන්නේ නැතිව ඉගෙන ගත්තු බණ පදයක් පාඩම් කරනව නම් අපූරුවට මතක හිටියි.

උඹලට කියන්න බං, මාත් මේ අමුතුවෙන් පාඩම් කොරලා නෙමෙයි. මොකද ඉස්කෝලේ යන උන්ට වගේ වෙලාවක් තියෙනවා කියලයි මේ තියෙන වැඩ කන්දරාවත් එක්ක. මං කරන්නේ බං පොඩි කොල කෑල්ලක ඔය දහම් කරුණක් දෙකක් ලියාගෙන හැම තිස්සේ ම ඉනේ ගහගෙන ඉන්නවා. ඔය එහෙ මෙහෙ යනකොට එ්ක අරගෙන බලනවා. දවසක් දෙකක් යද්දි එ්ක මතක හිටිය ම ආයෙ වෙන එකක් ලියා ගන්නවා. මාත් එහෙමයි ධර්මය මතක තියා ගන්නේ. අනික එතකොට අනවශ්‍ය දේවලූත් වැඩිය හිතට එන්නේ නෑ. දහම් මනසිකාරයකින් ඉන්ට පුළුවන්. අර කියන්නේ

”ධම්මාරාමෝ ධම්මරතෝ – ධම්මං අනුවිචින්තයං
ධම්මං අනුස්සරං භික්‍ඛු – සද්ධම්මා න පරිහායති”

ධර්මයට ඇලිලා, ධර්මය ම සිහි කර කර ඉන්නවා නම් පිරිහෙන්නේ නෑ කියලා.”

”අනේ හැබෑට ලොකු උපාසක මහත්තයෝ, ඔය ක‍්‍රමේ අපටත් හොඳයි වගේ. මොකෝ මටත් මතක හිටිනවා අඩුයි නොවැ.”

එහෙම කිව්වේ ඤණවතී උපාසක අම්මා. සමන්ගිරි කන්ද ආරණ්‍යයේ ප‍්‍රධාන දායිකාව තමයි ඤණවතී උපාසක අම්මා. ප‍්‍රධාන දායිකාව උනාට උන්දැ හරිම දුප්පත්. හැබැයි තුනුරුවන් ගැන පුදුම පැහැදීමකින් ඉන්නේ. දානේ දෙන්න සල්ලිභාගේ හොයා ගන්න හැටි අහනකොට පුදුම හිතෙනවා මෙහෙමත් මිනිස්සු දන් දෙනවනේ කියලා. මේ වයසක උපාසක අම්මා පොරවක් අරං කැලේට ගිහිල්ලා දර කපල හැමදාම ලොකු දර මිටියක් ගෙනෙල්ල, දර යාර ගහලා, පෝරංකාරයන්ට එ්වා විකුණලා හම්බුවෙන සල්ලි වෙනම එකතු කර ගන්නවාලූ පිං අතේ වැඩවලට කියලා. එ් සල්ලිවලින් තමයි කියනවා දන් දෙන්නේ.

ඉතින් ඔය අතරේ ගමේ සීල සමාගමේ බාල ම කෙනා, එ් කියන්නේ අමරතුංග තරුණයත් බණ මඩුවට ඇතුළු වෙනවා දැක්ක ලොකු උපාසක.

”මේ අමරතුංග ළමයෝ, මං ඔහේ එනකන් බලාන උන්නේ…”

”එ් මක්කටෙයි විදානේ අත්තේ…?”

”මං මේ ගිය පෝයටත් කියන්න හිටියේ. කොහෙද බැරුව ගියානේ ලොකු හාමුදුරුවෝ බැහැරක් යං කියලා ටවුමට යන්න උනානේ… මොකක්ද දන්නව ද? ලබන පෝයට කලින් කොහොම හරි බණ මඩුවට පොල් අතු ටික බැඳ ගන්න ඕන ඊ ළඟ මාසෙ ඉඳන් වැහි අල්ලන නිසා.”

”එ්ක නම් හොඳ අදහස… දැන් නම් පොල් අතු ටික හොඳට ම දිරලා. මං දැක්කා සද්ධාවතී උපාසක අම්මලගේ පැල්කොටේ ළඟත් වියපු පොල් අතු ගොඩක්.”

පොඩි රාළහාමි මහත්තයා එහෙම කියනකොට සද්ධාවතී උපාසක අම්මා මූණ පොඞ්ඩක් අකුල ගත්තේ පොල් අතු ටික දෙන්න අකමැත්තෙන් වගෙයි.

”එ් උනාට ලොකු උපාසක මහත්තයො, එ් පොල් අතු ටික එච්චර දිගත් නෑ. බංගලා වත්තෙන් ගත්තු තේරිච්ච කොට අතු ටිකක්. එ්ක මං වියලා දැම්මේ ලොකු කෙලීගෙ අලූත් ගෙයි කුස්සි කෑල්ලටවත් ගන්න කියලා හිතාගෙන.”

එහෙම කිව්ව සද්ධාවතී උපාසක අම්මා ඉස්සරහට නෙරපු දත් ටික පොඞ්ඩක් පේන්න හිනාවෙලා බෙල්ල ඇල කළේ කාටත් දුක හිතෙන විදිහට.

”උඹලා බං මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ ගහන්න හදනවානේ. එ් ගෙට තාම අත්තිවාරම දැම්මා විතරනේ. ගේ හදලා ඉවර වෙද්දි උඹට අලූතෙන් පොල් අතු ටිකක් වියා ගන්න බැරියැ හොඳ දිග එ්වායින් ම. එ් වගේ ද පෝයට හැමෝ ම සිල් සමාදන් වන තැන. අනික් දවස්වලට හාමුදුරුවෝ දානෙ පිළිගන්න තැන. මේ බණ මඩුවට හෙවණ දෙන්ඩ පොල් අතුටික පූජා කර ගත්තොත් උඹට රැුස් වුණ පින සුළුපටු පිනක් කියල ද හිතන්නේ. සුධර්මා දිව්‍ය සභාව පහළ වුණා කියන්නේ සුධර්මා දෙවඟන මනුස්ස ලෝකෙ ඉන්දෙද්දී ප‍්‍රජා ශාලාවක් හදද්දී එ්කට කැණිමඬල පූජා කර ගත් පිනෙන් කියනවනේ.”

එ් අතර පොඩි මහත්තයත් කතාවට හවුල් වුණා.

”අනික බුදුහාමුදුරුවෝ වදාළේ චූටි පිනක්වත් අත්හැර ගන්න එපා කියලනෙ. ගිය පාර බණට පොඩි හාමුදුරුවෝ අර ගාථාවක් කියලා දුන්නේ වැස්ස වෙලාවට කළයක් එළියෙන් තිබ්බොත් එහෙම වතුර බිංදුව බිංදුව එකතු වෙලා කළ ගෙඩිය පිරෙන්නැහේ පොඩි පොඩි පිනුත් රැුස් කරනකොට ජීවිතේ පිනෙන් පිරෙනවා. එ් නිසා මේක පොඩි පිනක් ය කියලා පිනට නිගා කරන්න එපැයි කියලා හරි අගේ ඇති බණ කතාවක් කියා දුන්නා මතක නැතෙයි ඔහෙලට?”

”මොකදෑ අමතක පොඩි මහත්තයෝ, මං හාන්සි පුටුවේ දිගා වෙලා ධම්මපදේ පොත් වහන්සේ කියවනකොට මෙන්න බොලේ එ් ගාථා රත්නේ තිබ්බානේ. මං විගහට කොළ කෑල්ලක ලියාගෙන පාඩං කොර ගත්තා ඔන්න අහගන්නකෝ හොඳට.” කියලා ලොකු උපාසක වැඳගෙන ලස්සනට මේ ගාථාව කිව්වා.

”මා’පමඤ්ඤේථ පුඤ්ඤස්ස – න මං තං ආගමිස්සති
උදබින්දු නිපාතේන – උදකුම්භෝපි පූරති
පූරති ධීරෝ පුඤ්ඤස්ස – ථෝක ථෝකම්පි ආචිනං”

අනික අපි සසරේ ගොඩක් පින් කර ගත්තු නැති හින්දා නොවැ මේ වගේ අසරණ දුක් විඳින ජීවිත ලැබුණේ. එ් නිසා ගොයියෝ අපි පුළුහං තරම් පින් ම යි කර ගන්ට ඕන. අනුරාධපුර කාලේ හිටිය මිනිස්සු පින් කර ගන්න කැප වෙච්චි හැටි බලනකොට, එව්වා ආදර්ශෙට අරං අපිත් තව හැදෙන්න ඕන.” ලොකු උපාසක මහත්තයා ටිකක් බැ?රුම් විදිහට පිරිස දිහා බලලා එහෙම කියනකොට අමරතුංග තරුණයා ලොකු උපාසකට මෙහෙම කිව්වා.

”අනේ විදානේ අත්තේ පරණ කථාවක් කියා දෙන්නකෝ.”

එහෙම කියද්දී ලොකු උපාසක ටිකක් හිනාවෙලා ”එහෙනම් ඉතින් ඕං ඔක්කොමලා අහගන්ටකෝ.” කියලා කථාව පටන් ගත්තා.

”එ් කාලේ අපේ සද්ධාතිස්ස මහ රජ්ජුරුවෝ බණකට ඇහුවා වෙහෙස මහන්සි වෙලා ධාර්මික ව හොයාගත්තු දේකින් දෙන දානේ මහත්ඵලයි මහානිසංසයි කියලා. එතුමා ඉතින් සද්ධාවන්ත රජානේ. දේවිත් එක්ක කතාවුණා ‘දේවිය, අපිත් මෙච්චර කල් මිනිස්සු දෙන බදුවලින්නේ දන් දුන්නේ. අපිත් අපි ම හම්බ කරලා දානයක් දෙමු.’ කියලා. රජ්ජුරුවෝ මොකදෑ කළේ, වෙස් වලාගෙන දෑකැත්තකුත් අරං ඈත ගමකට ගියා කුලී වැඩක් හොයාගෙන. මිනිස්සු බැලූවා කලින් දැකලා නැති පිටගම්කාරයෙක් ගමට ඇවිල්ලා. හැබැයි හොඳ උස මහත සුකුමාල පෙනුම. හොඳ සැපේට හැදිච්ච මනුස්සයෙක්. ගම්රාළත් බලලා ඇහුවා, ”ඔහේ මක්කෙයි අපේ ගමට ආවේ?” කියලා. රජ්ජුරුවෝ කිව්වා ”මං මේ කුලී වැඩක් හොයාගෙන ආවේ” කියලා. ඉතිං ගම්රාළත් රජ්ජුරුවන්ගේ හිස් මුදුනේ ඉඳන් පහළට බලලා කියනවා ”ඔහේ නම් හොඳ පින් පෙනුම තියෙන මනුස්සයෙක්. රාජකීය පෙනුමක් තියෙන්නේ. ඇහැකි ද වැඩ කරන්න?” රජ්ජුරුවොත් මොකුත් නො තේරෙන විදිහට හිනාවෙලා ”මොකෝ බැරියැ. මටත් මේ තියෙන්නේ අත පය.” කිව්වා. ගම්රාළත් ”එහෙනම් ඉතින් අර මිනිස්සු මගේ කුඹුර කපන්නේ. ඔහෙත් ගොහින් ගොයම් කපනවා. මං කීයක් හරි දෙන්නං හවහට” කිව්වා.

රජ්ජුරුවොත් හොඳ ශක්තිවන්තයනේ. හවස් වෙනකොට මිනිස්සු දෙතුන් දෙනෙක් කපන ගොයම් තනියම කැපුවා. ගම්රාළ සතුටු වෙලා කිව්වා, ”එහෙනම් තමුසෙට ගෙනියන්න හැකි තරම් වී කරල් මිටියක් බැඳ ගන්නවා. එ්ක තමයි ගාස්තුව” කියලා.

රජ්ජුරුවෝ ලොකු වී කරල් මිටියක් බැඳගෙන හැන්දෑකොරේ කාටත් නො දැනෙන්ට මාලිගාවට ගියා. පහුවදා දේවිත් එක්ක හොරා ම ඇතුළට වෙලා වී කොටලා හාල් කර ගත්තා. ඊට පස්සේ හාල් කොටසක් දානෙට තියාගෙන කොටසක් විකුණලා එ් මුදල්වලින් දානෙට අවශ්‍ය එළඟි තෙල්, මී පැණි වගේ කලමනා ටික අරගත්තා. දැන් හරි සතුටින් දේවිත් එක්ක පහුවදා දානයක් හදා ගත්තා.

පුළිඟු දිවයිනේ හිටපු රහතන් වහන්සේනමක් මේ සිද්ධිය දැකලා රජ්ජුරුවන්ගේ දානේ මහත්ඵල කරලා දෙන්ට කියලා හිතාගෙන අහසින් වැඩියා. රජ්ජුරුවොත් හරි සතුටින් දානේ පූජා කොළා. රහතන් වහන්සේ අහසින් ආපහු වැඩලා රජ්ජුරුවන්ට පේන විදිහට අධිෂ්ඨාන කරලා එතන හිටිය ෙදාළොස් දාහක් රහතන් වහන්සේලාට එ් දානේ පූජා කරලා වැළඳුවා කියනවා. රජ්ජුරුවෝ කරපු පින්කම් අතර එ් දානේ ගැනයි කියනවා රජ්ජුරුවෝ මරණාසන්න වෙලාවේ සතුටු වුණේ.

ඉතින් උපාසක මහත්තයෝ රජවරුත් එහෙමයි පින් කරලා තියෙන්නේ. අපිත් අපේ මේ කුණුවෙලා යන අතපය වෙහෙසලා පුළුහං තරම් පිං කොර ගත්තොත් එච්චරයිනේ අපට ඉතිරි වෙන්නේ. නැද්ද මං කියන්නේ…”

”එ්ක ඇත්ත විදානේ අයියේ…”

”ඔන්න කතාවෙන් කතාවෙන් 8.00 ටත් කිට්ටු වෙලා. නිමල් මහත්තයා පොඩි හාමුදුරුවෝ වඩම්මනවා ඇති උදේ බණට. ඔය අමරතුංග ළමයා හාමුදුරුවන්ගේ කකුල් දෝවන පිනෙන් හිතේ තියෙන කෙලෙස් හේදිලා යන්න ඕන කියලා හිතලා පා දොවන්න ලෑස්ති වෙන්ට. මං ලේන්සුවෙන් පා පිහිදාන්නම්. අන්න හාමුදුරුවෝ වඩිනවා. කවුරුත් නැගිටලා සඟ ගුණ කියන්න පටන් ගන්න මාත් එක්ක.”

”සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ…..”

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි.

2 comments

  1. Mata wena kisi deyak epa.mama kiyawanne mahamegha puwath patha.mata e labena asura nisa jiwithe goda nagenawa

  2. Sadu sadu sadu.

Leave a Reply

Your email address will not be published.

x

Check Also

ආරක්ෂිත ස්ථානය

"මේ ඔක්කොම අයිති වෙන්නේ සතිපට්ඨානයට. ඒ තුළ වාසය කරන කෙනාට දුක්ඛිත තැනක උපදින්න හේතු හැදෙන්නෙ නෑ. ඒක තමා මහා කරුණාවෙන් යුතු ශාස්තෘන් වහන්සේ අපිට ආරක්ෂාව පිණිස දුන් තැන, සතිපට්ඨානය."