මෙයට යම් කර්මානුරූප බලපෑමක් තිබිය හැකියි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ගිහි කල බිරිඳ වූයේ භද්දාකාපිලානිය යි. ඇය කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයේ දී සිටු කුමාරියක් ව ඉපදී සිටිය දී නිරන්තරයෙන් ම කුණු මඩවලින් එන දුගඳ වැනි දුර්ගන්ධයක් හැමුවා. ඊට හේතුව අතීත ජීවිතයක දී ද්වේෂයෙන් යුතුව පසේබුදුරජාණන් වහන්සේනමකගේ පාත්තරයට කුණු මඩ පිරවීමයි. ඇය කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් ස්වර්ණ චේතියට සිය රන් ආභරණ යොදවා රන් ගඩොලක් සාදා පූජා කළා. එවිට අර අකුසලය මැඩ කුසල් බලය ඉස්මතු වීම නිසා ශරීරයෙන් හමන දුර්ගන්ධය සම්පූර්ණයෙන් ම නැතිව ගියා. එමෙන් ම එදින ඇය ස්වර්ණ චේතියට නිල් මහනෙල් මල් පිදූ පිනෙන් සිරුරෙන් මිහිරි සුගන්ධයක් හමන්නට වුණා.

එම නිසා ඔබත් සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් සෑයක් උදෙසා හඳුන්කූරු දැල්වීම පිණිස බඳුනක්, මල් ආසනයක් වැනි දෙයක් සාදවා පූජා කරන්න. ස්වර්ණමාලි මහා සෑ රදුන් වන්දනා කොට මල් පහන් සුවඳ දුම් පුදා සෑරජාණන් වටා සුවඳ පැන් ඉසින්න. හැකි නම් සඳුන් කරඬුවක් සාදවා ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම පිණිස පුණ්‍ය භූමියකට පූජා කරන්න. එවිට යම් කර්මානුරූප බලපෑමක් ඇත්නම් එය දුරුවී සහන සැලසේවි.