බොහෝ විට යමෙක් සියදිවි හානිකරගැනීමට තැත් කරන්නේ එක්කෝ බලවත් ද්වේශයෙනි. නැත්නම් දැඩි ලෝභයකින් යුතුව සිට ඒ තමා ආශා කළ දෙය ලබාගත නොහැකි වූ විට ඇතිවන අපේක්ෂා භංගත්වයක් හේතුකරගෙන ය.

මේවා කිසිවක් කුසල් නොවේ. අකුසල්වලට අයත් දේවල් ය. මෙයින් පෙනෙන්නේ අටලෝ දහමට ඔරොත්තු දීමට ඇති නොහැකියාව යි. තවත් සමහරු ජීවිතයේ නොයෙක් කරදර කම්කටොළු ඉවසාගත නොහැකිව දිවිනසා ගැනිමට කල්පනා කරති. සිය දිවි නසාගන්නා අය මරණින් මතු සුගතියේ උපදින්නේ නැත. බොහෝ අවස්ථාවල එවැනි අය ප්‍රේත ලෝකවල හෝ භූත ආත්මවල ඉපදී අප්‍රමාණ දුක් විඳින බව අපට අසසන්නට ලැබී ඇත.

සමහරු ඒ ප්‍රේත ජීවිතවල සිටත් තමා ඒ මිය යන මොහොතේ ඇතිවූ මාරාන්තික වේදනාවන් ම විඳිමින් සිටිති. මේ නිසා එවැනි අයට සිදුවන්නේ තව තවත් අසරණ වීමකි. අනෙක් කරුණ නම් ඇතැම්විට මෙය සසර පුරුද්දක් බවට පත්වීමට ද ඉඩ තිබේ. සිය දිවි නසාගැනීම තුළ සිදුවන්නේ තමාට කුසල් වැඩීමටත් පින් රැස්කරගැනීමටත් ජීවිතය යහමඟට ගැනීමටත් තිබුණු දුර්ලභ ක්ෂණ සම්පත්තිය අහිමි වී යාම පමණි. එයින් සැළසෙන වෙන යහපතක් නම් නැත.