ඔව්. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරන විට උන්වහන්සේ ධාරණය කරගෙන පැමිණි බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ දේශනා සියල්ල ම තවමත් ඒ ආකාරයෙන් පවතිනවා. ඒ ධර්මය තියෙන්නෙ දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය ආදී ත්‍රිපිටක ග්‍රන්ථවලයි.

මිහිඳු මහරහතන් වහන්සේ ලාංකිකයන්ට දේශනා කළ ඒ පිරිසිදු ශ්‍රී සද්ධර්මය ලාංකීය භික්ෂූන් වහන්සේලා දිවි පරදුවට තියලා ආරක්ෂා කරගත්තා. ඒ නිසා තමයි සමස්ත ලෝකයට ම අද ධර්මය ලැබිලා තියෙන්නේ. ඒ පිරිසිදු බුදු දහම අපට තිබීම නිසා නූතන ලෝකෙ ඕනෑම කෙනෙකුට ඒ ධර්මය ඉගෙනගෙන, ඒ ධර්මය පුරුදු කිරීමේ හැකියාව තියෙනවා.