උතුම් බෝ රජාණන් වහන්සේලා අප වන්දනාමාන කළ යුත්තේ ශාස්තෘ ගෞරවයෙන් යුතුව බුදුගුණ මනසිකාරයේ යෙදෙමිනුයි. ශ්‍රී මහා බෝ රජාණන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩම වූ සංඝමිත්තා රහත් තෙරණිය පවා මහත් වූ ශාස්තෘ ගෞරවයකින් යුක්තව බෝ රජාණන් වහන්සේ වැඩම කරගෙන ආවා මිස බෝ රජුන් අතෙන්වත් ස්පර්ශ කොට නොමැත.

එනමුත් අද ඇතැම් මෑණිවරුන් සහ කාන්තාවන් බෝ අතු වල එල්ලී පාත් කරගෙන ”අපල දුරුවේවා” යයි මිත්‍යා දෘෂ්ටියක් සඳහන් කොඩි එල්ලමින් බලවත් අකුසල් රැස් කර ගනිති. එමෙන්ම සමහරුන් බෝධීන් වහන්සේගේ කොළ කඩමින් පව් රැස් කර ගනිති.

එමනිසා ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයන් කළ යුත්තේ බුදුගුණ මනසිකාරයෙන් යුතුව ගෞරව සම්ප්‍රයුක්තව බෝධීන් වහන්සේ වැඳපුදා ගෙන මෙලොව පරලොව සැප සලසාලන ධර්මාවබෝධයට උපකාරී වන පින් රැස්කර ගැනීමයි.