අකුසල් සිතුවිලි බැහැර කරලීම පිණිස උපකාර කර ගත හැකි ක්‍රම පහක් විතක්කසණ්ඨාන නම් සූත්‍රයේ සඳහන් වෙනවා.

  • යම් කාරණයක් මුල් කරගෙන සිතන්න පටන් ගත් විට රාග සහිත වූත්, ද්වේෂ සහිත වූත්, මෝහ සහිත වූත් පාපී අකුසල් උපදිනවා නම් එවිට කළ යුත්තේ ඒ අරමුණෙන් තමන්ගේ අවධානය ඉවත්කර වෙනත් කුසල් අරමුණක් මෙනෙහි කිරීමයි.
  • පාපී අකුසල විතර්කවල භයානක පැත්ත ගැන නුවණින් විමසිය යුතුයි. ‘මේවා තමයි අකුසල විතර්ක. මේ අකුසල විතර්ක හොඳ දේවල් නම් නොවෙයි. මේ අකුසල් විතර්කවලින් අන්තිමේ දී ලැබෙන්නේ දුක් විපාක විතරයි’ කියා ය.
  • පාපී අකුසල විතර්ක උපන්න විට එම අරමුණ ගැන මෙනෙහි නොකොට, සිහි නොකොට සිටිය යුතුයි.
  • එම පාපී අකුසල විතර්ක සකස් වෙවී පිහිටන ආකාරය ගැන නුවණින් විමසිය යුතුයි.
  • කුසල් සිතින් අකුසල් සිතට හොඳ හැටියට නිග්‍රහ කළ යුතුයි.

මෙම කරුණු ගැන විස්තර වශයෙන් දැන ගැනීම පිණිස මජ්ඣිම නිකාය 01 පොත් වහන්සේගේ විතක්ක සණ්ඨාන සූත්‍රය කියවන්න.