Category: අපේ ආච්චිගේ ලස්සන බණ කථාව

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 26

“මේකනේ පුතේ… ගෑනු ධර්මය ඉගෙන ගන්නෙ නෑ. කෙළවරක් නැතිව නැකත් පස්සේ, කේන්දර පස්සේ, දේවාල පස්සේ, අපල පස්සේ දුවනවා. ගෑනු තමයි ඉක්මනින් ම මිසදිටු ගන්නේ. ගෑනු තමා ඉක්මනින් නොමග යන්නේ.
පුතේ… ඔයැයි දන්නවා ද ‘බෝධිය’ කියන වචනයේ අරුත?”

Read More

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 25

“කොසොල් රජ්ජුරුවන් ළඟ හිටිය ‘කාල’ කියන ඇමැතියට හොඳටෝ ම කේන්ති ගියා. ඒකාට කටින් කියන්ට විදිහක් නෑ. හිතෙන් බණින්ට පටන් ගත්තා. ‘හහ්… රටේ විසඳන්ට පුරස්න නැතිව ද මෙච්චර ධනය නාස්ති කොරන්නේ? මේ ධනයෙන් දුප්පත් ඈයොන්ට ගෙවල් හදා දෙන්ට තිබ්බා නොවැ. අපරාදේ මේ නිකාං ධනය නාස්ති කොන්නවා.”

Read More

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 24

“බලන්ට පුතේ… බල්ලා කෙළෙහිගුණය දැක්වූ හැටි. ඒ වගේම නේ පුතේ තාපසයාත් එයැයිව මරන්ට ආපු සොරා ව සුවපත් කොරලා පිටත් කරවන්ට කොයිතරම් මෛත්‍රියෙන් වාසය කොරලා ද! ඒ නිසා පුතේ අපි කොහොම හිටියත් අපට සැබෑම යහපත සැලසෙන්නේ මේ ගුණධර්ම නිසා ම යි. ගුණධර්ම නැතිව මොනවා තිබුණත් ඵලක් නෑ පුතේ….”

Read More

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 23

“නමුත් පුතේ තිසරණයේ නොපිහිටා නැකැත් කේන්දර පස්සේ ගිහින්, යකුන් යකිනියන්ගෙන් පිහිට ඉල්ල ඉල්ලා දුවන කාලෙට මිනිස්සුන්ගේ ගුණධර්ම නැතිවෙනවා. ඒ කාලෙට රන්පොත ඉතා ම කුඩයි. දෙව්ලොවට මනුලොවින් යන්නේ නැති ගානයි. ඒ කාලෙට අලුත් දෙවිවරු නැති නිසා දෙවිවරු දුක් වෙනවා.”

Read More

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 22

“විෂමලෝම කුමාරයාට තිබුණේ උපන්න ජාතියේ, උපන්න කුලයේ, උපන්න පළාතේ තිබුණු ශක්තියක් නොවේ. දුෂ්චරිතයෙන් උපදවාගත් බලයකුත් නොවෙයි. බොරුවෙන්, වංචාවෙන්, පාවා දීමෙන් උපදවාගත් බලයකුත් නොවෙයි.”

Read More

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 21

“මෙයැයිගේ මේ ධර්මානුභාවය නිසා නාගරාජයාට මොහුව මරාගන්ට බැරිව ගියා. නාගරාජයා වැද්දාව අරගෙන නාග භවනට ගියා. “මිත්‍රයා… උඹ මැරෙන්ට භය නැත්තේ ඇයි? මට ඒක පහදා දීපං” කියලා නාගරාජයා උන්දැගෙන් ඇසුවා.”

Read More

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 20

“ආච්චියේ…. දැන් ඔන්න වෙසක් ආවානේ. ඇයි ආච්චි වෙසක් කියලා කියන්නේ? ඒ කියන්නේ වෙනසක්, වෙසක්, අලුත් දෙයක් කියන එක ද ඒ වෙසක් කියන වචනයේ තේරුම?”

Read More

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 19

“මේ කුමාරි පුංචි කාලේ පටන් ම කුමරි බඹසර රැකගත්තා. යොවුන් වියේ දී රජ්ජුරුවන්ගෙන් අවසර ඇන්න ගිහි ජීවිතේ අත්හැරියා. භික්ෂුණීන් අතරට ගොහින් බුද්ධ ශාසනයේ පැවිදි වුණා. ටික කලකින් පටිසම්භිදාලාභී රහත් භික්ෂුණියක් බවට පත්වෙන්ට ලැබුණා.”

Read More

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 18

“ප්‍රිය දේවතාවෙනි, දැන් බලන්ට. ඔහේ මට බොහෝ ම ගරු සරු ඇතිව දන්පැනින් උවටැන් කොරනවා නොවැ. දේවතාවුන් වහන්සේලාට පූරුවේ උප්පැත්ති පේනවා නොවැ. මං මේ සා සැලකිලි ලබන්ට පූරුවේ ආත්මේ කළ පින මොකක්දැයි කියා මට කියන්ට ඇහැකි ද?”

Read More

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 17

“අපි මෙතෙක් කලක් ඉගෙන ගත්තේ පටිච්ච සමුප්පාදය කියලානේ. ඒ වැරදීමක්ලු. හරි එක පටි-හි-ච්ඡ-සමුප්පාදය ලු. පටි කියන්නේ ඉනේ බඳින පටියට ලු. පටියට හිරවුණා වගේ කියලලු කියන්නේ. එහෙම නැතිව හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා දේ කියන එක නොවේලු.” මං ඒක කියපු ගමන් ආච්චි කොක්හඬ තලා හිනැහුනා. “හෑ… මොකාක්…”

Read More

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 16

“මහා කල්පයකට පුතේ අසංඛෙය්‍ය කල්ප හතරක් තියෙනවා. ඒ හතරට කියනවා සංවට්ට කල්පය, සංවට්ටට්ඨායි කල්පය, විවට්ට කල්පය, විවට්ටට්ඨායි කල්පය කියලා. මෙයින් එක් අසංඛෙය්‍ය කල්පයක අන්තඃ කල්ප හැට හතරක් තියෙනවා.“

Read More

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 15

“උන්නාන්සේ ව දැක්කා විතරයි පුතේ අර මරලතෝනි දිදී හිටිය මිනිහාගේ හිතට මහා කෝපයක් හටගත්තා නොවැ. ඇස්ගෙඩි ලොකු කොරාන අපගේ මහෝත්තමයන් වහන්සේ දිහා බලාන උන්නා. “හහ්…. මේකා මොකෝ මෙහේ ආවේ. මං මේකාවත් මරා දමනවා” කියලා හිටං තමන් ඇඳේ වැතිරී සිටිද්දී ම අර භයානක මන්තරේ මතුරන්ට පටන් ගත්තා නොවැ. “

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up