highlights of the week
Home » අපේ ආච්චිගේ ලස්සන බණ කථාව

අපේ ආච්චිගේ ලස්සන බණ කථාව

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 16

“මහා කල්පයකට පුතේ අසංඛෙය්‍ය කල්ප හතරක් තියෙනවා. ඒ හතරට කියනවා සංවට්ට කල්පය, සංවට්ටට්ඨායි කල්පය, විවට්ට කල්පය, විවට්ටට්ඨායි කල්පය කියලා. මෙයින් එක් අසංඛෙය්‍ය කල්පයක අන්තඃ කල්ප හැට හතරක් තියෙනවා.“

Read More »

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 15

"උන්නාන්සේ ව දැක්කා විතරයි පුතේ අර මරලතෝනි දිදී හිටිය මිනිහාගේ හිතට මහා කෝපයක් හටගත්තා නොවැ. ඇස්ගෙඩි ලොකු කොරාන අපගේ මහෝත්තමයන් වහන්සේ දිහා බලාන උන්නා. “හහ්.... මේකා මොකෝ මෙහේ ආවේ. මං මේකාවත් මරා දමනවා” කියලා හිටං තමන් ඇඳේ වැතිරී සිටිද්දී ම අර භයානක මන්තරේ මතුරන්ට පටන් ගත්තා නොවැ. "

Read More »

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 14

“අපේ භාග්‍යවතුන් වහන්සේට ඔයා ‘නමෝ බුද්ධාය’ කියා වන්දනා කොරනකොට මයෙ ඇඟපත සතුටින් සිහිල්වෙලා ගියා. භය වෙන්ට එපා යාළුවා. ඔයා කියපු ‘නමෝ බුද්ධාය’ කියන මිහිරි වචනය මට තවමත් ඇහෙනවා වගෙයි. අපි වගේ අය කවරදාකවත් ‘අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක දරුවන්ට හිරිහැර කරන්ට කැමති නෑ. ඒ නිසා මං ඔයාට තෑග්ගක් දෙනවා. මේං මේ දිව්‍ය රන් මල් තුන අරගන්ට. ඕවා හරීයට වටිනවා.

Read More »

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 13

මේ වෙලාවේ සොරෙක් ගෙයක් බිඳලා බඩුත් අරගෙන යන්න යද්දී මිනිස්සු දැක්කා කවුදෝ යනවා. එතකොට මිනිස්සු ‘මේං හොරෙක්... හොරෙක්....’ කියලා ඒ සොරා පිටිපස්සෙන් පන්නාගෙන ආවා. මේ හොරා මොකොද කොළේ දුවගෙන ඇවිදිල්ලා හිටං තමුන්නේ අතේ තිබ්බ පොදිය අර නියරේ තිබ්බ පාත්තරේට දමලා හැංගුනා නොවැ. හනේ හපොයි...

Read More »

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 12

හරිම අද්භූතයි පුතේ අපේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය. වේගයෙන් ධර්මය සිතේ වැඩුණා. දෙවිවරු දෙන්නෙක් එතැන දී ම සෝවාන් වුණා. සකදාගාමී වුණා. අනාගාමී වුණා. එතැනින් නොපෙනී ගියා. ඒ දිව්‍ය ආත්මෙන් චුතවෙලා බ්‍රහ්මපුරෝහිත කියන බ්‍රහ්මලෝකේ උපන්නා.

Read More »

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව 11

අනේ මයෙ බුදු අයියණ්ඩි... මට අම්මාටත් තාත්තාටත් ඔයා විතරයි හිටියේ. මේ ඉන්නේ ඔයාගේ බෑණා වන සිඟිත්තෙක්. අනේ නෙළුම් මලක් වගේ ඉන්න මේ දරුවා දිහා බලා මා නොමරා බේරන්ට.” කියා වැඳ වැඳ උන්නා.

Read More »

නුවණැත්තා බේරෙනවා

අනේ ස්වාමීනී, ඔය මිනිහා මගෙන් ණය ගත්තු කෙනෙක්. වප් මඟුල කඩාකප්පල් කරන්ට හිතාගෙන වෙන්ට ඕනෑ මෙහෙම කරන්ට ඇත්තේ. ඒ මිනිහා මට අනතුරක් කරදරයක් පීඩාවක් කරලා සතුටු වෙන්ට ආසා ඇති.

Read More »

කිරිමුත්තා කිව්වා මෙසේ….

තොපි ඍජු සිතකින් ත්‍රිවිධ රත්නය සරණ ගියොත් ආං අර සඳ මඬල ටිකෙන් ටික පිරී ගොහින් පුර හඳක් වුණා වගේ තොපිටත් යහපතක් ම උදාවේවි.

Read More »
Page 1 of 3
1 2 3