[fusion_builder_container hundred_percent=”no” equal_height_columns=”no” hide_on_mobile=”small-visibility,medium-visibility,large-visibility” background_position=”center center” background_repeat=”no-repeat” fade=”no” background_parallax=”none” parallax_speed=”0.3″ video_aspect_ratio=”16:9″ video_loop=”yes” video_mute=”yes” border_style=”solid” flex_column_spacing=”0px” type=”legacy”][fusion_builder_row][fusion_builder_column type=”1_1″ type=”1_1″ background_position=”left top” background_color=”” border_color=”” border_style=”solid” border_position=”all” spacing=”yes” background_image=”” background_repeat=”no-repeat” padding_top=”” padding_right=”” padding_bottom=”” padding_left=”” margin_top=”0px” margin_bottom=”0px” class=”” id=”” animation_type=”” animation_speed=”0.3″ animation_direction=”left” hide_on_mobile=”small-visibility,medium-visibility,large-visibility” center_content=”no” last=”true” min_height=”” hover_type=”none” link=”” first=”true”][fusion_text]

එකිනෙකට වෙනස් ආකාරයේ දෙකක් එකිනෙකට හොඳින් පෑහුනු විට පැරැන්නෝ නිරායාසයෙන් ම ‘ජාඩියට මූඩිය වගේ’ කියා පවසති. ඇත්තෙන්ම ජාඩි සෑදීමට හොඳට වැහෙන මැටි හට්ටියක් හා කරමූඩියක් අවශ්‍ය ය. බැරිවෙලාවත් හුළං වැදුනොත් ජාඩි නරක් වෙන නිසාවෙනි. ජාඩි අප රටේ මාළු කල් තබාගන්නා ක්‍රමයකි. මේ සඳහා අලුත් ම බල හෝ කෙළවල්ලා මාළු බහුලව යොදා ගැනේ.

අප මුලින් ම බලමු කොහොමද ජාඩි හදන්නේ කියලා. තරමක් විශාල, සාමාන්‍යයෙන් කිලෝ 1ක ප්‍රමාණය පරිදි තනි මාළුවෙක් ගන්නේ නම් හොඳයි. අනවශ්‍ය වරල් හා බඩබොකුවැල් ඉවත්කර මාළුවා සාමාන්‍ය ඝනකම එන පරිදි පෙති කපාගත යුතුය. එසේ කපා ගන්නා ලද මාළු පෙති එක්වරක් පමණක් හොඳින් සෝදා වතුර ටික වියළා ගත යුතුය.

හොඳින් වියැලී ඇති මැටි හට්ටියක් ගෙන මුලින් ම කැටලුණු ටිකක් අතුරා මාළු පෙති අරගෙන ගොරකා කැබලි මාළු පෙත්තේ ඇතුළට යන ආකාරයට ඔබා ගන්න. මෙසේ ගොරකා කෑලි ඇතුළට ඔබාගත් මාළු පෙති කැටලුණු තවරමින් හට්ටියේ ලුණුමත අතුරාගන්න. මෙසේ අතුරාගත් මාළුපෙති අතරට ගොරකා කැබලි දමා ගන්න. මෙහිදී ඇති පදමට කැටලුණු හා ගොරකා දැමීම සිදුකළ යුතුය.

මෙසේ සකසා ගත් මාළු පෙති සහිත හට්ටිය හොඳින් වැසෙන කර මූඩියකින් වසා ගන්න. එහි දාරයට සෙලෝටේප් වැනි දෙයක් භාවිතා කර හොඳින් සීල් කරගන්න.

මෙසේ පසෙකින් තබන ලද මාළු හට්ටිය සති 3 කට පසු අපට අවශ්‍ය පරිදි පදම් වී ජාඩි සෑදී ඇත. ඒ අතර වතුර විදියට මිරිජ්ජ කියා දෙයක් සෑදී ඇත. එය ව්‍යංජන රසවත් කිරීමට ගත හැක. අධික ලුණු හා ඇඹුල් මිශ්‍ර ද්‍රාවණයකි. ජාඩි උයන්න ගන්නට පෙර හොඳින් සෝදා ගත යුතුය. සාමාන්‍ය තද ගතියකින් මාළු පෙති දැකගත හැකිය. අමතරව ඇති ගොරකා කැබලි ද මාළු පෙතිවලින් ඉවත් කරගත යුතු වේ.

මෙසේ සකසා ගත් ජාඩිවලින් ජාඩි හොද්දක් සාදන්නේ කෙසේ ද කියා අපි බලමු. මේ සඳහා;

■ජාඩි ග්‍රෑම් 500
■රම්පේ / කරපිංචා
■උළුහාල් තේ හැඳි භාගයක්
■අමු මිරිස් කරල් 4
■බීළුෑණු ගෙඩි 2
■සුදුළුෑණු බිකි 4
■පොල් තෙල්
■මාළු මිරිස් කරල් 2
■කහකුඩු තේ හැඳි භාගයක්
■මිරිස් කුඩු තේ හැඳි 2 ක්
■ගම්මිරිස් තේ හැඳි 1 ක්
■අමු තුනපහ කුඩු තේ හැඳි 1 ක්
■කුරුඳු පොත්තක්
■මිටි කිරි හා දිය කිරි
■තක්කාලි ගෙඩි 4

මුලින් ම තාච්චියක් හෝ මැටි හට්ටියක් ගෙන ලිප මත තබා පොල් තෙල් ටිකක් දමන්න. තෙල් රත් වූ පසු උළු හාල් තේ හැඳි භාගය දමන්න. යන්තමින් බැදෙන විට රම්පේ හා කරපිංචා එක් කරන්න. එය ද බැදුණු පසු අමු මිරිස් එකතු කරන්න. එය ද බැදුණු පසු බීළුෑණු ටික එකතු කරන්න. මඳ වේලාවක් ළුෑණු ටික බැදගන්න. ඉන්පසු සුදුළුෑණු ටික දමා තක්කාලි ද දමන්න. තක්කාලි ටික හොඳින් දියවී බැදුණු පසු ලිපෙහි ගින්දර අඩු කරන්න.

මඳ ගින්දරේ ඇති මිශ්‍රණයට මිරිස් කුඩු දමන්න. ගම්මිරිස්, තුනපහ හා කහ ද එක්කරන්න. හොඳින් මිශ්‍ර වූ පසු ජාඩි මාළු ද එක්කර හොඳින් මිශ්‍ර කරන්න. කුරුදු පොත්ත ද දමන්න. මඳක් බැදුණු පසු දියකිරි ටික දමා ලිපෙහි ගින්දර වැඩිකර හොඳින් මිශ්‍රණය රත් කරගන්න. මෙසේ පිසගත් ජාඩි හොද්දට මිටිකිරි ටික දමා කැටි නොගැසෙන ආකාරයට හොද්ද හැඳි ගාමින් මඳ වේලාවක් තබන්න.

ටිකෙන් ටික තෙල්පාට මතු වී රතු පැහැතිව දිස්වෙන විට ලිප නිවා දමා හොද්ද මඳක් නිවෙන තුරු හැඳි ගාන්න. දැන් ඔබට රසවත් ජාඩි හොද්දක රස බලන්න පුළුවන්. කෑම අරුචිය ඇති අයට මනා රසවත් කෑමකි. ආහාර රුචිය වඩවයි. කොස් වැනි දෙයක් තම්බා ඒ සමඟ කෑමට ගන්නේ නම් වඩාත් රසවත් වේ. පවුලේ අය සමඟින් රස බෙදාගන්න. දානයක් දෙන්න අවස්ථාව ලැබුණොත් පූජා කරලා පින් රැස්කරගන්න.

“දත්වා ච භුත්වා ච යථානුභාවං

අනින්දිතෝ සග්ගමුපේති ඨානං

තමාගේ ශක්ති පරිදි ප්‍රණීත දන් දී, ප්‍රණීත ආහාර තමාත් අනුභව කොට නින්දා රහිත සුගතියෙහි උපදී”

“මනාපදායී ලභතේ මනාපං

මනාප දේ දෙන්නා මනාප දේ ලබයි” යනු බුදු වදන් ය. ඒ අනුව බලන විට ආහාරයට ගැරහීම නුසුදුසු ය.

ඔබට ජය ශ්‍රී. සුභ දවසක්!

ඔබේ හිතාදර
අෂාන් ඉමල්ක

[/fusion_text][/fusion_builder_column][/fusion_builder_row][/fusion_builder_container]