මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ අයහපත් ප්‍රතිවිපාක භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.

1. තමාගේ ඇස් පනාපිට ධනය නැති නාස්ති වෙනවා. (සන්දිට්ඨිකා ධනජානි)
2. රණ්ඩුසරුවල් කලකෝලාහල වලට පැටලෙනවා. (කලහප්පවඩ්ඪනී)
3. නොයෙකුත් දරුණු රෝගාබාධ වලට ලක්වෙනවා. (රෝගානං ආයතනං)
4. අපකීර්තිය උපදවයි (අකිත්ති සඤ්ජනනී)
5. කයෙහි වසාගත යුතු තැන් බාහිරට පෙන්වා හැසිරෙයි. (කෝපීනනිදංසනී)
6. නුවණ දුර්වල කරයි. (පඤ්ඤාය දුබ්බලීකරණී)

එමෙන් ම බහුල වශයෙන් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම තුළ සිහිමුලා වී කළුරිය කරන බවත්, මරණින් මතු දුගතියේ උපදින බවත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා.

එම නිසා මෙම කරුණු හොඳින් තේරුම්ගෙන මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමට බලවත් අධිෂ්ඨානයක් ඇතිකරගත යුතුයි. විශේෂයෙන් ම ඒ සඳහා අනුබල දෙන පාප මිත්‍ර ආශ්‍රයෙන් උපක්‍රමශීලීව වෙන්විය යුතුයි. එමෙන් ම රුවන්වැලි සෑයට ගොස් වන්දනාමාන කොට තුනුරුවනට ජීවිතය පුදා සිල් අධිෂ්ඨාන කර ගැනීම මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමට මහෝපකාරී වෙනවා.