‘ගිහි විනය ’ නමින් හඳුන්වන සිඟාලෝවාද සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දෙමව්පියන් විසින් කුඩා කළ පටන් ම දරුවන්ට ඉටු කළ යුතු යුතුකම් පහක් පෙන්වා වදාළා.

(1). පාපා නිවාරෙන්ති – අයහපත් පුද්ගලයන්ගෙන් අයහපත් දේවල් වලින්, අකුසලයෙන් දරුවන්ව වළක්වා ගත යුතු ය.
(2). කල්‍යාණේ නිවේසෙන්ති – කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙහි, යහපත් දේවල් වල, කුසලයෙහි දරුවන්ව සමාදන් කරවිය යුතු ය.
(3). සිප්පං සික්ඛාපෙන්ති – ශිල්ප ශාස්ත්‍ර හොඳින් හැදෑරවිය යුතු ය.
(4). පතිරූපේන දාරේන සංයෝජෙන්ති – සුදුසු කාලයෙහි, සුදුසු විවාහයන් කර දිය යුතු ය.
(5). දායජ්ජං නිය්‍යාදෙන්ති – අනාගත අභිවෘද්ධිය පිණිස දරුවන්ට දායාද පවරා දිය යුතු ය.

එම නිසා කුඩා කළ පටන් ම දරුවන් සමඟ නිවසේදීත් තෙරුවන් වන්දනාව සිදු කරන්න. දහම් කථා (ජාතක, ධම්මපද) දරුවන්ට කියාදෙන්න. විහාරස්ථානයේ දහම් පාසලට, අසපුවේ ළමා දහම් වැඩසටහනට දරුවන් ව සහභාගී කරවන්න. දූ දරුවන් උදෙසා සකස් කර ඇති මහමෙව්නාවේ ළමා සදහම් පොත් පෙළ කියවීමට සළස්වන්න.

ශ්‍රද්ධා රූපවාහිනියේත්, ලක්විරු ගුවන් විදුලියේත් විකාශය වන ළමා දහම් වැඩසටහන් බැලීමට, ශ්‍රවණය කිරීමට යොමු කරවන්න. එවිට දරුවන්ගේ අනාගතය සෑම අතින් ම
සාර්ථක වේවි.