භාග්‍යවතුන් වහන්සේ සූත්‍ර දේශනාවලදී සෝතාපන්න වීම පිණිස පවතින අංග 04 ක් හෙවත් සෝතාපත්ති අංග මෙලෙසින් පෙන්වා වදාළා.

1. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය

2. සද්ධර්ම ශ්‍රවනය

3. යෝනිසෝමනසිකාරය

4. ධර්මානුධර්ම ප්‍රතිපදාව

මෙම අංග හතර බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීම තුළ සෝතාපත්ති ඵලය සාක්ෂාත් කරන බවත් සෝතාපන්න ශ්‍රාවකයා තුළ අංග 04 ක් පිහිටන බවත් පෙන්වා වදාළා. එනම්,

1. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදය

2. ශ්‍රී සද්ධර්මය කෙරෙහි අචල ප්‍රසාදය

3. ආර්ය සංඝරත්නය කෙරෙහි අචල ප්‍රසාදය

4. ආර්යකාන්ත ශීලය

ශ්‍රාවකයන් ලෙස අප එම කරුණ තේරුම් ගත යුත්තේ ඒ ආකාරයෙනුයි.