1. පළමුවෙන්ම බුදුන් සරණ ගිය උපාසිකාවන් අතුරින් අග්‍රස්ථානය – සුජාතා නමැති සේනානි සිටු දියණිය

2. දායිකා උපාසිකාවන් අතුරින් අග්‍රස්ථානය – මිගාරමාතා නමැති විශාඛා සිටුදියණිය

3. බහුශ්‍රැත උපාසිකාවන් අතුරින් අග්‍රස්ථානය – ඛුජ්ජුත්තරා උපාසිකාව

4. මෛත්‍රී ධ්‍යාන සිතින් වාසය කරන උපාසිකාවන් අතුරින් අග්‍රස්ථානය – සාමාවතී රාජදේවිය

5. ධ්‍යාන වඩන උපාසිකාවන් අතුරින් අග්‍රස්ථානය – උත්තරා නන්දමාතා උපාසිකාව

6. ප්‍රණීත දන් පැන් පුදන්නා වූ උපාසිකාවන් අතුරින් අග්‍රස්ථානය – සුප්පාවාසා කෝලිය දියණිය

7. ගිලන් භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කරන්නා වූ උපාසිකාවන් අතුරින් අග්‍රස්ථානය – සුප්පියා උපාසිකාව

8. අචල පැහැදීමෙන් යුතු උපාසිකාවන් අතුරින් අග්‍රස්ථානය – කාතියානී උපාසිකාව

9. විශ්වාසනීය වචන ඇති උපාසිකාවන් අතුරින් අග්‍රස්ථානය – නකුලමාතා ගෘහපතිනිය

10. ඇසීමෙන් පැහැදීමට පත් උපාසිකාවන් අතුරින් අග්‍රස්ථානය – කුරරඝරවාසී කාළි උපාසිකාව

අංගුත්තර නිකායේ ඒතදග්ග පාළි ඇසුරිනි