ටක නැගී සිටීම කෙරෙහි ඒ රටවාසීන්ගේ චර්යාව තරම් බලපාන තවත් සාධකයක් නැත්තේ ය. විනය, උගත්කම, බුද්ධිමත්කම, කුසලතා, නීතිගරුක බව ආදී වූ ගුණයන්ගෙන් යම් රටක ජනයා වැඩී යයි නම් එය නිසැකව ම එරට සමෘද්ධියට පත් කරවන ලැබීමකි. දිනූ මව්බිමෙහි දියුණුව කැමැත්තෝ කළ යුත්තේ මේ ගුණයන්ගේ හික්මීම ය.

අපිදු දියුණුව සොයා යන රටක වැසියන් වෙමු. හුදෙක් එක්තරා රටක වැසියන් ම නො ව; ලොව අන් කිසිදු බිමෙක මුල් බැසගෙන නැති – මෙරට පමණක් ම මුල් බැසගෙන සිටින, අති දුර්ලභ වූ සම්බුද්ධ රාජ්‍යයක පැවැත්ම රඳා පවත්නා පින්බර බිම්කඩෙහි ජන්ම දායාදය ලද මහා ජාතිය ද වෙමු. ශ්‍රේෂ්ඨ වංශකතාවක උරුමය ඇති ජාතියක් ද වෙමු. ඒ සියල්ල ලබා සිටිය දී ම වේගයෙන් පිරිහීම කරා ම යන නිවට නියාළුකමින් යුතු ජාතියක් බවට අද අප පත්ව සිටීම අවාසනාවක් නොවේ ද?

අපට මේ දුර්භාග්‍ය සම්පන්න කලදසාව ඉක්මවාලිය නොහැකි ද? සෙසු ජාතීන් හා ගැටෙන්නවුන්, වාද විවාද කරන්නවුන් බවට පත් නො වී අදීන චින්තනයෙන් යුතු ව බලවත් ජාතියක් ලෙස ඒ සියල්ලන්ට ඉහළින් නැගී සිටිය නොහැකි ද? අපට මේ සියල්ල කළ හැකි ය. එසේ බලවත් ජාතියක් ලෙසින් නැගී සිටීමේ විභවතාවය අප සතු ය. කළ යුත්තේ ඒ බලසම්පන්න නැගී සිටීම වළකාලන දුර්වලතා හඳුනාගෙන ඒවා දුරු කිරීම ය.

මෙහිලා බීමත්කමින් ප්‍රමාදයට පත් ජාතියක් වීමත්, අභිමානයකින් තොර ජාතියක් වීමත් අපේ සියලු දියුණු වීම් මැඩ පවත්වන ප්‍රමුඛ කාරණාවන් බවට පත්ව තිබේ. මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීමෙන් පවුලේ ගෘහ මූලිකයා බෙලහීනයෙකු බවට පත්ව ඇති අතර උපදවනා ආදායමින් ඉතා ඉහළ ප්‍රතිශතයක් ඒ වෙනුවෙන් වැය කරන විනාශකාරී බවකට ද ගොදුරු වී ඇත. සැලකිය යුතු පමණකින් කාන්තාවෝ තමන් නොදන්නා භාෂාවක් කථා කරන, මිසදිටු දරන, හෙළ බොදු ජීවන පෙවෙත දැඩි සේ හෙළා දකින හා සහමුලින් ම ප්‍රතික්ෂේප කරන, ශ්‍රී සද්ධර්මයට ද්වේෂ කරන මැදපෙරදිග වැසියන්ගේ වැසිකිළි සෝදන, කිලිටි සෝදන නින්දිත තත්ත්වය කැමැත්තෙන් ම පිළිගෙන ජාතියක් වශයෙන් උරුම අභිමානය නසා ගනිති. මේ දෙයාකාරයෙන් ම සිදුව තිබෙන්නේ අප හීන දීන මානසිකත්වයකින් යුතු වූ දුර්වල ජාතියක් බවට පත් වීම යි.

ශත වර්ෂාධික කාලයකට එපිට දී අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් පෙන්වා දෙන ලද්දේ ස්වකීය දුර්වලතා පිටු නොදැක්කොත් මේ දුර්භාග්‍ය සම්පන්න කලදසාව නිසැකයෙන් ම සිංහලයාට අත්වන බවයි. අද අපි එය ඇස් පනාපිට අත්විඳිමු. දැන්වත් නිවැරදි නොවුණහොත් පරම ශ්‍රේෂ්ඨ සද්ධර්මයේ පැවැත්ම පවත්වාගෙන පැමිණි පින්බර ජාතියක අවසානය වැඩි ඈතක නොවනු ඇත. ඒ පාපයට හවුල් නොවනු වස් අප කළ යුත්තේ ධීර වීර ගුණ ශෝභා ඇති ධර්මපාලතුමන් වැනි යුග පුරුෂයන්ගේ චින්තනය පෙරටු කොටගෙන නැගී සිටීම ය. එසේ නොමැතිව පාලක කාරකාදීන් එවන් යුගයක් නිර්මාණය කරනු ඇතැයි හරසුන් අපේක්ෂා තබා ගත යුතු නැත.

මේ වෙනුවෙන්, තමන් සහමුලින් ම බීමත්කම බැහැර කොට අමද්‍යප ප්‍රතිපත්තිය දිවි දෙවෙනි කොට රකින්නෙකු වීමට තිර ව අදිටන් කරගත යුතු ය. තමන් වැනි ම දස දෙනෙකු බිහි කරලීම පරම යුතුකමක් කොට ක්‍රියා කළ යුතු ය. එසේ ම මිසදිටු ජාතියක් හමුවේ දණින් වැටෙමින් බැලමෙහෙවරකම් කොට මුදල් උපදවනා නීච තත්ත්වය සහමුලින් ම අත්හළ යුතු ය. මෙසේ කටයුතු කරමින් තම තමන්ගේ දියුණුව උදෙසා ධාර්මික වැඩපිළිවෙළක නියැළෙන්නේ නම් එවන් උදාර ජාතියක අභිවෘද්ධිය නසාලිය හැක්කෙක් නම් ලොව නැත. සිංහලයිනි, ඒ බලසම්පන්න භාවය අත්පත් කර ගනු පිණිස සිත කය යොදවනු මැනැවි…!