මුලින් ම එම ස්වයං වින්දනය නැවැත්වීම පිණිස බලවත් කැමැත්තක් අවංක ව ම ඇතිකර ගන්න. ඉන් පසු ස්වර්ණමාලී මහ සෑ රජාණන් වහන්සේ වැඩ සිටින පුණ්‍ය භූමියට ගොස් සෑ රජාණන් පැදකුණු කොට, තෙරුවන් වන්දනා කර, පිරිත් කියා, දෙවිවරුන්ට පින් අනුමෝදන් කොට, සිල් සමාදන් වී ඒ පිණිස බලවත් අධිෂ්ඨානයක් ඇතිකර ගන්න. එදිනෙදා ජීවිතයේ දී ඉන්ද්‍රිය සංවරය හොඳින් පුරුදු කර ගන්න. රාගය නමැති අකුසල මූලය බලවත් වීම තුළ දුගතිගාමී අකුසල් රැස්වෙන බව ධර්මයට අනුව නුවණින් මෙනෙහි කරන්න. රාගය සන්සිඳවන, කයේ යථාර්ථය ප්‍රකට වන අසුභ භාවනාව වඩන්නට උත්සාහ කරන්න. එවිට මනාව සිල්පද සුරකින, සන්සිඳුණු මනසකින් යුත්, ගුණධර්ම දියුණුවන ජීවිතයක් ඇතිකර ගැනීමට ඔබටත් පුළුවන් වේවි.

අසභ්‍ය රූප බැලීම වළක්වා ගැනීම පිණිස අන්තර්ජාල පහසුකම් නොමැති, සාමාන්‍ය ජංගම දුරකථනයක් භාවිත කරන්න. පරිගණකයක් පාවිච්චි කරන්නේ නම් එය නිවසේ කාටත් පෙනෙන පොදු තැනක තබා පරිහරණය කරන්න.