වේගයෙන් පිරිහී යන මනුෂ්‍ය ගුණධර්ම ආරක්ෂා කිරීම අද අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ. වැරදිකාම සේවනය, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය ආදී ක්‍රියාවන් මෙන්ම සියදිවි හානි කරගැනීම් වැනි අනුවණ ක්‍රියා පවා බොහෝ කොට තරුණ දරුවන් තුළ දකින්නට ලැබේ. විශේෂයෙන් ම අද පාසල් ළමුන් පවා වේගයෙන් පාපී ක්‍රියාවලට යොමු වන ප්‍රවණතාවයක් දැකිය හැක. ඔවුන් බොහෝමයක් මෙවන් ක්‍රියාවන්ට යොමු වන්නේ ජීවිතය ගැන නිවැරදි අවබෝධයක් නොමැති නිසාමය. දියුණු යැයි සිතනා තාක්ෂණයෙන් ද අසභ්‍ය දර්ශන ආදී පිරිහීමට මුල් වෙන දේවල් පාසල් දරුවන්ගේ දෑස් වලට සුලභව හමුවේ. ඒ ගැන දෙමව්පියන්ටත් ඇත්තේ අල්ප දැනුමකි. එනිසාම දරුවන් දෙමව්පියන්ව රවටා තම හිතුමනාපෙට විවිධාකාර පාපී ක්‍රියවන් වලට යොමු වෙන්නට පටන් ගෙන තිබේ. අප කතා කිරීමට අකමැති වුණත් සත්‍යය එයයි. මෙලෙස විනාශ වී යන්නේ අපේම දරුවන්ගේ ජීවිතයි. ඔවුන් පාපී ක්‍රියාවන්ගේ ආදීනව තේරුම් ගන්නා විට සියල්ල සිදු වී හමාරය. වේගයෙන් ගුණදහමින් පිරිහී යන වත්මන් තරුණ දූදරුවන්ගේ ජීවිත පාපයෙන් මුදවාගෙන යහමගට ගැනීම උතුම් වූ පිනකි. තරවටු කිරීමෙන් නීති දැමීමෙන් මෙය සිදු කළ නොහැකිය. මෙය සිදු කළ හැක්කේ ගෞතම බුදුරජුන්ගේ ශ්‍රී සද්ධර්මය ඔවුන්ගේ ජීවිත වලට සමීප කරවීමෙන් ම පමණි.

ගෞතම බුදුරජුන්ගේ සදහම් සංදේශය බොහෝ දෙනෙකුට දායාද කිරීමේ උදාර අදහසින් ආරම්භ කරන ලද ‘මහාමේඝ ධර්මදාන’ ව්‍යාපෘතිය ඔස්සේ මේ වන විටත් ලක්දිව පුරා විසිර පවතින පාසැල්, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, බන්ධනාගාර, රෝහල් ආදී බොහෝ ස්ථානවලට මහාමේඝ පුවත් සඟරාව නොමිලයේ ලබාදීම සිදු කෙරෙමින් පවතී.
විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ ජීවිත ගුණදහමින් පෝෂණය කිරීම මහාමේඝ ධර්මදාන ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්කයකි. මේ වන විට සෑම මාසයකම ලක්දිව පුරා ඇති පාසල් 408 කට මහාමේඝ සඟරාව තිළිණ කෙරේ. ඒ අනුව මහාමේඝ පුවත්පතේ පළවන ලිපිවලින් ධර්මය ඉගෙන ගන්නා දරුවන් ප්‍රමාණය විශාලය. පින්වත් ඔබගේ ධන පරිත්‍යාගයෙන් ක්‍රියාත්මක වන ‘ධර්මදාන ව්‍යාපෘතිය’ යටතේ අපේ දැයේ දරුවන්ගේ ආධ්‍යාත්මය ගෞතම බුදුරජුන්ගේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් පෝෂණය කිරීමේ උදාර මෙහෙවරට දායක වන්නට ලැබීම ගැන පින්වත් ඔබට සතුටු විය හැකිය.

පාසල්වලට අමතරව, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, බන්ධනාගාර, රෝහල් ආදී ස්ථාන ගණනාවකට මහාමේඝ පුවත්පත ධර්මදානයක් ලෙස ලබා දීම අප විසින් සිදුකරමින් පවතී. ඒ අතර සිටින තරුණ මෙන්ම වැඩිහිටි බොහෝ පිරිසක්ද අද ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු දහම මහාමේඝ පුවත්පත හරහා ඉගෙන ගනිමින් සිටී.

මහාමේඝ පුවත්පත ලබා දෙන ලෙස ඉල්ලීම් කොට දිනෙන් දින බොහෝ පාසල්වලින් මෙන්ම ආයතනවලින්ද, අප වෙත ලැබෙන දුරකතන ඇමතුම් හා ලිපි ප්‍රමාණය ඉහළ යමින් පවතී. ඒ සියලු අවශ්‍යතා සම්පූර්ණ කිරීම මෙම ව්‍යාපෘතියේ මීළඟ ඉලක්කයයි. ඔබ මාසිකව උපයන ධාර්මික ආදායමෙන් කොටසක් ධර්ම දානය වෙනුවෙන් වියදම් කරමින් මෙම පුණ්‍ය ව්‍යාපෘතියට සම්බන්ධ විය හැකිය. ඒ නිසා ඔබට හැකි අයුරින් මෙම ධර්මදාන ව්‍යාපෘතිය හා එක්වන ලෙස අපි මෙත් සිතින් ආරාධනා කර සිටිමු.

විමසීම්:-
මහාමේඝ ධර්මදාන පුණ්‍ය ව්‍යාපෘතිය,
බුදු පසේබුදු අරහන්තක මහා විහාරය,
නවනුවර පාර,
පිට්ටුගල,
මාළඹේ.
Email – dharmadana@mahamegha.lk
දුරකථන – 071 151 7000