highlights of the week
Home » අපේ ආච්චිගේ ලස්සන බණ කථාව » “අනේ අපට රජෙක් දෙන්ට – සාදු නද ගිගුම් දෙඤ්ඤං”

“අනේ අපට රජෙක් දෙන්ට – සාදු නද ගිගුම් දෙඤ්ඤං”

“අනේ කිරිමුත්තේ, අද නම් අර කියනවැයි කියාපු කතාව කියන්ට ම ඕනෑ ඕං” කියලා කොල්ලෝ ටික කිරිමුත්තාව වටකර ගත්තා. කිරිමුත්තාත් හරි බරි ගැස්සී වාඩිවුණා. බුලත් විඩකුත් සප්පායම් වුණා. උගුරේ රැල් බුරුල් හැරියා. කතාව පටන් ගත්තා.

“ඕන්න මයෙ කොල්ලනේ… හොඳ…ට අහගනින් එහෙනම්. ආයෙ මේ කතාව කිව්වේ නැතෙයි කියන්ට නං එපා.

ඉතිං කොල්ලනේ, බොලා අහලා තියෙනවා නොවැ දඹදිව් රාජ්ජේ ගැන. ආන්න ඒ දඹදිව් රාජ්ජෙන් පහළ, දකුණට වෙන්ටයි මේක තියෙන්නෙ. ඒ කිව්වේ…. මේක වෙනම තියෙන්නෙ. නිල් දිය සයුරින් වට කොරාපු, දිලිසෙන මුතු ඇටයක් වගේ ලස්සන, හැඩකාර සිඟිති දිවයිනක්…. කොල්ලනේ, කිව්වාම මොකොද, ඒ දිවයින හරී ම සෝභාසම්පන්නයි බොලව්. බැලූ බැලූ හැම තැනකොම මිහිරි ජලය ඇති දිය කඩිති. කොහෙන් අත දෑවත් බොන්ට පුළුවනි. රස වෑහෙන ඵලවැල, කරලින් බර වෙච්චි ගොයම්. ඇයි සරුසාර පොළෝතලේ නොවැ!

ඉතිං කොල්ලනේ… ඉස්සර ඔය හැඩකාර දූපතේ මනුස්ස වාසයක් තිබ්බේ නෑ. යස්සයෝ, රාස්සයෝ තමයි බැල්ම හෙලාන හිටියේ. රට වටේ මූදට ළං වෙද්දී ආනුභාව පැවැත්තුවේ නයි. ඒ කාලේ නයිත් මහා බලසම්පන්නයි නොවැ.

දවසක් පුතේ, අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙච්චි අලුත ම, දිවැස් හෙළා බැලුවා මයෙ බුද්ධ සෑසනේ පිහිටන්නේ කොයිබද කියාලා. එතකොට ඒ උත්තමයාගේ දිව්‍ය නේත්තරේට මුලිච්චි වුණේ මං ඔය කියාපු අර හැඩකාර, හුරුබුහුටි, දිවයින් පොජ්ජ. හැබැයි යකුන් නොවැ එතකොට එහෙ උන්නේ. මනුස්ස වාසේ නෑ නොවැ. යකුන් එක්ක මේ වැඬේ බෑ කියාලා උන්නාන්සේට අවබෝධ වුණා. එතකොට ඒ උත්තමයා හාස්කම් පෙන්නාගෙන මහා තේජස් ඇතිව ආකහෙන් එහෙට වැඩියා. යක්කු භය වුණා. උන්නාන්සේ කීවා “යකුනේ… භය ගන්ට කාරි නෑ. මං තොපිට වෙන තැනක් දෙඤ්ඤං” කියාලා. ඉතිං ඒ යකුන්ට ඉන්ට මූදු කොරේ දියඹේ වෙනත් දූපතක් ලබා දීලා පිටත් කොළා. හැබැයි…. නයින්ට නං පුරස්නයක් වුණේ නෑ. නයින්නේ වරදක් නෑ. ඒකුන් හොඳා. බුද්ධ සෑසනේටත් ආලවන්තයි නොවැ.

ඉතිං පැටව්නේ…. ඔය මං කියාපු දිවයිනට ‘ලංකා’ කියලත් කියනවා. ඒකට ‘ලංකා’ කියන්නේ, ඔය සිඟිති දූපත තමයි මේ පොළෝ තලේ ඇති අලංකාර ම හැඩකාර ම භූමි පොජ්ජ. ඔය දූපත සිඟිති වුණාට අතීතේ පහළ වෙච්චි තථාගත සම්බුදුරජාණන් වහන්සේලාගේ සෑසනේ දිලිසුණෙත් එහෙ තමා. අපගේ බුද්ධ මහෝත්තමයන් වහන්සේගේ සෑසනේටත් පණ තියාපු එක ම මිහිතලේ ඔච්චරයි බොලව්! ඒකයි උන්නාන්සේ වේලපහින් ම වැඩලා මුතුඇටේ යකුන්නෙන් බේරාගත්තේ.

ඉතිං කොල්ලනේ…. හනේ හපොයි… ඉතිං…. අපේ ඒ සම්බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ අකලට මල් පිපී ගිය සල් ගස් දෙකක් අතරේ සාන්ත ඉරියව්වෙන් පිරිනිවන් වැඩියා නොවැ. අන්න එදා තවත් දෙයක් වුණා. දඹදිව් රටේ වංග කියන පළාතෙන් ආ රාජ කුමාරයෙක් පිරිවරත් එක්ක ම අර ලංකා රටට ගොඩ බැස්සා. ඒ රාජ කුමාරයාගේ නම විජේ. ඉතිං ඒ විජේ කුමාරයා ලංකාවේ රජ වුණා. ඒ රජ්ජුරුවන්නේ පරම්පරාවට තමයි ‘සිංහල’ කියන්නේ. ඊට පස්සේ ඒ සිඟිති රටේ ඇත්ත ම උරුමක්කාරයෝ වුණේ සිංහලයෝ.

මයෙ කොල්ලනේ… දැන් මං කියාපු මේ හැම විත්තියක් ම පිරිනිවන් ඇඳේ සැතපී හුන් අපේ බුදුරජාණන් වහන්සේගේ දිව්‍ය නේත්තරේට අගේට පෙන්නුම් කොළා. එතකොට උන්නාන්සේ සැක්‍ර දේවේන්දරයාට කතා කොළා.

“දිව්‍යරාජයෝ… මේ අහපන්…. මහා සයුරේ නීල දිය කඳින් වට කොරාපු රම්‍ය වූ ‘ලංකා’ දිවයිනේ තමයි මයෙ සෑසනේ පිහිටන්නේ. ඕං අද ඒ රටට විජේ නමින් රාජ කුමාරයෙක් පිරිවරත් එක්ක ගොඩ බහිනවා. තෝ උන්ව රකින්ට ඕනෑ හොඳේ” කියාලා අණාඥා කොළා. සැක්‍ර දේවතාවෝ කී හැටියේ ම බුදු අණට හිස නැමුවා.

ඕං… කොල්ලනේ… අසා ගත්තා නේ ද! බොලාගේ හද ගොබේ ඔය කාරණේ හොඳ හැටියට තැන්පත් කොරගං. ආන්න එහෙමයි කොල්ලනේ අපේ සිංහල රාජ පරම්පරාව පටන් ගත්තේ. බොලාට මතකෙයි මං කීවා දඹදිව් කියලා රටක් ගැන? ඒ රාජ්ජේ එවුන්ට එහෙ ඉඩ මදි. කන්ට බොන්ටත් ඒ හැටි නෑ. ඒ දඹදිව් රටේ පහළ කොටහේ ඉන්නේ දෙමෙල්ලු. ඒකුන් එහෙ හිටියාට බැල්ම හෙලාන ඉන්නේ ලංකාවට. එක් වතාවක් සොළියෙක් කඩා වැදුණා. ඒකා අනුරාජපුරේ රජවුණා. හතළිස් හතර හවුරුද්දක් ඒ රට කෑවා. මයෙ කොල්ලනේ… ඒ කාලේ රහතුන්ගෙන් ඒ රට දිලිසෙනවා. ඒ කිව්වේ පැටව්නේ, බුද්ධ සෑසනේ දිලිසෙනවා! ආන්න ඒ වාසනාවට තමයි දුටුගැමුණු කියන මහා නරපතියා පහළ වුණේ. ඒ උත්තමයා සෑසනෙයි, රටයි දෙක ම බේරාගත්තා.

හැබැයි කොල්ලනේ දඹදිව් හිටං දෙමෙල්ලු බලාන හිටියේ සිංහලයන්ට හදි කටින්ට ම යි. දෙමෙල්ලු කීවොත් කියන්නේ ම බේගල්. ඒ සිඟිති ලංකාවේ කොටහක් ඒකුන්ටත් අයිති ලු. හනේ බොලව්…. මොට දෑ ඉතිං මයෙ කට…. ඉතිං කොල්ලනේ ආයෙමත් වතාවක් කාලිංග කියා තව දෙමළෙක් උගේ හැතිකරයත් එක්ක ඒ රටට කඩා පැන්නා. උක් දණ්ඬේ සාරේ උරන්නැහේ ඒකා විසි එක් හවුරුද්දක් රජ කොරලා ඇතිපදමට මංකොල්ලේ කොළා. ඒ පාර තමයි සිංහල පරම්පරාවට උරුම වෙච්චි මහා හාස්කම් නැති වුණේ. ඇයි… ඒකා ඒවා නැති කොළා නොවැ. ඒ කියන්නේ කොල්ලනේ, ඒ කාලේ සිංහලයෝ හෑම සිල්ප සෑස්තරයක් ගැන ම පුස්කොළ පොතේ ලිව්වා. ගුරු කුලේ ඉගැන්නුවා. චාරිත්තර – වාරිත්තර කියා දුන්නා. ඉස්ට දේවතාවුන්නේ බලේ පිහිටා තිබ්බා. ඒ ඔක්කෝම ඒකා නැති කොළා නොවැ. ඒ රටේ වාසනාවට විජේබාහු කියා නරපතියෙක් රුහුණෙන් පහළ වුණා. ඒ උත්තමයා ඒ ඉලව්වෙනුත් අර ලස්සන රට බේරාගත්තා.

අනේ මයෙ කොල්ලනේ… ලංකා රටත් හරියට සංසාරේ වාගේ. සැනසිල්ලේ ඉන්ට නෑ. මොකාක් හරි මරාලයක් පාත් වෙනවා. ඕං බොලව්. ඊට පස්සේ තව හැතිකරයක් ඒරොප්පෙන් පාත් වුණා. ඒ කාලේ ඒරොප්පේ එවුන්ට අපට වාගේ කටට රහට කන්ට බොන්ට නෑ. යව හාල් අඹරා ඒ පිටි පුළුස්සාගෙන ‘පාන්’ කියාලා බඩ ගෙඩි පිපෙන ජාතියක් ඒකුන් කෑවේ. පිපාසෙට බොන්ට අපට වාගේ තැඹිලි කුරුම්බා නවසි නෑ. ගහක දලු වගයක් වේළාන රතුපාට වෙන්ට තම්බාගෙන ඒ වතුර තමා ‘තේ’ කියාලා බිව්වේ. ‘වැයින්’ බොනවා කියා ඒවා බීවේ. ඕකුං හරි දරුණුයි. පූරුවෙ ආත්මේ අසුරයෝ නොවැ. මනුස්සකං ගෑවිලා නෑ. ඒකුන් හිතේ හැටියට ඒ සිඟිති රටේ මූදු කොරේ මංකොල්ල කෑවා. ඒරොප්පෙන් ඉස්සෙල්ලා ම කඩා පැන්න එවුන්ට කියන්නේ පුතේ ‘පුරුතු-ගිරිස්’ කියාලා. ලංකා දිවයිනේ රජ්ජුරුවන්ට ඒකුන්නෙන් හරී කරදර. උන්ව එළවා ගන්ට රජ්ජුරුවෝ මොකදෑ කොළේ ‘ලන්දේ-සිරි’ කියාලා ඒරොප්පෙන් ආ තවත් මංකොල්ලකාර හැත්තක් ඒ රටට වද්දා ගත්තා. ඒකෙන් ලංකා රට තවත් සවුත්තු වණා. ඇයි උනුත් හරි හරියට සුද්දෙ දෑවා නොවැ.

මයෙ කොල්ලනේ… මේ අසාපන්…. ඔය අලංකාර ලංකා රාජ්ජේ දිලිසි දිලිසි බැබළුණේ බුද්ධ සෑසනෙයි, සිංහල ජාතියයි නිසා. අන්තිමේ දි ඒ දෙකට ම යි හෙනහුරා කෙටුවේ! දෙමළ රටෙන් ආ මාගං සෝළිවලට අහුවෙලා පුරාණ සිංහල රාජවංසේ තිබූ තේජස් නැතිවෙලා ගියා. දැන් අන්තිම හෙණෙත් පාත් උනා. ඒ කියන්නේ ’ඉංගි-ලීස්’ කියාලා තව භයානක මංකොල්ලකාර රෑනක් රටට රිංගා ගත්තා. ගිය ගිය තැන සුද්දෙ දාන නිසා ඒකුන්ට කියන්නේ ‘සුද්දෝ’ කියාලා. ඒකුන් හැමෝ ම මේ අපි වාගේ පොළෝතලේ පාට නොවෙයි. තම්බාපු ඉස්සන්නේ පාට. ඒකුන් මිහිතලේට විසයි බොල.

හනේ හපොයි කොල්ලනේ…. දෙදහස් පන්සිය වරුසයක් පුරා මුළු ලෝ තලේට ම බුද්ධ සෑසනේ රැස් දහර ඒ ලස්සන රටින් විහිදි විහිදි ගියේ මාණික්‍යයකින් රස්මිය විහිදෙන්නැහේ. අයියෝ… පිටස්තර හැතිකරේ නිසා… ඒ ලස්සන ලංකා දිවයින අන්ධකාර වෙලා ගියා නොවැ. ඔය සුද්දෝ…. එකසිය තිස්තුන් හවුරුද්දක් ම ඒ ලංකා නැමැති මිහි සිරියාවී අල්ලාගෙන හිතුමනාපෙට විනාස කොළා. ඒ සිරිලක් මිහි සිරියාවීගේ රීරි උරා බිව්වා. සිංහල රාජ වංසේ නැත්තට ම නැති කොළා. බුද්ධ සෑසනේ නැති කොළා. ආයෙ බිහිවෙන්ට රජ පුළුටක්වත් ඉතුරු කොළේ නෑ බොලව්. ආරිය චාරිත්තර සුන්නද්දූලි කොළා.

මේක හොඳ හැටි අහපල්ලා මයෙ කොල්ලනේ…. මහවැලි ගඟින් මෙපිට තැනිතලාවට විහිදී ගිය රුහුණු රාජ්ජේ තමා සිංහලයාගේ බත් ගෙදර. ඒ සරුසාර රට ගිනිබත් කොළා. සිංහල රාජධානි අතුරුදහන් කොළා. දෙමෙල්ලුන්ට දුන්නා. හම්බයන්ට දුන්නා. ඒ සුද්දෝ ඒරොප්පෙට යන්ට කලියෙං උන් වගේ ම ජාතියක් ජම්මයක් නැති මහා වසල හැතිකරයක් ඒ රටේ හදාලා ගියා. ඊට පස්සේ ඒ රටේ එවුන්ට තමුන්නේ සිංහල රාජ පරම්පරාවට ගරහන්ට ඉගැන්නුවා. සිංහල රජපරපුර හෑල්ලු කොළා. රාජ පරම්පරාවට වෛර කොරන්ට ඉගැන්නුවා. සුදු හැතිකරේ යටතේ හවුරුදු එකසිය තිස් තුනක් ම උන්නු නිසා සිංහල රජෙක් යටතේ සිංහලයන්ට ඉන්ට ඇති ආසාව නැත්තට ම නැති කොරලා දැම්මා බොලව්.

ඊට පස්සේ මයෙ කොල්ලනේ, කිසි අංග පුලාවක් නැති ‘පරජා-තන්තර’ කියාලා අමුතු ම තන්තරයක් ඉගැන්නුවා. දැන් ඔය මං කියාපු සිඟිති රට අවුලෙන් අවුලට පත් වුණේ ආන්න ඒ තන්තරේ නිසා. ඒකෙන් කොරන්නේ බොලව් තට්ටු මාරු කරමේට හොරකම් කරන එක. පාලනේ කොරනවා කියාලා කොරන්නේ හොරකම ම යි. ඒ රටේ චන්දේ කියාලා මහා මගෝඩි වැඩක් කොරනවා. සුද්දෝ එවාපු පින්තූර පෙට්ටිවලින් එවුන් විජ්ජා පෙන්නනවා. ඒ පෙට්ටියේ පින්තූර බලාන ඉන්නැද්දි මිනිස්සුන්නේ සිහි විකල් වෙනවා. ඊට පස්සේ උන්ව නටවන්ට බැරි මොකාට ද? හහ්….

ඉතිං කොල්ලනේ…. චන්දෙ කියලා කියන්නේ තමුන් කැමැති එකාට හරි එකීට හරි කතිරේ ගසාපන් කියන එකටලු. ඉතින් එවුන් මිනිස්සුන්ව වසී කොරගන්ට බේගල් ම යි කියන්නේ. ඒකුන්ට ඒරොප්පේ සුද්දෝ ඇති පදං කාසි පනං දෙනවාලු. ‘ඒ කාසිවලින් තොපිට කන්ට බොන්ට නිකං දෙඤ්ඤං. අපේ නමට කතිරේ ගසාපන්’ කියනවාලු. එතකොට සිංහලයෝ ගොන්නු වගේ කතිර ගසාලා පස්සේ ඇටිකෙහෙල් ගිල දමාපු උගුඩුවෝ වගේ ඕං නියෝ නියෝ ඉන්නවාලු…. දැන් බොලා අසාගත්තා නේද…. ඕන්න ඕකයි ඒ රටට වෙච්චි නස්පැත්තිය.

ආ… ඉතිං කොල්ලනේ…. මට තවත් එකක් කියන්ට බැරිවුණා. ඉතිං ඕං… ඒ රටට තවත් මහා භයානක ජංජාලයක් පාත් වුණා. හම්බයෝ කියාලා ජාතියකුත් හොරෙන් හොරෙන් ඇවිත් උන්නා නොවැ. ඒකුනුත් ගිනි සැරේට බෝ වුණා. නිකං, තොප්පි දමාපු කඩිරැළක් වගේ. නීච භූතයෝ හැඩකාර ගැටිස්සියකට බැල්ම හෙලුවා වගේ, ඒකුනුත් හෙමි හෙමිහිට කාටත් නොදැනෙන්ට ඒ රටට දිස්ටි ලෑවා. ඕං දැන් ඒකුනුත් යසට රීරි බොන්ට පටන් අරන්…. හපොයි කොල්ලනේ… දැන් නම් ඒ රටේ සිංහලයන්ට බේරුමක් නෑ බොලල්ලා…! දැන් සිංහල ගැටව්-ගැටිස්සියෝ ඉන්නේ මෝහිනී වැහිලා. කලුකුමාර දිස්ටි වැහිලා. උන්නේ සිහි විකල්. කාම උමතුව හැදිලා. ඇයි අප්පේ නො හැදී තියේ යැ? ඒරොප්පේ සුද්දෝ ඒ රටට ‘කැම්-පුටාරි’ (කොම්පියුටර්) කියලා ජාතියකුයි ‘ලබු-ටොපී’ (ලැප්ටොප්) කියලා ජාතියකුයි ‘ටැලි-පෝනී’ කියාලා හීන් පතුරු ජාතියකුයි එව්වා. ඒවා දැන් හැම එකෙක්ගේ ම මඩිස්සලේ හංගාගෙන ඉන්නේ. ඒවට උන් වසී වෙලා. ඒ පතුරුවල හරී වලත්ත වැඩ පෙන්නනවාලු බොලව්. එතකොට ඒකුන් ඇස් ගෙඩි ලොකු කොරාන, කටින් කෙළ හලාන, තලු මර මර ඒවා බලනවා. ‘පේස්-බොකු’ කියාලා මොකක්දෝ කරමෙකින් එක එකාගේ හිත් මහා හිරිකිත විදිහට පටලෝ ගන්නවාලු. අයියෝ දැන් උන්ට පිස්සු බොලව්! අයියෝ…. දැන් උන්ට රතනත්තරේ අමතකයි! ආහ්!”

“හපොයි කිරිමුත්තේ…. මහා විනාසයක් නොවැ. මේ විපැත්තියේ කොණක් පොටක් බේරන්ට ම බැරි ද?”

“හයියෝ… ඒත්… මයෙ කොල්ලනේ…. මට පෙනිච්චි හැටියට නං එක ම එකක් තියෙනවා බොලව්. උතුම් බුද්ධ සෑසනේට ආලෙ බැන්ද සිංහල නරපතියෙක්… ඔව්… අපේ ම… රජෙක් බිහිකොරගන්ට ම ඕනෑ. එහෙම නො වුණොත් සුං බොලව්. සුනේ සුං!”

“අයියෝ…. ඉතිං බුදු කිරිමුත්තේ….. මේකට අපි මොකාක් හරි කොම්මුකෝ!”

“හොහ්…. වෙන මොකක් කොරන්ට ද බොලව්. සිල් රැකපල්ලා! බුදුන් පුදාපල්ලා! අනුරාජපුරේ පලයල්ලා! ගොහින් අප බුදුන්නේ උත්තම ධාතුන් වහන්සේලා පිහිටි රත්නමාලී මහා සෑ රජ්ජුරුවන්ට මල් පූජා කොරලා වැඳ වැඳ සැක්‍රදේවතාවුන්ට පිං දීපල්ලා! “හනේ…. අපේ සැක්‍රදේවරාජනේ… අපේ උතුම් බුද්ධ සෑසනෙයි, සිංහල ජාතියයි, මේ සිඟිති හැඩකාර ලංකාදීපෙයි බේරාගන්ට ඇහැකි රජෙක් ලබාදෙන්ට” කියා හඬ හඬා කියාපල්ලා!

හප්පේ…. ඒ ලස්සන සිඟිති දිවයිනට වෙන්ට යන සංගෙඩිය පේනකොට පපු කැනැති දනවා බොලව්! සැක්‍රදේවතාවෝ, හනේ අප කෙරෙහි දිවැස් හෙළා මේ විපැත්තියෙන් බේරගන්ට අපට පිහිට වෙලා රජෙක් ලබාදෙන්ට කියලයි මං ඊයේත් ඉල්ලා හිටියේ” කියලා කිරි මුත්තා දෑසින් රූරා හැලෙන කඳුළු, සළුපොටෙන් පිස දමාගෙන කොල්ලන්ට ඇහෙන්ටත් එක්ක මේ කවිය කිව්වා.

හනේ අපේ රට රැකුණොත් සෑයට මල් පුද දෙඤ්ඤං
බෝ රජුන්ට පැන් වඩලා කෙත්වතු සරුකර ගඤ්ඤං
සැක්‍ර දේවරාජයන්ට පුද පඬුරුත් ලැබ දෙඤ්ඤං
අනේ අපට රජෙක් දෙන්ට සාදු නද ගිගුම් දෙඤ්ඤං

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව 11

අනේ මයෙ බුදු අයියණ්ඩි... මට අම්මාටත් තාත්තාටත් ඔයා විතරයි හිටියේ. මේ ඉන්නේ ඔයාගේ බෑණා වන සිඟිත්තෙක්. අනේ නෙළුම් මලක් වගේ ඉන්න මේ දරුවා දිහා බලා මා නොමරා බේරන්ට.” කියා වැඳ වැඳ උන්නා.