ජීවිතයේ අර්බුද අප කරා එන කල්හි එ්වාට මුහුණ දෙනු පිණිස අප ව දිරිමත් කරන්නවුන් ‘කන්දක් සේ නො සැලී සිටින්න’ යැයි කියන අවස්ථා තිබේ. කඳු යනු සවි ශක්තියෙන් යුතු භූමි කලාපයන් ය යනු අපගේ පිළිගැනීම යි. එහෙත් මහ කඳු ද දියාරු වී හිටිහැටියේ කඩා හැළෙන්නේ මිනිස් ජීවිත ද දේපළ ද ඇසිල්ලකින් පැහැර ගනිමිනි.

ගිය වසරේ මීරියබැද්දේ ය. මේ වසරේ අරණායක ය. තව ම මේ වසර ගෙවී අවසන් ව නැති නිසා තවත් මෙවැනි ම පුවත් අපට අසන්නට ලැබෙන්නට ඉඩ තිබේ. අඛණ්ඩ දිය දහරාවන්ගෙන් තෙතබරිත වූ පාංශු ස්තර පහළට රූරා වැටෙන කල්හි සිදු වන්නේ කුමක්ද කියා වත් සිතා ගන්නට නො හැකි වූ මොහොතින් මෙලොව අතහැර යන්නට සිදුවන මී ළඟ තැනැත්තා අප විය හැකි ය.

මුහුදුබඩ ව සිටින විට සුනාමි ව්‍යසන ය. කඳුකරයේ නාය යෑම් ය. එ් දෙක ම නො වූව ද තැන්නේ වුව ද සුළි සුළං, භූමිකම්පා, ටොනාඩෝ ආදිය ඇති විය නො හැක්කේ නො වේ. සම්බුදු නුවණින් අවබෝධ කොට වදාළ පරිද්දෙන් ම මරණයෙන් ගැලවී සිටිය හැකි තැනක් අහසේ හෝ පොළවේ හෝ මුහුදේ හෝ නැත. මරණය අප කරා පැමිණෙන බියකි. කොතැන කෙසේ කවදා වේ දැයි නො දන්නා නමුත් ගෙවී යන සෑම මොහොතක් ම මරණය වෙත අප ව ළං කරනවා මිස ඈත් කරන්නේ නැත.

ආවේ කොහේ සිටදැයි නො දැන, යන්නේ කොහේදැයි ද නො දැන සිටින මේ සත්ව වර්ගයා වෙත ඉපදීම, ජරාවට පත් වීම, රෝග වැළඳීම, මරණයට පත් වීම යන සතර ආකාරයේ බිය පැමිණෙන බව වදාළෝ අපගේ ශාස්තෘන් වහන්සේ ය. එසේ ම එ් සත්ව වර්ගයා ගින්නෙන් ද ජලයෙන් ද රජයෙන් ද සොරුන්ගෙන් ද පැමිණෙන බියට මුහුණ පෑම උරුමයක් කොට සිටින බව උන්වහන්සේ වදාළ සේක. අප මේ අසන්නේ ද දකින්නේ ද අත්විඳින්නේ ද එ් සත්‍යය ම ය.

අප රැුස් කරන සියලූ වස්තු සම්භාරයන් ගින්නට, ජලයට, රජුන්ට, සොරුන්ට පොදු ය. එහෙත් අප දියුණු කරන ප‍්‍රඥව හෝ අප රැුස් කරන පින හෝ ලොව සෙසු දෙයට අසාධාරණ ය. බුද්ධ ශාසනයක පමණක් ම ලොවට හෙළිදරව් වන මේ සත්‍යය දරාගෙන අප කුමට නම් පමා විය යුතු ද? මේ දිවා රැුය ගත වන්නේ අපගේ ආයුෂය ගෙවා දමමිනි. ජලයට, ගින්නට, පස් ටිකකට පමණක් නො ව ජීවත් වීම පිණිස ඉහළට ඇද ගනු ලබන හුස්ම පොදට ම වුව අප ව මරා දමන්නට හැකි ය. එය මී ළඟ මොහොතේ වුව ද සිදු විය හැකි ය.

‘‘කාලය වේගයෙන් ගෙවිලා යනවා. රැය පහන් වෙන්නේ ජීවිතය ගෙවාගෙනයි. ජීවත් වෙන්න තියෙන කාලය ටිකෙන් ටික අහිමි වෙනවා. මරණය අබියස තියෙන ඔය බිය දකින කෙනා, එ් අමා නිවන් සුව ලබන්න කැමැත්තෙන් ලෝකාමිසය අත්හරින්න ඕන.”
(අච්චෙන්ති සූත‍්‍රය – සං. නි.)

මරණය අප ව මුණගැසෙන්නේ කොතැනක කෙසේ කවරදිනෙක වේවා, එවිට අපි අමා නිවන් සුව ලබනු පිණිස මඟට පිළිපන් ශ‍්‍රාවකයන් ව තිර ව සිටින්නෙමු නම් මරණය අපට කුමන විපතක් කරන්න ද? සද්ජනයිනි, එ් දහම් මඟ අපට විවර කළ සද්ධර්ම යාත‍්‍රාවට නොපමා ව ගොඩවෙත්වා! මේ, එතෙරට යන අවසන් නෞකාව ම විය හැකි ය.