අලි ඇතුන්ගෙන් නො හිස් වුණ වන බිම්වල උරුමකරුවන් ලෙසින් ශ්‍රී ලාංකිකයන් ලොව පුරා පිළි ගැනෙනවා. හැබැයි එන්න එන්න ම වනබිම් ප‍්‍රමාණය අඩු වුණ නිසාත්,
වනාන්තර ආශ‍්‍රිතව කෘෂිබිම් සැකසුන නිසාත් නො නවතින අලි – මිනිස් ගැටුමක් බවටයි මේ උරුමය අද වෙනකොට පත් වෙලා තිබෙන්නේ. ලංකාවේ වන ගහනයත්, අලි ගහනයත් ශීඝ‍්‍රයෙන් අඩු වෙලා යන කාලයක් අපට ඇතෙක් ගැන තොරතුරක් ලැබුණා. මේ ඇත් පැටවා ඉන්නේ උඩවලව රක්ෂිතයේ. වයස අවුරුදු පහක් පමණ වුණ ඇත් පැටවා සම දළ සහිත හස්තියෙකු වන බවට ලකුණු තමයි පෙන්නුම් කරන්නේ. උඩවලවේ මේ ඇත් සම්පත ඇස් දෙක වාගේ රැුක ගනිමු කියලයි මාධ්‍ය ඔස්සේ ප‍්‍රකාශ කෙරුණේ. මංගල ලකුණු සහිත මෙවැනි ඇතුන් දකින්නටත් ප‍්‍රියමනාපයි. එවැනි හස්තිරාජයන් තමයි ලෝකයේ වන්දනීය ම වුණ දන්ත ධාතුන් වහන්සේව පිට මත තබාගෙන මහත් තේජසින් වැඩම කරවන්නට වාසනාව ලබන්නේ.

සිවුපා ඇතුන් ගැන අහලා තිබුණට දෙපා ඇතුන් ගැන අහපු මතකයක් ඔබට තිබෙනව ද? අප මුලින් කියපු වන්දනීය ම වුණු දන්ත ධාතුන් වහන්සේගේ ස්පර්ශ වෙමින් ලෝකයට ගලා ආ සම්බුද්ධ භාෂිතයන් හිස් මුදුනින් දරා ගැනීමෙන් තමයි එ් හස්තිරාජයන් බිහි වන්නේ. සියලූ සතුනගේ පා සටහන් ගොනු කළ හැකි ඇත් පියවර වැනි වූ, සද්ධර්මයේ හරය ගොනු වන අප‍්‍රමාදයට එළැඹීමෙන් ම යි නිකෙලෙස් සිතැති දෙපයින් අවසන් වරට මේ පොළව පියමන් කරනා හස්තිරාජයන් උපදින්නේ.

එ් උත්තම හස්තිරාජයන්ට අපගේ නමස්කාරය වේවා!
‘දසහංගේහි සම්පන්නා – මහානාගා සමාහිතා
එ්තේ ඛෝ සෙට්ඨා ලෝකස්මිං – නන්දි තේසං න විජ්ජති’
‘එ් රහතන් වහන්සේලා අංග දහයකින් සමන්විත වන සේක. මහා හස්තිරාජයන් බඳු වන සේක. සමාහිත සිත් ඇති සේක. ලොවෙහි ශ්‍රේෂ්ඨ වූ එ් රහතන් වහන්සේලා සියලූ බන්ධනයෙන් නිදහස් වූ සේක.’|

ධර්මය නම් වූ රන් කරඬුව සිරසෙහි දරාගෙන, මහා හස්තිරාජයන් ව, නිකෙලෙස් සිතින් අප පියමනින්නේ කවදා ද….!