ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ…. ලෝ ප‍්‍රකට පාපන්දු ක‍්‍රීඩකයෙක්. පෘතුගාලයෙන් බිහි වුණ මේ පාපන්දු තරුව තුන් වතාවක් ම ලොව ජනප‍්‍රිය ම කී‍්‍රඩාව තුළ බිහි වුණ ‘වසරේ ක‍්‍රීඩකයා’ සම්මානය දිනා ගන්නට සමත් වුණා. තරු විලාසිතා ප‍්‍රිය කරන ලෝකවාසීන්ට රොනාල්ඩෝ කියන්නෙත් විලාසිතා උල්පතක්.

වරක් මේ පාපන්දු ක‍්‍රීඩකයා අමුතු ම හැඩයක් එන ලෙස තම කොණ්ඩය සකස් කළා. පැත්තකින් බලන විට ඉංගී‍්‍රසි ඉසඞ් අකුරේ හැඩයට පෙනී යන ලෙස කොණ්ඩය ගා දැමූ ඔහුගේ මේ විලාසිතාව නම් ලෝකය හමුවට ආවේ වෙනස් ආරක නිදාන කථාවක් ඇතිවයි. රොනාල්ඩෝගේ කොණ්ඩය මේ විදිහට සකස් කෙරුණේ මොළයේ පිළිකාවක් නිසා ශල්‍යකර්මයකට බඳුන් වූ දරුවෙකු වෙනුවෙන්. ජීවිතයත්, මරණයත් අතර සටනක හිඳිමින් මොළයේ හටගත් පිළිකාව නිසා අපමණ දුක් වේදනා විඳි එ් කුඩා දරුවාගේ ජීවිතය බේරා ගැනීම පිණිස සිදු කළ යුතු වූ ශල්‍යකර්මය වෙනුවෙන් පිරිවැය දැරුවේ රොනාල්ඩෝ. ඔහු විසින් ලබා දුන් යුරෝ පනස්දහසක මුදල් ආධාරයෙන් පසුවයි එ් සැත්කම සිදු කෙරුණේ. සැත්කමෙන් පසු එ් දරුවාගේ හිසේ සැත්කම් කැළල පිහිටි ආකාරයට අනුවයි රොනාල්ඩෝ මෙසේ තම කොණ්ඩය කපා දැමුවේ.

කරුණාව, චාගී ගුණය ඉස්මතු වන මේ පුවතේ එ් ගුණධර්ම ගැන කථා කිරීම වෙනුවට වෙනස් පැතිකඩක් කථා කිරීම සුදුසුයි කියලා අප සිතුවා. මේ පැතිකඩ තමයි, ලෝකය මේ පුවත හඳුනාගන්නා ස්වභාවය…

පිරිසකට හිතෙන්නට පුළුවන් මේ තමන් මෙවැනි කටයුතුවල යෙදෙන බව ලෝකයට අඬබෙර ගසන්නට ගත් වෑයමක් ලෙස. තව පිරිසකට හිතෙන්නට පුළුවන් මේ මිනිසා කරුණා දයා පෙරදැරි ත්‍යාගශීලී අයෙක් බව. රොනාල්ඩෝ කවර අරමුණකින් මේ දේ කළත් ඔහුගේ සිතේ පහළ වූ එ් උතුම් චිත්ත ප‍්‍රවාහයටත්, එ් හරහා ඔහු සිදු කරන්නට යෙදුනු සත්ක‍්‍රියාවටත් අනුරූප ව මහත් වූ පුණ්‍ය සංස්කාරයන් ඔහු රැුස් කරගෙන අවසන්. එ් ක‍්‍රියාව දැක සතුටු වීම හෝ අසතුටු වීම මත ලෝකය රැුස් කර ගන්නා විපාකයන් වෙනස් වෙනවා. නුගුණ සිතා සිත අපහදවා ගන්නට වගේ ම ගුණය සිතා සතුටට පත්වන්නටත් විභවතාවයන් මේ දේවල තිබෙන නිසා අප ප‍්‍රවේශම් විය යුත්තේ අපුණ්‍ය සංස්කාර රැස් නොවන පරිද්දෙන් අපේ සිතුවිලි හසුරුවා ගැනීමටයි. ගුණ දකිනා සිත තමයි සතුටින් පිබිදෙන්නේ. ගුණ දකිනා විට තමයි ප‍්‍රිය වචනය සුරැකෙන්නේ. ගුණ දකිනා පිරිසක් තුළයි සමඟිය ඇති වන්නේ. බලන්න, ගුණය දකින්නට පුළුවන් සිතක් උපදවා ගැනීම මොන තරම් ලාභයක් ද? එවන් සිතක් ම තමයි නිවන් මෙඟ් ආරම්භයටත්, අවසානයටත් පැමිණෙන්නේ…!