highlights of the week
Home » නුවණ වැඩෙන බෝසත් කථා

නුවණ වැඩෙන බෝසත් කථා

18. මතකභත්ත ජාතකය

එතකොට ඒ බමුණා ගේ ශිෂ්‍ය පිරිස එළුවා වටකරගෙන ප්‍රශ්න කළා. “මිත්‍ර එළුව... ඇයි නුඹ මහා සද්දේට හිනාවෙලා හිට ටික වෙලාවකින් හඬන්න පටන් ගත්තේ?”

Read More »

17. මාලුත ජාතකය

"දවසක් ඔය සිංහයයි කොටියයි අතර වාදයක් හටගත්තා. කොටියා කිව්වෙ චන්ද්‍රයා කළුවර වේගෙන යන කාලෙට සීත වෙනවා කියලයි. සිංහයා කිව්වේ චන්ද්‍රයා ගේ එළිය වැඩිවේගෙන එන කාලෙට සීත වෙනවා කියලයි."

Read More »

16. තිපල්ලත්ථමිග ජාතකය

“මේ ජාතක කතාවෙන් නිසි ලෙස ශිල්ප ඉගෙන ගැනීමේ වටිනාකම ඉතාම හොඳින් පෙන්නා දෙනවා. ඕනෑම යහපත් දෙයක් හොඳින් ඉගෙන ගත් විට ඒ තුලින් ඉතා වටිනා ප්‍රයෝජන ලබන්න පුළුවනි.”

Read More »

15. ඛරාදිය ජාතකය

“වැඩිහිටියන්ගේ, ගුරුවරුන්ගේ, ආචාර්ය උපාධ්‍යායන්ගේ අවවාදයට ඇහුම්කන් දීම කියන්නේ ඉතා වටිනා ගුණයක්. ඒ ගුණය අහිමි කරගත් කෙනා ඕනෑම අවස්ථාවක ඕනෑම අකරතැබ්බයකට පත්වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා වැඩිහිටි වූ දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ යහපත් අවවාදයක ඇති උපකාරය තේරුම් ගැනීම ගොඩාක් වැදගත්.”

Read More »

14. වාතමිග ජාතකය

“බලන්න මිත්‍රවරුනි, ඔය වාතමිග වර්ගයේ මුවෙක්. යම් තැනක දී මිනිසෙක් දැක්කොත් හත් දවසක් ඒ පළාතටවත් යන්නෙ නෑ. යම් තැනක දී තර්ජනයට ලක්වුනොත් මුළු ජීවිතේට ම ඒ පැත්තට යන්නෙ නෑ. මේ මුවා එබඳු හුදෙකලා සතෙක්. නමුත් බලන්න. රසයට ගිජුවීම නිසා මෙවැනි තැනකටත් ආවා නොවැ.“

Read More »

13. කණ්ඩින ජාතකය

“අනේ.... ස්වාමීන් වහන්ස..... නුඹවහන්සේ සැවැත් නුවර ම පිරිනිවන් පාවි. මං තමයි අනාථ වුනේ.... මං මෙතෙක් කල් වෙන කසාදයක් කරගත්තෙත් නෑ. මට දැන් සැමියෙකුත් නෑ. සැමියෙක් නැති මේ ගෙදර මං වැඩිකල් ඉන්නෙ නෑ. මං වෙන මිනිහෙක් එක්ක ඈත පළාතකට යනවා...“

Read More »

12. නිග්‍රෝධමිග ජාතකය

“හැබෑට ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ගේ මහාකරුණාව හරි පුදුමයි. අපේ කුමාර කස්සපයන් ගේ මෑණියන් වැරදීමකින් මහණ වුනේ දෙව්දත් පිරිස ළඟ නොවැ. එදා ඇගෙන් කිසිවක් නොවිමසා එළියට බහින්න සිදුවුනා. භාග්‍යවතුන් වහන්සේ කිසිවෙකුට ඇඟිල්ල දික් කරන්න බැරි ලෙස විනයානුකූල විනිශ්චයක් දුන්නා. ඒ නිසා අම්මත් බේරුනා. සිඟිත්තත් බේරුනා.”

Read More »

11. ලක්ඛණමිග ජාතකය

“හරි... මාත් දැන් කැපී පෙනෙන චරිතයක් ඇතිකරගන්න ඕනා. මාත් ඒකපුද්ගල රංගනයක යෙදෙන්නට ඕනා. තනි චරිතයක් ලෙස ප්‍රසිද්ධියක් ඇතිකරගන්නට ඕනා. එතකොට බොහෝ දෙනෙක් මට පැහැදේවි. බොහෝ ලාභසත්කාර උපදීවි. හැබෑට මං මේ වැඬේට ඉස්සෙල්ලාම පහදවා ගන්නේ කාවද....?

Read More »

10. සුඛවිහාරී ජාතකය

“හැබෑට ඇවැත් භද්දිය.... මොකදෑ ඔය හැටි අමුතු සන්තෝසෙකින්. පුදුමාකාර සැපයක් නොවැ... ආශ්චරිය සැපයක් නොවැ කිය කියා හැමතිස්සේ ම මුණු මුණු ගාන්නේ.... ඇයි රජකමවත් මතක් වුනාද? ඒ කාලේ අනුභව කොරාපු රාජභෝජන... සැතපුන රාජ යහන්.... ගමන් කොරාපු අස්ප කරත්ත....ඇඳපු රාජාභරණ මතක් වුනාද?”

Read More »

09. මඛාදේව ජාතකය

“හැබෑට ම ඇවැත්නි.... සාමාන්‍ය මනුෂ්‍යයෙකුට එහෙම දේ කරනවා කියා සිතින් සිතාගන්ටවත් බැහැ. රාහුල සිඟිති කුමාරයා උපන් දවසේ ම ගිහි බන්ධනය සිඳ බිඳ දැම්මා නොවැ. රම්‍ය, සුරම්‍ය, සුභ කියලා තුන් ඍතුවට ම හැදූ මාළිගා දිහා හැරිලාවත් බැලුවේ නැහැ නොවැ. කනකලතාවක් වගේ රූසිරින් බැබලී ගිය රාහුල මාතාවන් දෙස නොබලා විමුක්තිය දෙස බලාන ගියා නොවැ..... එහෙම එඩිතර තීරණයක් ගන්න සාමාන්‍ය මනුෂ්‍යයෙකුට කිසිම හැකියාවක් නෑ.....”

Read More »
Page 1 of 2
1 2