අසුභ භාවනාව නිරන්තරයෙන් පුරුදු කිරීම මහත් වූ අනුසස් ගෙන දෙන්නකි. අසුභ භාවනාව නිවැරදිව වඩන ආකාරය බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී කායානුපස්සනාව යටතේ විස්තර කොට තිබේ. එහි දී භාග්‍යවතුන් වහන්සේ අපගේ මේ ශරීරය කුණප කොටස් 32කට බෙදා වෙන්කොට දක්වා තිබේ. කෙස්, ලොම්, නියපොතු, දත්, සම, මස්, නහරවැල්, ඇට, ඇටමිඳුළු, වකුගඩු, හදවත, අක්මාව, පිත්තාශය, බඩදිව, පෙනහලු, මහා බඩවැල, කුඩා බඩවැල, ආමාශය, අසූචි, මොළය, පිත, සෙම, සැරව, ලේ, දහඩිය, තෙල්මන්ද, කඳුළු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳ මිදුළු, මූත්‍රා ආදි ලෙස වෙන් වෙන් වශයෙන් අසුභ වශයෙන් මෙනෙහි කිරීමයි. මෙහි දී ඒ ඒ කුණප කොටස් වර්ණ, සටහන්, ගන්ධ, පිහිටි අවකාශය වශයෙන් හඳුනාගෙන තිබීම අසුභ සංඥාවට බොහෝ උපකාරී වේ. මේ පිළිබඳ ව වැඩිදුර කරුණු අධ්‍යයනය කිරීම පිණිස ‘සිතට සුවදෙන භාවනා’ නම් වූ ග්‍රන්ථයත්, සතිපට්ඨාන සූත්‍රය තුළ අඩංගු බුද්ධ භාෂිතය සවිස්තරව විස්තර කරමින් රචනා කොට තිබෙන ‘ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ’ නම් වූ ග්‍රන්ථයත් පරිශීලනය කරන්න.
Related Posts
Recent Videos
Recent Posts
-
ලෝකය ගිනිබත් කරන හුළුඅත්ත.May 10, 2024 | විශේෂාංග
-
ජීවිතයට සැබැවින්ම අවශ්‍ය පසුතැවීම ද ? පසුවිපරම ද?May 9, 2024 | විශේෂාංග
-
මේ ආනන්දයන් හට අවසර දෙන්න.May 8, 2024 | විශේෂාංග
-
ලස්සන වීමේ අරුම පුදුම රහසක්.May 7, 2024 | විශේෂාංග
-
මහා ප්‍රජාපතී ගෝතමී මහරහත් තෙරණිය.May 6, 2024 | විශේෂාංග
Recent Comments