මකුළුවන්ට හිංසාවක් නොවන අයුරින් මකුළු දැල් කඩා නිවෙස් පිරිසිදු කිරීම තුළ පාපයක් සිදු නො වේ. භාග්‍යවතුන් වහන්සේ පැවිදි වූ ස්වාමීන් වහන්සේලාටත් කුටි සේනාසන පිරිසිදු කිරීමේදී මකුළු දැල් කඩා ඉවත් කිරීමට අනුදැන වදාරා තිබෙනවා. එහිදී මකුළුවන්ට හිංසාවක් නොවන සේ ඉවත් වී යෑමේ පහසුව පිණිස ඉහළ සිට පහළට හෙමින් මුස්න මෙහෙයවා මකුළු දැල් කඩා ඉවත් කිරීමට භාග්‍යවතුන් වහන්සේ උපදෙස් දී තිබෙනවා. එම නිසා ඒ අයුරින් කටයුතු කිරීම තුළ පාපයක් සිදු නොවන අතර වත් පිළිවෙත් කිරීමේ, පිරිසිදු කිරීමේ පින ද රැස් වෙනවා. පව් සිදුවන්නේ මකුළුවන් මරා දැමීම හෝ ඔවුනට හිංසා පීඩා සිදුකිරීම තුළින්.
අපි නිවෙස් පිරිසිදු කරන විට මකුළු දැල් කඩනවා. එයින් අපිට පවක් සිදු වේ ද?

Recent Comments