බ්‍රහ්මචාරී පංචශීලය සමාදන් වීම ඉතා හොඳ දෙයකි. කාශ්‍යප බුද්ධ ශාසනයේ දී කිකී රජතුමාගේ දියණිවරුන් සත්දෙනා රාජමාලිගයේ වෙසෙමින් පවා පුරා වසර විසිදහසක් බ්රහ්මචාරීව වාසය කළා. ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාවබෝධය ලත් රහත් භික්ෂුණීන් බවට පත්වුණා. බ්‍රහ්මචාරී සීලය ආරක්ෂා කිරීම මහත් ආනිශංසදායකයි. බ්‍රහ්මචාරී සීලය මනාකොට සුපිරිසිදුව ආරක්ෂා කිරීමට නම් කිසිම ආකාරයක ලිංගික කටයුත්තක නොයෙදිය යුතුයි. එමෙන්ම තරුණියක් නම් පිරිමි කෙනෙකුගේ සිරුර රාග සිතින් ස්පර්ශ නොකළ යුතුයි. සරාගීව අසභ්‍ය වචන කථාබස් නොකළ යුතුයි. ඒ වාගේම බ්‍රහ්මචාරී සීලය කිලිටි වන අයුරින් ඉන්ද්රිය අසංවරය ඇතිවන අසභ්‍ය චිත්‍රපට නැරඹීම් ආදියෙන් ද වැළකී සිටිය යුතුයි. මෙලෙස පිරිසිදු බඹසර ජීවිතයක් ගතකරනා කෙනා මහත්වූ පිනක් රැස්කරන අතර නෙක්ඛම්ම සංකල්ප පුරුදු පුහුණු කරමින් ධර්මාවබෝධයට ද පසුබිම සකසා ගන්නවා.
පින්වත් ස්වාමීන් වහන්ස, දිනපතා පන්සිල් සමාදන් වීමේදී, අවිවාහක තරුණියක් වන මා “කාමේසු මිච්ඡාචාරා වේරමණී” සිල්පදය වෙනුවට බ්‍රහ්මචාරී සිල්පදය සමාදන් වීමට පුරුදු වී සිටිමි. එහි වරදක් ඇතිදැයි පහදා දෙන්න.

Recent Comments