ඔබට ප්‍රධාන වශයෙන් ම පාඩම් නොහිටීමට හේතුවී ඇත්තේ “මම පාඩම් කරන කිසි දෙයක් මතක හිටින්නේ නෑ” යන සිතිවිල්ල නිතර නිතර සිතමින් එය ම පෝෂණය වීමයි. යමක් නිතර නිතර විතර්ක කරන විට සිත එයට නතුවන නිසයි එසේ වන්නේ. ඒ නිසා මුලින් ම ඔබ “මට පාඩම් කරගන්න පුළුවන්… ඒවා මතක හිටිනවා” කියා සංකල්පමය වෙනසක් ඇතිකර ගන්න. තෙරුවන් වන්දනා කරන විටදී ප්‍රඥාවෙන් අග්‍ර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේටත්, ධාරණ ශක්තියෙන් අග්‍ර වු ආනන්ද මහරහතන් වහන්සේටත්, ගුණ මෙනෙහිකොට වන්දනා මාන කරන්න. සංගාරව නම් සුත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ වදාළේ පාඩම් නොසිටීමටත්, පාඩම් කළ දේ අමතක වීමටත් හේතුව කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන නීවරණ පහ බවයි. එම නිසා ඒවා වැඩෙන ආකාරයට පරිගණක, ජංගම දුරකථන ආදිය අවභාවිතා වීම වළක්වා ගන්න. එමෙන්ම තෙරුවන් වන්දනා කිරීම, පිරිත් කීම, බුද්ධානුස්සතිය, මෛත්‍රිය වැනි භාවනාවන් ප්‍රගුණ කිරීම දිනපතා සිදුකරන්න. එවිට නීවරණ සන්සිඳී ගොස් මතක ශක්තිය හොඳින් දියුණු වේවි.
පින්වත් ස්වාමීන් වහන්ස, මම පාඩම් කරන කිසි දෙයක් මතක හිටින්නේ නෑ, ඒ වගේම පාඩම් කරන්න හිතෙන්නේ නෑ. මට මතක ශක්තිය දියුණු කරගන්න ක්‍රමයක් කියාදෙන්න.

Recent Comments