රාජ්‍ය පාලකයින්ට සම්මා දිට්ඨිය ඇතිවීමට නම් පළමුවෙන් ම රාජ්‍ය පාලනයට අනුශාසනා කරන භික්ෂූන් තුළ සම්මා දිට්ඨිය ඇතිවිය යුතුයි. පැහැදිලිව ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වටිනාකමත්, මේ ධර්මය නිසා මිනිසුන්ට ලැබෙන යහපත ගැනත් හෘදසාක්ෂියට එකඟව රාජ්‍ය නායකයින්ට පවසා ඔවුන් තුළ ශ්‍රද්ධාව ඇති කරවීමට පාලකයින්ට අනුශාසනා කරන භික්ෂූන් දක්ෂ විය යුතුයි. ඒ වගේම භික්ෂූන් වහන්සේලාත් රාජ්‍ය පාලනයෙන් ගෞරව ලැබෙන ආකාරයට ශාසනික චර්යාව තුළ පිරිසිදුව සිටිය යුතුයි.

ඔවුනොවුන් සිල්වත්ව, පිරිසිදුව සිටින විට බුදු සසුන රැකීමේ බලවත් ආශාවක් පාලකයින් තුළ ඇති වෙනවා. එවිට ඔවුන් ඉතාම ශ්‍රද්ධා සම්පන්නව ධර්ම මාර්ගයට අවතීර්ණ වෙනවා. අන්න එහෙම වුනොත් තමයි අන්‍යාගමික මිථ්‍යා දෘෂ්ටික බලවේග දුරුකරමින් නැවතත් ධර්මයෙන් බබළන ශ්‍රී ලංකාවක් ඇතිකරගැනීමට රාජ්‍ය පාලකයින්ගේ උදව් උපකාර ලබාගැනීමට පුළුවන් වෙන්නෙ.