හැමදාම හොඳටම බිස්නස් තියෙන කඩයක් කරන හැටි දැනගන්න ඕන නම්, මගේ කඬේ කරන මේ වගේ දේවල් කරලා බලන්න.

1. කඬේ නියමිත වේලාවට ම අරිනවා.

2. ඒ උනාට වහන වෙලාව පාරිභෝගික අවශ්‍යතාව මත තීරණය කරනවා. සෙනඟ වැඩි දවසක් නම් ටිකක් හවස් වෙනකම් ඉන්නවා.

3. කඬේ ළඟ වාහන නතර කරගන්න ඉඩ පහසුකම් සලසනවා.

4. කඬේට එන ඕනම පාරිභෝගිකයෙකුට මැඩම්, සර්, මිස් කියලා හිත හැදෙන්න හොඳට කතා කරන්න පුළුවන් ලොකුකම් නැති සේවකයන් පමණක් රස්සාවට ගන්නවා.

5. එහෙම කඬේට එන පුද්ගලයා ගන්න හොයන දේ වෙනුවෙන් මුළු කඬේ ම වුනත් අවුස්සලා හොයලා දීලා මොනවා හරි දෙයක් කොහොම හරි විකුණනවා.

6. අයිතිකාරයා මං කියලා ඒ සී රූම් එක අස්සට වෙලා ඉන්නෙ නැතුව පාරිභෝගිකයා එක්ක සුහදව කතා කරලා හිතවත්කමක් ගොඩ නගා ගන්නවා.

7. පාරිභෝගිකයාට අඩුම ගානේ බොන්න වතුර ටිකක්වත් තියලා තියනවා උණුවතුර ටිකකුත් එක්ක ම.

8. දෙමාපියන් බඩු ගන්නකම් පොඩි දරුවෙකුට අම්මා තාත්තා නැතුව සෙල්ලම් කරන්න පුළුවන් පුංචි ඉඩක් හරි හදලා තියනවා.

9. මගේ කඬේ සේවකයෝ කොහොම වුණත් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය ගැන මං පුද්ගලිකව හොයලා බලනවා.

10. එක දවසක් ආපු පාරිභෝගිකයා ඊළඟ දවසේ ආයෙත් මගේ කඬේට ම ගෙන්න ගන්න පුළුවන් විදිහට ඔහුට සාධාරණ මිලකට භාණ්ඩ ලබා දෙනවා.

11. පාරිභෝගික විශ්වාසය දිනාගන්න අදාල භාණ්ඩය හදපු රට මොකක්ද කියලා ඇත්ත ම කියනවා.

12. ඔහුට ලකුණු කරන ලද මිලෙන් යම් ප්‍රතිශතයක් වට්ටමක් විදිහට අඩු කරලා (ඩිස්කවුන්ට්) දෙනවා.

13. පාරිභෝගිකයා ඉල්ලන දේ මගේ කඬේ තිබුණේ නැත්නම් පාරිභෝගිකයා වෙන කඬේකට යවන්නෙ නැතිව මගේ ගෝලයෙක් යවලා ගෙනත් දෙනවා.

14. ඉතිරි සල්ලි දෙනකොට ටොපි චොකලට් එහෙම අපේ මුදල් ඒකක විදිහට භාවිතා නොකර නියම සල්ලිවලින් ම ආපසු ඉතිරිය දෙනවා.

15. ගත්ත බඩු ටික සේවකයෙකු ලවා මුදල් ගෙවන තැනට ගෙනිහින් දීලා පාරිභෝගිකයාට සහාය වෙනවා.

16. නිතර කඬේට එන ගනුදෙනුකරුවෙක් මුදල් මාරු කරගන්න ආවොත් එකපාරට ම ‘නැහ්’ කියන්නෙ නැතුව තියෙනවා නම් කොහොමහරි මාරු කරලා දෙනවා.

17. පාරිභෝගිකයාගෙන් “ඔබතුමා කොහෙද වැඩ කරන්නෙ?” කියලා අහන ගමන් එයාව පොඩි කතාවකට අල්ල ගන්නවා.

18. බොස් විදිහට මගේ විසිටින් කාඞ් එකක් දෙනවා. එයාගෙ කාඞ් එකකුත් ඉල්ල ගන්නවා.

19. සේවකයින්ට ටිකක් හොඳට හඳුන්වලා දෙනවා මේ විදිහට. “පුතා මේ සර්, මැඩම්, මිස් ආයෙ ආවොත් හොඳට හොයලා බලන්න. මොකද මේ සර්, මැඩම්, මිස් අපිට ඕන වෙනවා. වටින කෙනෙක්” කියලා.

20. අපේ කඬේ සේවකයෝ තේ බොන වෙලාවෙ නම්, මං බොස් විදිහට අපේ සේවකයෙකුට කතා කරලා කියනවා ඒ මා එක්ක කතා කර කර ඉන්න පාරිභෝගිකයාටත් තේ එකක් ගේන්න කියලා.

21. කඬේ නැති දෙයක් ඉල්ලුවොත් මේ දවස්වල මාකට් එකේ නැත්නම් ඒක කියලා ෂේප් වෙලා සර්, මැඩම්, මිස් මං ඒවා ගෙනාපු ගමන් ඔයාට කියන්නම් කියලා ෆෝන් අංකය ඉල්ල ගන්නවා.

22. ඒක වෙන ම පොතක ලියලා තියාගෙන බඩු ආපු ගමන් කෝල් කරලා එන්න කියල ඒක එයාට ම විකුණනවා.

23. ඕන වෙලාවක පාරිභෝගිකයෙක් සේවකයෙක් එක්ක ගැටලුවක් ඇති කරගත්තොත් මං පාරිභෝගිකයා වැරදි උනත් එයාගෙ පැත්ත ගන්නවා.

24. එහෙම කරලා වරද පාරිභෝගිකයා පිට පටවන්න නැතුව, මගේ සේවකයා හෝ, මං හෝ වරද කළා කියලා හිතාගෙන වැඬේ ෂේප් කරගෙන පාරිභෝගිකයාව රැක ගන්නවා.

25. එහෙම කරන ගමන් සේවකයන්ට කලින් ම කියලා තියනවා, “පාරිභෝගිකයා ඉස්සරහ ඔයාලාට මං ටිකක් තදින් කතා කළාට ඔයාලා ගණන් ගන්න එපා. මං දන්නවා ඔයාලා වැරදි නෑ කියලා. ඒ උනාට මං ඒක එහෙම කිව්වොත් අපිට නැති වෙන්නේ සල්ලි දෙන්න ආපු පාරිභෝගිකයෙක්” කියලා.

26. සමහර පාරිභෝගිකයෝ කවදාවත් ඒ අයගෙ වැරැද්ද පිළිගන්න කැමති ම නෑ. ඒ වෙලාවට එයත් එක්ක තර්ක කර කර කඬේට ආපු තව පාරිභෝගිකයින්ට මේ ටික පෙන්නලා අපේ රෙදි එළිපිට ගලව ගන්න හොඳම නෑ.

27. ක්‍ඹීඔධඵෑඍ ෂී ධඹඍ ණෂභඨ (පාරිභෝගිකයා තමා අපේ රජා), එහෙම නැතුව ක්‍ඹීඔධඵෑඍ ෂී ධඹඍ ‘නොදකිං’ නම් නෙමේ කියලා සේවකයින්ට හොඳට ම කියලා දෙනවා.

28. අපේ කඩෙන් ගත්ත බඩුවක් නම් ආපහු සල්ලි දෙන්නෙ නෑ, දවස් තුනෙන් පස්සේ මාරු කරන්නෙ නෑ වගේ ගොන් කතා මං නම් කියන්නෙ නෑ.

29. ඒ ආපු අයට “ඔබතුමාට ඕන නම් සල්ලි ආපහු දෙන්නම් කියලා දෙන්න වගේ පෙන්නලා දෙන්නෙත් නැතුව, ඒකෙම අලුත් ම එක ඊයෙ ආවා” කියලා, ඒ අලුත් එක දීලා තව කීයක් හරි වැඩිපුර අරගන්නත් මට නම් පුලුවන්.

30. හැකියාවක් තියෙනවා නම් වොෂ් රූම් එකක් හදනවා පාරිභෝගිකයන් වෙනුවෙන්. (ඒක පාවිච්චි කරනවට සල්ලි ගන්නෙ නෑ)

31. ගත්ත බඩුවලට සල්ලි ගෙවද්දි පොඩි මුදලක් අඩු වුනාට, බඩු ආපසු ගන්නෙ නැතුව, අනික් දවසෙ ගෙනත් දෙන්න කියලා යවලා පාරිභෝගිකයා රැක ගන්නවා.

32. ලොකුකම් ගැන හිතන්නෙ නැතුව කොයි පාරිභෝගිකයාටත් එක වගේම සලකනවා.

33. වට්ස්ඇප්, වයිබර් වගේ නූතන ක්‍රම භාවිතා කරලා තමන්ට ඕන භාණ්ඩ ලැයිස්තුව කලින් එවන්න කියලා, ඒ ටික දාල තියනවා පාරිභෝගිකයා එනකොට ම. මිලත් ඒ ගමන් ම බලාගන්න දෙනවා කඬේට එන්න කලින් ම.

මේවා කළාම ඔය කොයි මිස්, සර්, මැඩම් වුණත් පිට යන්නෙ නෑ. මං දන්නවා මං ගාවටම එනවා. ඔය අනික් කඩ කොයිතරම් තිබුණත් ඒවට යන්නෙ නෑ. කරලා බලන්නකෝ ඔයත්. කඬේ බිස්නස් කොහොම වැඩි වෙයි ද කියලා.

සටහන – සඳලාල් විජේන්ද්‍ර