1. පළමුවෙන්ම (බුදුන්, දහම්) සරණ ගිය උපාසකයන් අතරින් අග්‍රස්ථානය – තපුස්ස භල්ලික නම් වූ වෙළඳ ව්‍යාපාරිකයන්

2. දායක උපාසකයන් අතරින් අග්‍රස්ථානය – අනාථපිණ්ඩික නම් වූ සුදත්ත ගෘහපතිතුමා

3. ධර්මකථික උපාසකයන් අතරින් අග්‍රස්ථානය – මච්ඡිකාසණ්ඩ නගරවාසී චිත්ත ගෘහපතිතුමා

4. සතර සංග්‍රහ වස්තුවලින් පිරිසට සංග්‍රහ කරන උපාසකයන් අතරින් අග්‍රස්ථානය – හත්ථක ආළවක උපාසකතුමා

5. ප්‍රණීත දේ දන් දෙන උපාසකයන් අතරින් අග්‍රස්ථානය – මහානාම ශාක්‍යයා

6. මනාප වූ කැමැති දේ දන් දෙන උපාසකයන් අතරින් අග්‍රස්ථානය – විශාලා නුවරවාසී උග්ග ගෘහපතිතුමා

7. සංඝයාට උපස්ථාන කරන උපාසකයන් අතරින් අග්‍රස්ථානය – උග්ග ගෘහපතිතුමා

8. අචල පැහැදීමෙන් යුක්ත උපාසකයන් අතරින් අග්‍රස්ථානය – සූර අම්බට්ඨ උපාසකතුමා

9. පුද්ගලික පැහැදීමෙන් යුක්ත උපාසකයන් අතරින් අග්‍රස්ථානය – ජීවක කෝමාරභච්ච වෛද්‍යාචාර්යතුමා

10. විශ්වාසනීය වචන ඇති උපාසකයන් අතරින් අග්‍රස්ථානය – නකුලපිතු ගෘහපතිතුමා