මෙහිදී කළ යුත්තේ ඉවසීම සහ මෛත්‍රිය බහුල වශයෙන් පුරුදුකර ගැනීමයි. සමහර විට එය කර්මානුරූප බලපෑමක් විය හැකි යි. අප කවුරුත් හොඳින් දන්නා රජ්ජුමාලාගේ කථාවේදී ඇය සිය ස්වාමි දියණිය අතින් බොහෝ කායික මානසික වධ හිංසාවන්ට ලක් වුණා.

පෙර ජීවිතයකදී රජ්ජුමාලා ස්වාමි දියණිය ව සිටියදී මේ දිවියේ ස්වාමි දියණිය දාසියක් ව සිටියා. එහිදී ඇයට කළ වධ හිංසාවන් ඒ අයුරින් ම මේ ජීවිතයේදී තමා කරා පැමිණුනා.

ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ “වපුරන දෙයට අනුවයි අස්වැන්න ලැබෙන්නේ” (යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං) කියා කර්මඵල විග්‍රහයේදී එසේ වදාරා තිබෙනවා. රජ්ජුමාලා තිසරණ පන්සිල්හි පිහිටා මෛත්‍රියෙන් කටයුතු කිරීම තුළ එම කර්මානුරූප ප්‍රශ්නය ධර්මානුකූල ව විසඳාගෙන ස්වාමි දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාටත් ධර්ම දායාදය ලබාදුන්නා. ඔබතුමියත් සිදු කළ යුත්තේ තිසරණ පන්සිල්හි පිහිටා මෛත්‍රියෙන් කටයුතු කිරීම යි.