ස්වාමීන් වහන්සේ නමකගෙන් අනිවාර්යයෙන් ම කමටහන් ගතයුතු නෑ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ තියෙන විදිහට ඔබ බුද්ධානුස්සතිය වඩන ආකාරය ඉගෙන ගත්තොත් ඔබට තනියම ගෙදර ඉඳගෙන බුද්ධානුස්සතිය වඩන්න පුළුවන්.
ආනාපානසතිය වඩන ආකාරය බුද්ධ දේශනා තුළින් ඉගෙන ගත්තොත් ඒ විදිහට ආනාපානසතිය කරන්න පුළුවන්. භික්ෂූන් වහන්සේලාගේ ආශ්‍රයක් නැතිව පොත් බලාගෙන භාවනා කරලා චිත්ත සමාධිය ඇතිකර ගත්තු අය අපට මුණගැහිලා තියෙනවා.
ඒගොල්ලෝ කාගෙන්වත් කමටහන් ගැනීමක් කරලා නෑ. ඒ නිසා අනිවාර්යයෙන් ම භික්ෂුවකගෙන් කමටහන් ගන්න ඕන කියල එකක් නෑ. සෙන් සම්ප්‍රදායේ නම් ඒ වගේ ඒවා තියෙනවා. ඒකේ උගන්වන්නේ අනිවාර්යයෙන් ම ශිෂ්‍යයා ගුරුවරයාගෙන් කමටහන් ගන්න ඕන කියලා. තමන් නිවැරදිව බුද්ධ දේශනා ඉගෙන ගත්තොත් තමන්ට හරියාකාරව බණ භාවනා ප්‍රගුණ කරගන්න ඒක විශාල උපකාරයක් වෙනවා.