ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ පහත සඳහන් කරුණු සම්පූර්ණ වීමෙන් බව ධර්මයේ සඳහන් වෙනවා.

  1. පණ ඇති සතෙක් වීම. (පාණෝ)
  2. පණ ඇති බව තමන් දැනගැනීම. (පාණ සඤ්ඤී)
  3. මරණ චේතනාව හෙවත් වධක චිත්තය. (මරණඅධිප්පායස්ස)
  4. මැරීමට උපක්‍රමයක් කිරීම.
  5. ඒ හේතුවෙන් මරණයට පත්වීම.

මේ අනුව මියගිය සතුන්ගේ මස් වර්ග කැපීම හෝ ඒවායින් ආහාර සෑදීම තුළින් පවක් රැස් නො වේ.