korea

නමෝ බුද්ධාය!

නැගෙනහිර ආසියාවේ අප ගුරුදේවෝත්තම කළ්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පුර්ණ ආශීර්වාදයෙන් සහ අවවාද අනුශාසනා මත දකුණු කොරියාවේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා මහමෙව්නාව භාවනා අසපු ශාඛාවක් ආරම්භ කරන ලදි. ඒ මීට වසර 2 කට පෙර එනම් 2014 මැයි මස 11 දිනදීය. දකුණු කොරියාවේ ප්‍රධානතම නගරයක් වන අන්සාන් නගරය ආසන්නයේ වොල්ෆිදොන් නම් ප්‍රදේශයේ අසපුව පිහිටියේය. ඒ වටා එක්වී සිටින පින්වත් ශ්‍රාවක දරුවන්ගේද පින්වත් ස්වාමීන් වහන්සේලාගේ උත්සාහය සහ කැපවීම මත දිනෙන් දින දියුණුව කරා යන්නට විය. මේ වන විට දකුණු කොරියාවේ ප්‍රධාන නගර ගණනාවක සීල භාවනා වැඩසටහන්, නොයෙක් පින්කම් ආදිය සිදු කරමින්, ශ්‍රී ලාංකීක මෙන්ම කොරියානු ජාතික පින්වතුන්ගේද ජිවිත වලට අප්‍රමාණ යහපත සිදු කරමින් සිටිති. අසපුව ආරම්භ කල ස්ථානය නගරයෙන් තරමක් දුරින් පිහිටි නිසාත්, ඉඩකඩ පහසුකම් ප්‍රමාණත්මක නොවන නිසාත්, අන්සාන් නගර මධ්‍යයේ මෙම අසපුව අභිනවයෙන් ස්ථාපිත කිරීමට බලාපොත්තුවෙන් සිටි.

ගෞරවනීය, පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ කාරුණික ආශීර්වාදයෙන් ඉදිකරන මෙම භාවනා අසපුව මහල් 2 කින් යුක්තය, අසියාවේ විශාලම කර්මාන්ත පුරය මෙම නගරය ඇසුරු කරගෙන පවතින හෙයින් ශ්‍රී ලාංකීකයන් විශාල පිරිසක් සේවයේ නියුක්තව සිටිති. ඔවුන් සියලු දෙනාට සහ අනෙකුක් ප්‍රදේශවල සිටින පින්වතුන්ට පහසුවෙන් ලගාවිය හැකි බැවින් සියලු දෙනාට ගෞතම සසුනේ රැකවරණය සලසා ගැනිමේ භාග්‍ය උදාවේවායි අපේ පැතුමයි.

දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකීක මෙන්ම කොරියානු ජාතික පින්වතුන්ට, මේ අසපුව ඇසුරේ ධර්මය හදාරා පිං රැස්කර ගෞතම බුදු සසුනේ රැකවරණය සලසා ගන්නට දුර්ලභ වු භාග්‍ය උදාවේවා.

සියලු දෙනාට තෙරුවන් සරණයි.