highlights of the week

අතක් පයක් නො හොල්වා එක ම තැනකට වෙලා ඉන්න සිද්ධ වුණොත් එ්ක එ් තරම් පහසු දෙයක් නෙවෙයි නේ ද? හොඳට අත පය හොලවලා, දුවලා පැනලා ඇවිදලා ඉඳලා හිටිහැටියේ එක්තැන් වෙන්න වුණොත් එහෙම ඔබ මොකද කරන්නේ? කරන්න දේවල් ඔබ හිතන අතරේ ඔය විදිහට ම එක්තැන් වෙලා ඉන්න සිදු වීමෙන් මරණය කරා පැමිණි කෙනෙකුගේ පුවතක් අපි ඔබට කියන්නම්.

සාමාන්‍යයෙන් නම් වයසින් වැඩි අය එක්තැන් වුණා ම එ් අයට ඇතිවන සංකූලතා ප‍්‍රමාණය වැඩියි. තරුණ වයසෙ පිරිස් කායිකවත් ශක්තිමත් නිසා තමන්ගේ දුර්වලතාවයන් ඉක්මනින් ම ඉක්මවා යන්නට ඔවුන් සමත් වනවා. එ්ත් මේ පුවතෙදි මරණයට පත් වුණේ තරුණ දරුවෙක්. කකුල කැඩිලා ඇඳට වන්නට සිදු වූ මේ දාහත් හැවිරිදි රස්ටම් ජීවත් වුණේ රුසියාවේ. සාමාන්‍ය ජීවන රටාවෙන් බැහැර වෙලා එක ම තැනක ඉන්න සිද්ධ වීම නිසා ඔහු වීඩියෝ සෙල්ලම්වලට ඇබ්බැහි වුණා. කාලය ගෙවා ගන්නට හොඳ ම ක‍්‍රමය විදියටයි ඔහු වීඩියෝ සෙල්ලම් එක්ක එකතු වුණේ.

ඔහු අවදියෙන් සිටි සෑම විටක ම වීඩියෝ සෙල්ලමෙහි යෙදෙන ශබ්දය දෙමව්පියන්ට ඇසුණා. දින 22ක් පුරා ඔහු කාමරයෙන් එළියටවත් නො පැමිණ සෙල්ලමේ යෙදුණේ ඔහුට වුවමනා සියලූ ආහාර පාන ඔහු වෙත සැපයුන නිසයි. මෙසේ ඔහු කාමරයේ ම රැඳුන දින 22ක කාලය ගෙවී යද්දී ඔහු වීඩියෝ සෙල්ලම්වල යෙදෙන හඬක් තවදුරටත් කිසිවෙකුට ඇසුණේ නෑ. දිගු කාලයක් පුරා සුපුරුදු ව තිබුණ ශබ්දය නො ඇසෙන නිසා ඔවුන් කාමරයේ ෙදාර විවෘත කොට බැලූවා. එහි දී ඔවුන් දුටුවේ ස්වකීය පුතු කාමරය තුළ ම මරණයට පත් වී ඇති බවයි. ඔහුගේ මරණයට හේතු වී තිබුණේ පාදයේ ඇති වූ ලේ කැටියක් රුධිර සංසරණය පද්ධතියට එක් වී එය හදවතට රුධිරය සපයන නාලයක් අවහිර කිරීම. එවැනි දෙයක් සිදු වන්නේ දිගු කාලයක් පුරා පාද නො සොල්වා එක ම ඉරියව්වේ තබාගෙන සිටින විටයි. සෙල්ලමට ඇබ්බැහි වීම නිසා ම රස්ටම්ට තමන්ගේ පාද වරින් වර සොලවන්නට අමතක වී තිබුණා. ප‍්‍රතිඵලය වුණේ අවාසනාවන්ත මරණයකට ඔහු ගොදුරු වීම.

ඇබ්බැහි වීම් නිසාවෙන් බොහෝ දෙනෙකුට එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය කටයුතු බොහොමයක් මඟ හැරෙනවා. එ් වගේ ම යි මෙවැනි සංකූලතා අධික ව ඇති වනවා. සාමාන්‍යයෙන් සිදු වන්නේ මේ දේ වුණත් අත පය නො සොල්වා එක ම ඉරියව්වේ සත් දිනක් සිටියත් කිසිදු සංකූලතාවයකට ලක් නො වූ පිරිස් ගැනත් ලෝකයේ වාර්තා වනවා. ආහාරපානයක් නැතිව, ශරීර කෘත්‍යයක් සිදු නො කර, ඉරියව්වක පවා වෙනසක් නො කර සත් දිනක් පුරා සිටීමක් ගැන අපට සිතන්නටවත් බැහැ. එසේ කාලය ගත කොට තවදුරටත් ජීවත් ව සිටීමක් ගැන කොහොම සිතන්න ද? එහෙත් ලෝකය ගුණයෙන්, නුවණින් ජය ගත්තු උතුමන් එ් දේ කළා.

ආශ්වාස ප‍්‍රශ්වාස පවා නිරුද්ධ වී ගිය නිරෝධ සමාපත්තියට සමවැදී උන්වහන්සේලා සත් දිනයක් ගත කළේ කිසිදු අපහසුවකින් තොරවයි. එ් සමවත තුළ උන්වහන්සේලා අත්විඳි නිරාමිස සැපය අපට සිතීම් මාත‍්‍රයකින් වත් තේරුම් ගන්නට අමාරුයි.

අවස්ථා දෙකේ දී ම තිබෙන්නේ එක්තැන් වීමක්. එක් අවස්ථාවක එක්තැන් වීම මරණීය අවදානමක් බවට පත් වෙලා. අනෙක් තැන එක්තැන් වීම අප‍්‍රමාණ සැපයක් බවට පත් වෙලා. මොකක්ද වෙනස…? ගුණයෙන් වැඞී ගිය වෘද්ධගුණැති මිනිසුන්ගේ එක්තැන් වීම කිසිදු විටෙක වෙහෙසක්, පීඩාවක් වන්නේ නැහැ. එයයි වෙනස…!

එක්තැන් වෙනවා නම්, ගුණයෙන් නැණයෙන් පිරෙමිනුයි එක්තැන් විය යුත්තේ. එසේ එක්තැන් වෙන කෙනෙකුට ලෝකයෙන් යමක් ලැබුණත්, නො ලැබුණත් එහි වෙනසක් නැහැ. ලෝකය නින්දා කළත්, ප‍්‍රශංසා කළත් එහි ද වෙනසක් නැහැ. නො සැලී, අකම්පිත සිත් ඇති ව, සියලූ ලෝකවලින් මිදුනු සිත් ඇති ව, ලෝකයා සමඟ වෙසෙමින් ලෝකයට නො ඇලී ඔවුන් ලෝකයෙන් එතෙර වෙනවා. එවන් සොඳුරු ගුණවත්කමටයි අප කැමති විය යුත්තේ…!

සාධාරණය, අසාධාරණය වෙනුවට පින, කුසලය සොයා යන ගමනකට අප කැමති වුණොත් මේ ලෝකයට නො ගැටී සුවපහසුවෙන් දිවි ගෙවන්නට අපට ඉඩ විවර වෙනවා. වරද දැක ලෝකයට දොස් නගනවා වෙනුවට වැරදි විය හැකි ඉඩ අප තුළින් බැහැර කරලන ප‍්‍රතිපදාවකුයි අප අනුගමනය කරන ධර්මය තුළ තිබෙන්නේ. එවන් ප‍්‍රතිපදාවක හික්මෙන කෙනෙකුට ලෝකය තුළ තිබෙන්නේ ඇලෙන්න දේවල්වත්, ගැටෙන්න දේවල්වත්, මුළාවට පත් වන්න දේවල්වත් නෙවෙයි. ඔවුන් එ් තුළත් ධර්මය ම දකිනවා. ධර්මය ම දියුණු කරනවා. දුෂ්කර ව නමුත් සුන්දර ධර්මයේ ම හැසිරෙනවා. අටලෝ දහමට නො සැලෙන සිත් ඇති එ් පිරිස් අවචනීය වූ, අනුත්තරීය වූ එ් උතුම් නිර්වාණ සැපය සාක්ෂාත් කරනවා. සියලූ දුක් නිවන කෙම්බිමට ම පිවිසෙනවා. පෙනෙනවා නේ ද? එ් ක්ෂේමභූමිය තිබෙන්නේ අපට එ් තරම් දුරකින් නො වෙයි. කලණ මිතුරන් මුණගැසනු මේ සුපින්බර යුගයේ අපි සිහිනුවණින් යුතුව ධර්මයේ ම හැසිරෙමු…!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

මළගිය උදවිය අපේ ජීවිතවලට සම්බන්ධ ...