yowun-sadaham-sakmana

යොවුන් දහම් සක්මන – ප්‍රථමභාගය

යොවුන් දහම් සක්මන – දෙවනභාගය

– Audio Link –

cd-03-21

– Audio Link –

පෙබරවාරි 14 කිට්ටු වෙනකොට, පාරවල් අයිනේ, ටීවි එකේ, ඉන්ටර්නෙට් එකේ, පත්තරේ ඔයාලට ආදරෙන් කතා කරන අය ඕන තරම් ඉන්නවා නේද? ඔයාලගේ ඇස් රවට්ටලා, ලස්සන රෝස මල්, වයිවරණ සිිහි වටන, බෝනික්කො, ටෙඩිඛෙයාලා දිහාට ඔයාලගෙ සිත ඉබේට ම ඇදිල යන්නේ ඔයාලටත් නො දැනී ම යි. සමහරු සති ගාණක් තිස්සේ මේ දවස සමරන්න ලෑස්ති වෙනවා. මම මෙහෙම කරනවා, අරෙහෙම කරනවා, අරව දෙනවා, මේවා දෙනවා, මට මොනව ලැඛෙයි ද දන්නැහැ, තාම කැමති වුණේ නැහැ…. මේ වගේ සිතිවිලි ගොන්නක්. තමන්ට ම හිතා ගන්න බෑ මේ කොහෙද යන්නේ කියලා. හරියට සුලඟට හසුවුණු පුළුන් රොදක් වගේ.
ඇත්තෙන් ම ඔයාලගෙ මුලාවෙන් ප්‍රයෝජන ගන්නේ මුදලාලිලා විතරයි. එයාලගෙ කපටිකම් වලට අහු වෙන ඔයලා සිතුවිලි වලට ඉඩ දීලා, දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි, සමහරවිට දෙමාපියන්ගේ සල්ලි නිරපරාදේ නාස්ති කරලා දානවා. සමහරු තමන්ගේ වයසටවත් නො ගැලපෙන වැඩ කරනවා. තමන්ගේ ආත්ම ගරුත්වය පවා විනාශ කරගන්නවා. ඒ මොකක් නිසා ද? බටහිර සංස්කෘතිය අපේ ඔළු වලට දාපු කැලැන්ඩරේ එක දවසක් නිසා. ඇත්තෙන් ම මේ මුලාවෙන කවුරුවත් මේ දවසේ අගක් මුලක්වත් දන්නේ නැහැ. අර “ඉබ්බා දියට දානකොට ඇන්නෑවේ“ කිව්වා වගේ. මුලාවෙච්ච සිතුවිලි ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් ගන්නවා විතරයි.
ඇයි ඔයාල මේ තරම් රැවටිලා? අතරමං වෙලා? එක දවසක සතුටක් ලබන්න අනුන්ව පෝසත් කරන්නේ? ජීවිත විනාශ කරගන්නේ? ඔයාලගේ ලස්සන ජීවිත තව ම පටන් ගත්තා විතරයි. හරියට ඉර එළියට පිපෙන්න දඟලන මල් පොහොට්ටු වගේ. ඇයි ඔයාලට මේ තරම් කාලයක් මේ මුළාවෙන් බේරෙන්න බැරි වුණේ. ඒ තරුණ ඔයාලගෙ සිතුවිලි වලට හොඳ මඟ පෙන්වීමක් නො ලැබුණු නිසා. හොඳ මාර්ගයක ගියපු යාහළුවො මුණ ගැහුනෙ නැති නිසා.
මෙච්චර කාලයක් රැවටිලා, මුළා වෙලා, මුදලාලිලා පෝසත් කර කර හැල්මෙ දුවපු ඔයාලගෙ සිත් වලට හරි අපූරු විවේකයක්, මඟ පෙන්වීමක් දෙන්න අපි ලෑස්තියි. පෙබරවාරි 14 කියන ඔයාලා ආසාවෙන් සමරන දවසට විතරක් නෙවෙයි මුළු ජීවිත කාලෙ ම මල් පෙත්තක් වගේ හරි ම සැහැල්ලූවෙන්, නෙළුම් මලක් වගේ පිරිසිදුව, රෝස මලක් වගේ සුවඳ විහිදවන්න පුංචි හරි කැමැත්තක් තියෙනවනම් වගේ ම දුවන්නම් වාලේ අරමුණක් නැතිව රැල්ලට දුවන මේ ජීවිතේ අරුත්බර ඉසව්වකට පියමනින්න, කකුල් දෙකට කිසිම වෙහෙසක් නැති, හිත සනසන, මුළු ජීවිතය ම සැනසිල්ලෙන් ගමන් කරන්න පුළුවන් විදිහ කියාදෙන යොවුන් දහම් සක්මනට තරුණ ඔයාලත් පෙබරවාරි 14 BMICH එකේ දී සවස 02.00 ට එකතු වෙන්න.

අමා නිවන අවබෝධ කරන්ට සිතන කෙනා පාප මිත්‍රයන්ව අත් හරින්ට ඕනෑ. උත්තම පුද්ගලයන්ව සේවනය කරන්නටත් ඕනෑ. ඒ උතුමන් ගේ අවවාදයේ පිහිටා සිටින්නටත් ඕනෑ.මුහුදට වැටිච්ච කෙනා කුඩා දර කැබැල්ලකට නැග ගත්තොත් ගිලෙන්නේ මුහුදෙමයි. අන්න ඒ වගේ කුසීතයා ඇසුරු කරන යහපත් පුද්ගලයත් පිරිහෙනවා. එනිසා හීන වීරිය ඇති කුසීත පුද්ගලයන්ව ආශ්‍රයෙන් ඈත් කළ යුතුයි.තනියම ජීවත්වන, දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරෙන, ධ්‍යාන වඩන, පටන් ගත් වීරිය නිතර පවත්වන උතුමන් ව යි ඇසුරු කළ යුත්තේ.මේ වනාහි ආයුෂ්මත් විමල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.– විමල තෙරුන්ගේ ගාථා –14-logo-set