උපන් දා සිට කළ පව් සෝදා හරිතියි හින්දුවරුන් විසින් අදහනු  ලබන ගංගා-යමුනා දෙනදී තෙර පිහිටි ප‍්‍රයාග නමැති පුණ්‍ය තීර්ථයන් පිළිබඳ ග‍්‍රන්ථාගත තොරතුරු හෙළි කැරෙන මේ ලිපියෙන් එ් පුණ්‍ය තීර්ථයේ වර්තමාන තත්ත්වය ද ඉඳුරා පැහැදිලි කෙරේ.
—————————————————————————

ළුටු වූ වතක් සෝදා පිරිසිදු කරන අයුරින්, මිනිසකු විසින් උපන් දා සිට කරන ලද සියලූ පව් ජලයෙන් සෝදා පිරිසිදු කළ හැකි ය යනු නො ඇදහිය හැකි සේ ම සිනා උපදවන කරුණක් වනු ඇත. මිනිසා විසින් අජටාකාශය පවා ජය ගෙන ඇති මේ නව යුගයෙහිත් මෙවැනි මත අදහන මිනිසුන් මිහිපිට ඇතැයි කීම පුදුමයට කරුණක් නො වන්නේ ද? නැත. පුදුමයට කිසිම හේතුවක් එහි නැත. සතළිස් කෙළකටත් වැඩි ඉන්දීය ජනතාවෙන් වැඩිම පිරිස මේ විශ්වාසයෙන් තරයේ වෙළී සිටිති. මෙහි ඇත්ත නැත්ත ගංගා නදිය අසබඩට යන කාහට වුව ද පසක් වනු ඇත.

දිනපතා මෙන් ම, අවුරුදු පතා විශේෂ අවස්ථාවන්හිත් ගංගා නදියේ ගිලී පව් සෝදා හැර මඟ ඵල ලදවුන් මෙන් සැනසුම් සුසුම් හෙළන හින්දුන් දහස්, ලක්ෂ නොව කෝටි ගණනින් ගිණිය යුතු ය. උසස්, පහත්, දුප්පත්, පෝසත්, උගත්, නූගත්, තරුණ, මහලූ, ගැහැනු, පිරිමි, ගිහි, පැවිදි ඈ සෑම තරාතිරමේ අය ම මේ අතර වෙති. දුර අතීතයේ සිට පැවත එන මේ විශ්වාසය අදත් තහවුරු වෙමින් පවතී.

කවදා කොතැන දී වුව ද, ගංගා නදියේ ජලය හින්දුන්ගේ පව් සෝදා පිරිසිදු කිරීමට සමත් ය. එහෙත් ඊට ම නිසි විශේෂ කාල හා ස්ථාන ද ඇත. එබඳු දිනයක එබඳු තැනක දී නෑමෙන් එම පව් සේදීම සර්ව සම්පූර්ණ වෙයි. හින්දුන්ගේ පත පොත හා ගතානුගතික විශ්වාසයන් අනුව ‘මාඝ’ (නවම්) මාසය හා ‘ප‍්‍රයාග’ තීර්ථය පව් සෝදා පිරිසිදු වීම සඳහා අග‍්‍රගණ්‍ය ය.

ගංගා – යමුනා
කපිල ඉසිවරයාගේ ශාපයක් නිසා පාතාල ලෝකයේ දී අළු ගොඩක් බවට පත් සගර පුතුන් සුරපුර යවන පිණිස භගිරථ රජු විසින් කළ උග‍්‍ර තපසෙහි අනුහසින් ප‍්‍රසාදයට පත් ඊශ්වරයාගේ දළ මඩුල්ලෙහි සිට ගංගා නදිය ගලා ආ බව හින්දු දේවකතාවන්හි සඳහන් වෙයි. එ් කෙසේ වුව ද හිමවත සිට ගලාවුත් බෙංගාල බොක්කෙන් මුහුදට වැටෙන ගංගා නදිය භාරත ශිෂ්ටාචාරය නමැති මුතුහරේ හුය වැන්න. ඉන්දීයයන්ගේ ජීවිතය, ඉතිහාසය, ආගම, කලාව, සාහිත්‍යය, ඈ සෑම අංශයක් කෙරෙහි ම ගංගා නදිය මහත් සේ බල පා ඇත. මෙය පසුබිම් කර ගෙන ගෙතී ඇති හින්දු කතාන්තර රැුස විවිධ ය, විචිත‍්‍ර ය, චමත්කාර ය. එහෙයින් ගංගා නදිය සියලූ භාරතීය නදීන් අබිබවා සිටී. හින්දූහු ඇය දේවත්වයේ ලා වඳිති. පුදති. මව ලෙස සලකා හරසර දක්වති.

මේ හැරුන විට උසස් තැන ලැබෙන්නේ අපේ හෙළ කවියන් ‘කළිඳු’ ගඟ යයි නිතර උවම් පිණිස ඇද ගන්නා යමුනා හෙවත් ‘ජුම්නා’ නදියට ය. හින්දු දේව කථාවන්හි එන පරිදි ඇය යමගේ නැගණියෝ ය. භාරත මාතාවගේ ගෙලෙහි සිට ළය මැදින් කඩා හැලෙන දිමුතු මුතු හරක් සේ හිමව්කුළින් බැස සමුදුරු දේවයා වැළඳ ගනු රිසිනි, රට මැදින් පෙරදිග දෙසට දිව යන ගංගා ලලනාවන්ට අතරමග දී යෙහෙළියක් එක්වෙයි. හින්දු දේව කථාවන්හි ගංගාවනට පමණක් දෙවන තැන ලබන යමුනාවෝ ඕ ය.

සංගමය
ගංගා – යමුනා නමැති නදී සුන්දරියන්ගේ චමත්කාරජනක සංගමය සිදුවන නයනාභිරමණීය ස්ථානය ‘ප‍්‍රයාග’ නමින් හැඳින්වේ. මෙය පිහිටියේ නව භාරතයේ අගනුවර වූ දිල්ලියේ සිට සැතපුම් 391ක් නැගෙනහිරින් හා කල්කටාවේ සිට සැ. 525ක් බටහිරින් ඇති ‘අලහබාද්’ නගරය අබියස ය. බරණැස පිහිටියේ මෙහි සිට සැ. 96ක් පෙරදිගිනි. නූතන උත්තර ප‍්‍රදේශයට අයත් මෙය පුරාණ වත්ස රට සීමාවෙහි පිහිටා ඇත්තේ ය. පැරැුණි වත්ස රටේ අගනුවර වූ කොසඹෑව (කෝසම්බි)ට මෙහි සිට සැතපුම් 34කි. එය පිහිටියේ ද යමුනා තීරයෙහි ය. උතුරු-දකුණු දෙපසින් අවුත් එක් වන මේ දෙගං අතර පිහිටි බිම්කඩ ය අලහබාත් නගරය – හෙවත් ප‍්‍රයාගය.

පෙර ප‍්‍රතිෂ්ඨාන් හා ප‍්‍රයාග නමින් හැඳින්වුණ මේ පුරවරය ඉන්දියාවේ මුස්ලිම් ආධිපත්‍යයෙන් පසු ‘අලහබාද්’ නමින් වහර වන්නට විය. දිව්‍යමය බලමහිමයක් ඇතැයි හින්¥න් විසින් අවිවාදයෙන් පිළිගත් ගංගා-යමුනා නදීන් දෙදෙනා එක් වන මේ ස්ථානය ප‍්‍රයාග, සංගම් හා ත‍්‍රිවේණී යන නම්වලින් හැඳින්වේ. මේ මහා නදීන්ගේ සංගමය නිසා ම මේ තැන මෙන් ම එ් නමත් හින්දු ලෝකයා අතර අමරණීයත්වයට පත්ව ඇත. මෙහි දී නදීන් තුනක සංගමය සිදුවන බවත් ඉන් තුන්වැන්න ලෙස සැලකෙන ‘සරස්වතී’ නදිය අදෘශ්‍යමානව ගලා බස්නා බවත් හින්දු විශ්වාසයයි. මෙතැනට ‘ත‍්‍රිවේණී’ යන නම ලැබී ඇත්තේ එ් හේතුවෙනි.

සොඳුරු සිරි
මඳින් මඳ කළු වලාවන්ගෙන් ගැවසී ගත් අඹරට නැඟුන පුන්සඳ, වලා ගැබෙහි සැඟවී ගිය විට මේකුළු අතරින් කිරි දහරක් මෙන් වැගිරෙන සුෙදා් සුදු සඳ කිරණ සිහියට නංවමින්, කළිඳු (යමුනා) නදියේ නිල්මිණි පැහැති දිය හා ගංගා නදියේ කිරි දහරක් සේ බොර පැහැති දිය දහර හෙමි හෙමින් මුසුව එක් නදියක්ව ඉදිරියට ගලා යන සුන්දර ලීලාව කවරකුගේ නම් නෙත් සිත් නො නළවා ද? සෞන්දර්ය ආස්වාදයෙන් කිති නො කැවෙන්නේ කවර කවියකුගේ හද ද? කාලිදාසාදී මහ කවීන් ද ප‍්‍රයාගයේ මිහිරියාවෙන් උදම් ව රස කවි මී වගුල අයුරු රඝුවංසාදියෙන් පෙනේ.

මේ අබියස මහා යෝධයෙකු මෙන් මහත් තේජස් වී ලීලාවෙන් අඩි 60ක් පමණ උස්ව නැගී සිටින, අක්බාර්ගේ ශෛලමය බලකොටුව, ගංගා යමුනාවන්ගේ සුන්දරත්වයට භීෂණත්වයක් එක් කරයි. උතුරෙන් ආ ආර්යයන් හා දකුණේ සිටි ද්‍රවිඩයන් මුසුව එක්සත් ඉන්දිය ජාතියක් බිහි වූ අයුරු විදහා පාන්නාක් මෙන් උතුරු පසින් එන රන්වන් ගංගාව හා දකුණු පසින් එන නිල්වන් යමුනාව එක්ව මුසුව එක් නදියක් බවට පත් ව සන්සුන් ලෙසින් පෙරදිග දෙසට ඇදීයන්නේ එ් අබියස වම්පසින් පිහිටි අතීතයේ සිට ම උග‍්‍ර තපස් කරන යෝගීන්ට නිවාසයක් වූ ‘ජුෂී’ නම් අසපුවේ නිසසල බවට කරදර නො වන්නට මෙනි. නදී යෙහෙළියන් දෙදෙනා දිය වැල් නමැති කෝමල’ත් පටලවමින් සිප ගනිද්දී සැලෙන ඔවුන්ගේ උතුරු සළු සෙයින් නැගෙන රළ වැටි පිසගෙන හමන සිහිල් මඳ සුළඟ පින් තොටින් පව් සෝදා සිත සැහැල්ලූ කර ගත් බැතිමතුන්ගේ ගත ද සතපාලයි. පසක් ලෙස ම සුරපුර දුටු සේ සොම්නසින් හා බැතිබරින් නැමි නැමී තියු ගී ගය ගයා, රන් රිදී ආදිය මෙන් ම සුවඳ මල් පහන් කුස තණ ඈ පුද උවසර ගඟ දියට විසි කරමින් උපන් දා සිට කරපු පව් මෙන් ම සිතේ ඇති දුක ද ගඟ දියෙහි ම පා කර හැරීමේ දෘඪ විශ්වාසයෙන් දියේ ගිලෙන සැදැහැවත්තු නිසා කෙනෙකුගේ ළයෙහි අනුකම්පාවත්, සිනාවත් එක වරට උපදිති. පව සෝදා හැර පිරිසිදු වූවත් ඊ ළඟට පා නගන්නේ ගං තැන්නේ වළක් කැණ එහි උඩුකුරුව හොවින සේ ඉදිකොට ඇති හින්දුන්ගේ බලයේ දේවතාවා ලෙස සැලකෙන හනුමාගේ පිළිරුව සහිත දෙවොල හා මැරී ඇතත් අක්ෂයවට මන්දිරය නමින් හැඳින්වෙන උමං දෙවොල වෙත ය. මල්දම් රසකැවිලි මුදල් ආදියෙන් හනුමා පුදන ඔවුහු ආශීර්වාදයේ ලකුණක් ලෙස ‘හනුමාගේ රුවෙහි තවරා ඇති සින්දුරම් ටිකක් නළල ගාගෙන අමා ලදවුන් සේ තොස් වෙති.

අනික් හරිය
ප‍්‍රයාග භූමිය ඉහත සඳහන් වුණ නෙත්කළු දැකුම්වලින් මෙන් ම තවත් විවිධ දර්ශනයන්ට ආකරයක් වැන්න. උත්සව සමයක නම් සැතපුම් ගණනක් විශාල ගං තැන්න දහස් ගණන් තණ පැළලි යොදා සෑදූ බැතිමතුන් ලැගුම් ගන්නා පැල්පත් හා වෙළඳහල්, ගිලන් හල්, පන්සල්, දම්හල්, පොලිසී ආදියෙන් නව නගරයක සිරි ගනී. දිය නෑම සඳහා විශේෂ අනුසස් ඇති ලෙස සැලැකෙන දිනයන්හි මුලූ පෙදෙස එක හිස් ගොඩක් බවට පත්වෙයි. එක් පසකින් ලක්ෂ ගණන් ජනයා නාමින් පව් සෝදති. තවත් පසකින් ‘‘රාම් නාම් සත්‍ය හෛ කියමින් රෙදිවල ඔතා උණ ලී දෙකක් මත තබාගෙන එන මළමිනී කූරු ගගා දමමින් එ් අළු ගඟට දමති. එ් අතර උපතින් ම පූජ්‍යයන් යයි හංවඩු ගැසුන, දෙවියන්ගේ නාමයෙන් බඩ වියත රැුක ගන්නා බමුණෝ නා ගොඩ එන්නවුන්ගේ නලළෙහි සඳුන් කල්කයෙන් හෝ වෙන සායමකින් තිලකය තබමින් දේවස්ත්‍රෝත කියා ආ වඩා කීයක් හෝ පඬුරක් ලබා ගනිති. සමහර අය විශේෂ වේද මන්ත‍්‍ර ස්තෝත‍්‍ර ආදියෙන් බමුණන් ලවා ශාන්ති කරවා ගනිති. එ් අතර නන් දෙසින් අවුත් කඳවුරු බැඳ ගත් මහ අනුසස් හා තපෝ ගුණයන්ගෙන් යුක්ත යයි කියන ‘සාධුවරු’ සව්වන් පිරිවරාගෙන මා ඇඟී අසුන් අරා වැඩ හිඳ දෙවියන්ගේ බල මහිමය විදහා පාමින් බණ දෙසති. ‘රාම් නාම්’ මන්ත‍්‍රය ජප කරති. මේ සාධුන් අතර එක ම නූල් පොටක් පවා කයේ නැති නිවටුන් මෙන් ම අඩනිරුවත් අමුඩකාරයන් හා නොයෙක් මාදිලියේ තවුස් ඇදුම් දරන පුදුම අය ද වෙසෙති. මෙහි දී නෙත ගැටෙන දෙයින් ඉතා ම සිත් කකියවන්නේ යාචකයන්ගේ දර්ශන ය. ප‍්‍රයාග භූමිය දෙසට නැමී ගත් සෑම මගක් දෙපස ම එක ම පෙළට ඉදිරිපිටින් රෙදි කඩමලූ එලාගෙන බිම වාඩිවී සිටින නොයෙක් රෝගයන්ගෙන් පෙළෙන හා අරුම පුදුම අංග විකල භාවයන්ගෙන් යුත් යාචක ස්ත‍්‍රී පුරුෂ ළමා ළපැටියන්ගේ පේළිය යාර සිය ගණන් දිග ය. එකිනෙකට ගැටෙන සේ ඔවුන් බිම එළා ගෙන ඇති කඩමලූ රැුස එක ම දිග පාවාඩයක් මෙන් දිස් වේ දෙවියන්ගේ නාමයෙන් ඔවුන් කියන යාදිනි හදවත් උණු කරවන සුලූ ය.

පව් සේදීම සඳහා මෙහි එන සියලූ දෙනාම ඉවුරේ සිට ගඟට බැස නො නාති. බොහෝ අය ඔරුවල නැගී දෙ නදියේ දියවැල් එක් වන තැනට ගොස් නාති. ශුද්ධ ජලය නෑමට එන අය ත‍්‍රිවේණිය මැදට ගෙන යාම පාරම්පරික දිවි පෙවෙත කර ගත් තොටියෝ මෙහි දහස් ගණනක් පමණ වෙති. ඔවුන් ගං ඉවුරට පා තබනවුන් වට කර ගන්නේ මී මැස්සන් රැුළක් සේ ය. ඔවුන්ගෙන් බේරීම ද ඉතා අසීරු කරුණකි. බුරුලක් දුටු තැන කීයක් හෝ වැඩියෙන් කඩා ගැනීම ඔවුනට ජන්මයෙන් ම හිමිව ඇති ගතියක් වැන්න. තුන් අතකට විහිදී ඇති මේ නදී සංගමය මැද එහා මෙහා යන සිය ගණන් ඔරු ද මනනුවන් පිනවන දැකුමකි. ගංගා නදිය හා යමුනා නදිය හරහා වැටී ඇති සොල්දර පාලම් දෙක හා උත්සව සමයන්හි පාරු වැනි විශාල යකඩ පීප්ප මත තැනෙන සැතපුමකටත් වඩා දිග බොරු පාලම්වලින් වැල නො කැඞී එහා මෙහා යන මිනිස් රැුස ද විචිත‍්‍ර දර්ශනයක් මවා පායි.

කඩල, රටකජු, පලතුරු, බුලත් විට, බැලූන්, වළලූ, පොත් පත්, කවි කොළ වෙළෙන්දන්, නයි නටවන්නන්, විජ්ජාකාරයන් ආදින්ගෙන් මෙන් ම විවිධ ප‍්‍රදේශයන්හි විවිධ ගෝත‍්‍රයන්ට අයත් විවිධ හැඩරුව හා විවිධ ඇඳුම් පැලඳුම්වලින් සැරසුන විවිධ බස් ෙදාඩන නන් නන් මිනිස් ජාතීන් ආදි විවිධ දර්ශනයන් නිසා ප‍්‍රයාගයට පැමිණියකුගේ හදවතෙහි ඇඳී යන්නේ සංකීර්ණ චිත‍්‍රයකි.

යටගියාව
හින්දු දේව කතාවන්හි ගංගා යමුනා දෙ නදියට හිමි වී ඇති පූජ්‍ය භාවයත්, එහෙයින් එ් නදීන්ගේ සංගමය සිදුවන ස්ථානය (ප‍්‍රයාගය) හා එ් ස්ථානය සමීපයේ පිහිටි ප‍්‍රයාග (අලහබාද්) නගරයත් ඉතා දිගු කලක සිට ම හින්දු ශුද්ධ භූමියක් – පුණ්‍යතීර්ථයක් වශයෙන් උසස් තැනක් ඉසුලූ බව සිතිය හැකි ය.

එයට මේ තත්ත්වය හිමිවූයේ කෙබඳු අවදියක සිට ද යනු නිශ්චිත වශයෙන් තීරණය කිරීම අපහසු ය. ‘සප්ත සින්ධු’ නමැති පංජාබයේ විසූ මුල් ආර්යයන්ගේ ඍග් වේදයෙහි ප‍්‍රයාගය ගැන සඳහන් නො වීමෙන් පෙනී යන්නේ, ආර්යයන් උතුරු ඉන්දියාවේ අනෙක් දිශාවන්හි පැතිර යාමෙන් පසුව මෙය ශුද්ධ භූමියක් බවට පත් වූ බව ය. ඉන්පසු කාලවල ලියවුණු බ‍්‍රාහ්මණ පුරාණ හා රාමායණ, මහා භාරත ආදි කාව්‍ය ග‍්‍රන්ථයන්හිත් ත‍්‍රිපිටකයෙහිත් ඇතැම් සෙල්ලිපි හා පාහියන්, හියුංසාන් ආදීන්ගේ ගමන් විස්තරවලත් මේ ගැන සඳහන් වී ඇත. කාලිදාස ආදී කවිහු ද මෙය ඉහළින් ම වණති. මුලින් ම මේ ගැන සඳහන් කරන්නේ වාල්මිකීගේ රාමායණ යයි කිය යුතු ය. පියාණන්ගේ නියමය පරිදි වින්ධ්‍ය පර්වතය බලා යන රාම ඇතුළු පිරිස මෙහි දී ‘භාරද්වාජ’ නමැති මහ ඉසිවරයා බැහැ දුටු බව එයින් කියැවේ. අගමැති නේරුතුමාගේ ‘ආනන්ද භවන’ ඉදිරිපිට පිහිට ‘භාරද්වාජ ආශ‍්‍රම’ නම් පැරණි හින්දු දෙවොල එ් ඉසිවරයා විසූ තැන ලෙස සලකා හින්දුහු අදත් පුදපූජා පවත්වති. මෙය ද අලහබාද්හි පිහිටි වැදගත් ඓතිහාසික ස්ථානයකි. ප‍්‍රයාගයේ පව් සේදීමට එන කිසිවෙක් භාරද්වාජ ආශ‍්‍රමය වැඳීමට ද අමතක නො කරති.

ප‍්‍රයාගයේ නැගෙනහිර ඉවුරෙහි පිහිටි ‘ක්ධූංෂී’ නමැති පැරැුණි අසපු බිමෙහි තිබී සොයා ගෙන ඇති මුද්‍රා, මැටි බඳුන්, පිළිම ආදි පුරාවස්තූන් අතර කිතු වසින් පෙර තෙවන සියවසට අයත් දෑ ද තිබීමෙන් එ සමයෙහි ද මෙය ජනාවාසව පැවති බව පෙනී යේ. අන් සියල්ලට ම වඩා ඓතිහාසික වැදගත්කමක් හිමි වන්නේ මෙහි බටහිර ඉවුරේ පිහිටි අක්බාර් බලකොටුව තුළ ඇති ‘අලහබාද් ප‍්‍රශස්ති’ නම් අශෝක කුලූනට ය.

අශෝක – සමුද්‍රගුප්ත යන අධිරාජයන් දෙදෙනාගේ ම සෙල් ලිපි දෙකක් ඇති මෙම කුලූනේ මුල් බිම ප‍්‍රයාග (අලහබාද්) යයි ඉතිහාසඥයෝ නො පිළිගනිති. අශෝක නිරිඳුන් විසින් කොසඹෑ (කොසම්බි) නගරයෙහි පිහිටුවන ලැබූ මෙය පසු කලක අක්බාර් විසින් යමුනා නදිය දිගේ ගෙනවුත් සිය බලකොටුව තුළ පිහිට වූ බව විශ්වාස කරනු ලැබේ. හරිසේන නමැති කවියකු විසින් රචිතව මෙහි කොටා ඇති සමුද්‍ර ගුප්තගේ ශිලා ලිපියෙහි ලංකාව (සිංහල ද්වීපය) ගැන ද සඳහන් වෙයි. එය අටුවා කරන ඉන්දීයයෝ එකල සිංහල රජු ද සමුදු ගුප්තට අවනතව කප්පන් ගෙවූ බව කියති.

මෙම කුලූන පිහිටා ඇති අක්බාර්ගේ බලකොටුව අදත් ඉන්දීය යුද සෙබළුන්ට වාසස්ථානයක්ව පවතී. මෙම බලකොටුවෙන් හා නගරයේ වෙන තැනක ඇති මුස්ලිම් රජ පවුලකට අයත් ශෛලමය මහා සොහොන් ගෙවල්වලිනුත්, පැරැණි නගරය වටා බැඳ තිබුණ ප‍්‍රාකාරයෙන් ඉතුරුව ඇති කොටස්වලින් හා පැරණි මුස්ලිම් ගොඩනැගිලිවලින් හා අලහබාද් යන නමින් ද මෙහි පැවැති මුසලමාන ආධිපත්‍යය පැහැදිලි වේ.

පැරැණි පුරාණයන්හි එන කථා අනුව ප‍්‍රයාගය හෙවත් ප‍්‍රතිෂ්ඨානය චන්දු වංශික රජුන්ගේ මුල් වාසස්ථානය වේ. පුවරුව රජු හා ඌර්වසී නමැති අප්සරාව අතර පේ‍්‍රම බන්ධනය ඇති වූයේ මෙහි දී ය. මෙහි සිට වාරාණසී කණ්‍යා කුබ්ජ හා පංජාබ් ආදි දිශාවන් දක්වා පෞරව (චන්ද්‍ර) වංශිකයන්ගේ පරපුර පැතිරී ගිය බව එකී ග‍්‍රන්ථයන් අනුව කිය හැකි ය.‍

යාග බිම
මේ නගරයට ආගමික වශයෙන් මෙතරම් වැදගත් තැනක් හිමි වී ඇත්තේ මෙහි පවත්වා ඇති වෛදික යාගයන් නිසා ය. බ‍්‍රහ්මයා තෙමේ ම මෙහි බොහෝ වාර ගණනක් යාග පවත්වා ඇතැයි ද එහෙයින් මෙය ප‍්‍රයාගය හෙවත් ‘යාග බිම’ යන නම් ලැබී යයි ද මහා භාරත ‘වන පර්වයේ’ සඳහන් වෙයි.

අග්නි පුරාණය කියන අන්දමට මේ ස්ථානයෙහි වේද හා යාග ජීවමානාකාරයෙන් මූර්තිමත් ව පවතී.

‘‘තත‍්‍ර වෙදාශ්ච යඥශ්ච, මූර්තිමත්තඃ ප‍්‍රයාගකේ” එහෙයින් ප‍්‍රයාගය පිළිබඳ තියු ගී ගයන හෝ එහි ශුද්ධ වූ නාමයන් හඬ නගා කියන හෝ එතැනින් මැටි පිඩක් ගෙන යන මිනිසා එ්කාන්තයෙන් සියලූ පව්වලින් නිදහස ලබයි.

අති පූරාණ සමයේ සිට ම හින්දූන්ගේ ශුද්ධ නුවරක් වශයෙන් ප‍්‍රයාගය ඉහළ ම තැනක් හිමි කරගෙන ඇත්තේ ය. ‘‘තුන් ලොව ම ඇති ශුද්ධ තම හා ශ්‍රේෂ්ඨතම පුණ්‍ය තීර්ථය ප‍්‍රයාගය” යයි මහා භාරතය සඳහන් කරන අතර වෙනත් පැරැුණි ගත් අනුව ද හින්දු තීර්ථස්ථානයන්ගේ අග‍්‍රතම හා අසමාන තැන ලැබෙන්නේ ප‍්‍රයාගයට ය. මෙය බ‍්‍රහ්මයා ඇතුළු දෙවියන් විසින් ආරක්ෂා කරන දිව්‍යමය භූමියක් යයි කුර්ම පුරාණය දක්වයි.

‘‘තන්න බ‍්‍රහ්මාදයො දෙවාඃ, රක්ෂාන් කූර්වන්ති සංගතඃ”

දන්දීම පිළිබඳ ව ද ප‍්‍රයාගය නම් දරයි. මෙහි දී දන් දෙන තැනැත්තා මරණින් මතු එ්කාන්තයෙන් ම සුරපුර යන බව හා සක්විති රජ වන බව අග්නි පුරාණය අවධානයෙන් පවසයි.

‘‘අන්න දානාද්දිවං යාන්ති රාජෙන්ද්‍රෝ ජායතේඩත‍්‍ර ච” මේ නිසා පෙර රජවරු මෙහි දී වෛදික යාග පැවැත්වීමට හා දන් දීමට පෙළඹුන බව පෙනේ. හර්ෂරජ පස් වසරක් පාසා මෙහි දී මහ දන් දුන් බව හියුං සාන් විස්තර කරන අතර ජය පීඩ නම් කාශ්මීර රජ මෙකී දන් දීමට ආ සැටි කල්හාත විසින් සිය රාජතරංගණියෙහි දක්වයි. ප‍්‍රයාගයේ ශුද්ධ වූ සංගමයේ දී යමෙක් ආහාර හෝ රන් රිදී ආදි කවර දෙයක් හෝ පිරිනමා ද මෙලොව පරලොව දෙකෙහි ම ඉන් මහත් විපාක අත් වන බව කුර්ම පුරාණය සඳහන් කරයි. එහෙයින් පෙර මෙන් ම අදත් මෙය හින්දුන්ගේ යාග බිම වී ඇත. ඔවුන් මෙහි දී පවත්වන ඉහළ ම උළෙල ‘කුම්භ මේලාව’ය.

පුදුම විශ්වාසය
ගංගා නදියේ ජලය පිළිබඳ හින්දූන් තුළ මුල් බැසගෙන ඇත්තේ අරුම පුදුම විශ්වාසයකි. මිනිසකු විසින් කරන ලද සියලූ පව් සෝදා හැර පවිත‍්‍ර කිරීමේ ශක්තියක් මේ ජලයෙහි ඇතැයි ඔවුහු එක හෙළා විශ්වාස කරති. පෙර විසූ බමුණන් විසින් ඇති කළ මේ අන්ධ විශ්වාසය මිනිසුන්ට පව් කිරීමට අනුබල දීමකි. මේ මතයට ගැති වූ මෝඩයෝ
‘‘හෝද හෝද මඩේ දමන්නාක් මෙන්” නැවත නැවත වැරදි කරමින් නාති. කවර අන්දමේ අපරාධයක් කිරීමට වුව ද මේ නිසා බිය විය යුතු නො වේ. ගංගාවෙන් නාගත් විට එ් සියලූ පව් සේදී යන හෙයිනි.

සංයුක්ත නිකායේ සූත‍්‍රයක එන පරිදි වරක් මෙසේ පව් සෝදන බමුණකු දුටු බුදුරජාණන් වහන්සේ ඔහු කුමක් කරන්නේදැයි ඇසූ සේක. ‘‘දවල් කළ පව් සවස නෑමෙනුත්, රෑ කළ පව් උදේ නෑමෙනුත් සෝදා හරින බව” බමුණා කී ය. බුදුපියාණෝ ඔහුගේ ක‍්‍රියාවේ නිසරුකම පෙන්වා නෑමෙන් කෙලෙසුන් පිරිසිදු කළ නො හැකි බව පැහැදිලි කර දුන්හ. මජ්ක්‍ධිම නිකායේ ‘වත්ථූපම සුත්ත’ ආදි තවත් තැන්වල ද මෙහි නිසරු බව දැක්වේ. කොතරම් කලක සිට මේ අඳමතය හින්දුන් තුළ මුල් බැසගෙන තිබෙන්නට ඇද්ද යනු මෙයින් පෙනේ.
ප‍්‍රයාගයේ ජලයෙන් ආත්මය පවිත‍්‍ර කර ගත් තැනැත්තා, පරමාත්මය පිළිබඳ තත්ථාවබෝධයක් නැතත් කායික පැවැත්මට නො යේ යයි මහ කවි කාලීදාස සිය රඝුවංසයෙහි දක්වයි. සංගමයේ නෑ තැනැත්තා දෙවියන් අතරට යන බවත් නැවත මිනිසුන් අතර නූපදින බවත් කූර්ම පුරාණය කියයි. විෂ්ණු ධර්මෝත්තර පුරාණයෙහි එන පරිදි ‘‘ගංගා යමුනා නදීන් එක් වත තැන දී, නෑ තැනැත්තා, විශේෂයෙන් ම ‘මාඝ’ මාසයෙහි එහි නෑ තැනැත්තා සියලූ පව්වලින් නිදහස්ව දෙවියන්ගේ දිශාවට යයි”

නො මැරෙන ගස
යමෙකුට සුගතිය හෝ දුගතිය අත්වන්නේ ජීවත්ව සිටිය දී ඔහු කළ හොඳ – නරක අනුව ය. යන තැන, දවස ආදිය එයට උපකාර නො වේ. එහෙත් හින්දු මතය එය නො වේ. යමෙක් ප‍්‍රයාගයේ දී මළොත් එයින් ඔහුට මෝක්ෂය ලැබෙන බව ඔවුහු අදහති. මේ මතය කොතරම් දිගු සමයක සිට හින්දුන්ගේ හදවත් තුළ අරටු බැස ඇද්ද? මේ සම්බන්ධව ඔවුන්ගේ පැරණි පත පොතෙහි එන කරුණුත්, මේ මතය පසුබිම් කොටගත් කතන්දර හා ප‍්‍රයාගයේ දී අවසන් හුස්ම හෙළීම සඳහා ඉන්දියාවේ අට දිගින් ම අවුත් එහි පදිංචිව සිටින මිනිසුන් විශාල සංඛ්‍යාවෙන් ද පැහැදිලි වේ.

‘‘යමෙක් ප‍්‍රයාගයේ (අලහබාද්හි) වාසය කෙරේ නම් රාහුගෙන් මිදෙන සඳ මෙන් හේ පව්වලින් මිදේ” යයි පද්ම පුරාණය කියයි. කූර්ම පුරාණය දක්වන අන්දමට මෙහි සිය නිවස තනා ගෙන ඉන්නා තැනැත්තේ පරලොව ගිය මුතුන් මිත්තන්ගේ හා තමන්ගේ ද සියලූ පව් වනසා ඔවුන්ට මෙන් තමන්ටත් සෙත සලසයි. ප‍්‍රයාගයේ දී මිය යන්නා තමන්ගේ සියලූ මනෝරථයන් මුදුන් පත්කර ගන්නා බව එය වැඩි දුරටත් පවසයි.

මේ පුදුම ඇදහීම් කොතරම් ජනප‍්‍රිය වී ද යත් කෙළින් ම සුරපුර වදිනු රිසි අය දියේ ගිලීමෙන්, ගින්නට පැනීමෙන් හෝ පෙර මෙහි වී යයි කියන ‘අක්ෂයවට’ – නො නැසෙන ගස උඩ සිට බිමට පැනීමෙන් සිය දිවි නසා ගැනීම් ඉතා සුලභ දර්ශනයක්ව පැවති බව හියුං සාන්, අබුල් කධිර් ආදි දේශාටකයන්ගේ වාර්තාවලින් හා පුරාණ ග‍්‍රන්ථයන්ගෙන් ද පෙනේ. තමන් එහි එද්දී අක්ෂයවටය යට පණ නසා ගත් මිනිසුන්ගේ ඇට ගොඩගැසී තිබුණ බව හියුං සාන් කියයි.

කුමාර ගුප්ත, ධන්ග, ගංගෙය දේව, රාමපාල, චාලක්‍ය අහව මල්ල ආදි පැරැුණි භාරතීය රජුන් පවා සුරපුර යනු පිණිස මෙහි පැමිණ දිවි නසා ගත් බව ප‍්‍රකට ය. සුප‍්‍රකට හින්දුවාදියෙක් වූ ශංකරාචාර්යයන් පවා ගංගා නදියට පැන මළ බව කියති.

හින්දුන්ගේ පොත පතෙහි මෙසේ දිවි නසා ගැනීම උසස් ම පින්කමක් ලෙස වනා ඇත. අක්ෂයවටයෙන් බිමට පැන මළ තැනැත්තා විෂ්ණුගේ වාසස්ථානයට යන්නේ යයි අග්නි පුරාණය දක්වන අතර මෙසේ මැරෙන මිනිසා රුද්‍රගේ ඇසුරට පත් වේ යයි කූර්ම පුරාණය පවසයි.

‘‘වටමූලං සමාශ‍්‍රිත්‍ය යස්තු ප‍්‍රාණාත් පරිත්‍යජෙත්, සර්ව ලෝකානතික‍්‍රම්‍ය රුද්‍ර ලෝකං සගච්ඡති”

එම ගසෙන් පැන දිවි තොර කරගන්නා ඉහළ ම දිශාවට යන බවත් දිවි තොරකර ගැනීමේ හේතුවෙන් ඔහුට පවක් නොමැති බවත් බ‍්‍රහ්ම පුරාණයේ එයි.

නදීන් දෙදෙනා පිළිබඳ ශුද්ධ වූ සංගමයෙහි දිවි පුදන්නා තවුසන්, යෝගීන් හා යාග කරන අය පත්වන තත්ත්වයට පත් වේ යයි පද්ම පුරාණය පවසයි. කූර්ම පුරාණයේ එන පරිදි සංගමයේ ගිලී මැරෙන මිනිහා රාහුගෙන් මිදෙන සඳ මෙන් සියලූ පව්වලින් මිදේ.

‘‘ජලප‍්‍රවේශං යඃ කූර්යාත් සංගමේ ලෝක විශ‍්‍රැතේ
රාහු ග‍්‍රස්තෝ යථා සෝමෝ විමුක්තඃ සර්ව පාපකෛඃ”
මේ පුදුම සිරිත මධ්‍ය කාලීන යුගය දක්වාත් පැවැතුන බව ඓතිහාසික වාර්තාවලින් පෙනේ. අද මෙසේ පණ නසා ගන්නවුත් දුලබ වුවත් ප‍්‍රයාගයේ දී අවසන් හුස්ම හෙළනු වස් ජීවිතයේ අග කොටස එහි ගත කිරීමට එන පිරිස බොහෝ ය.

මිනිය දැවූ අළු ගංගාවට දැමීම අදත් හින්දුන් කඩ නො කරන සිරිතකි. ”දරුවකු සිය දෙමවුපියන්ගේ ණයින් නිදහස් වන්නේ ඔවුන් මළ පසු දවා අළු ටික ගංගාවට දැමූ පසු ය” යන්න ඔවුනතර ඇති සුප‍්‍රකට විශ්වාසයකි. එයින් මළ තැනැත්තා සුරපුර පිවිසෙතැයි කියති. එහෙයින් දෙගුරුන් දැවූ අළු ටික ගංගාවට දැමීම තමන්ගෙන් කෙසේ හෝ ඉටුවිය යුත්තක් ලෙස හින්දු දරුවෝ සලකති.

මහාමේඝ 2015  මැදින් කලාපය
WWW.MAHAMEGHA.LK

1962 වර්ෂයේ පළ වූ රසවාහිනී සඟරාවෙන් උපුටා ගන්නා ලද ලිපියකි.

අලහබාද් විශ්වවිද්‍යාලයයේ
කඳානේගෙදර පුඤ්ඤනන්ද හිමියන් විසිනි