‘බිනර නවමල් බණ්ඩාර’ භාවනා අසපුවකට මුලින් ම ගියේ ධර්මය සොයාගෙන නො වේ. ඔහුගේ අරමුණ වූයේ පාසල් වියේ ඔවුන්ගේ මිතුරෙකු වූ ‘අනන්ත තරුනෙත්’ මුණගැසීමයි. පාසලෙන් සමුගෙන, යහළුවන්ට නො කියා ම, ධර්මය සොයාගෙන අනන්ත ගොස් තිබුණේ ද මෙතැනට ම ය. ඔහු ගැන සොයා බලන්නට එහි පැමිණි බිනරට මුණගැසෙන්නේ සන්සුන් පරිසරයකි, තැන්පත් හිතමිතුරු ළෙන්ගතු ස්වභාවයකි. ගෞතම සම්බුද්ධ ශාසනයේ අසිරිය යම් තරමකින් එ් පළමු දිනයේ ම තේරුම් ගත් බිනර වත් පිළිවෙත් කිරීමේ වටිනාකම ද පැවිදි ජීවිතය සතුටක් වන ආකාරය ද දැනගත්තේ ය.
දෙවන දිනයේ බිනර අසපුවට ගියේ අනන්තව දකින්නට පමණක් නො වේ. බිනරට එ් ධර්මයේ රසය දැනෙමින් තිබුණි. එ් රසය ඔහුට ප‍්‍රිය විය. ගිලානෝපස්ථානයේ යෙදෙමින් හුන් මිතුරා වෙතට ගිය ඔහු යහපත් උපස්ථායකයෙකු වන අයුර ඉගෙනගත් එ් දෙවන දිනය තවත් සුන්දර දහම් පඬුරක් බිනරට තිළිණ කරවූ දිනයක් ම විය. මේ, බිනර ලද එ් දහම් පඬුර ගැන ඔබට කියන, කසාවතේ සිව්වන දිගහැරුමයි….!

රෝහල යනු, සෑම විට ම නීරස තැනකි. නමුත් යම් සංඝාවාසයක පවත්නා ගිලන්හලක් යනු ඉතාමත් ම සුන්දර ස්ථානයකි. උපතේ සිට මරණය දක්වා ම අපි රෝහලක දී අසරණ ව වැතිර සිටින්නෙමු. එනමුත්, යහපත් උපස්ථායකයන් වාසය කරන සංඝාවාසයක පවතින ගිලන්හලක වෙසෙනා රෝගීන් නම් කිසි දා අසරණ වන්නේ නො වේ. යහපත් උපස්ථායකයා පිළිබඳ ස්වාමීන් වහන්සේ වදාළ එ් සුන්දර කරුණු පෙළ නිසා මා සිතේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබූ පැහැදීම තවත් බලවත් විය.
සැබැවින් ම යහපත් උපස්ථායකයා ගිලනාට උපකාර කළ යුත්තේ මේ ජීවිතයේ සුවපත් භාවය පිණිස පමණක් ම ද! මා සිතේ පැන නැඟි ගැටලූවකි. මොහොතකුදු පමා නො වී එ් සිතිවිල්ල මම ඉක්මනින් ම වදන් බවට පෙරළීමි.

‘‘පින්වත් ස්වාමීන් වහන්ස, මට තව ප‍්‍රශ්නයක් තියෙනවා. දැන් මේ උපස්ථාන කරන කෙනා ඉදිරියේ දී ම යම් ගිලන් කෙනෙක් මරණාසන්න වුණොත්. එ් වගේ අවස්ථාවක උපස්ථායකයා කටයුතු කරන්න ඕන කොහොම ද?”
මා විමසුවේ සැබැවින් ම සමාජයේ පවා පවතින ප‍්‍රශ්නයකි. ඇතැමුන් මරණාසන්න මොහොතේ පිරිත් සජ්ඣායනය අනුමත කරති. ඇතැමුන් බුදු පිළිම පෙන්වන්න යැයි කියති. ඇතැමුන් පවසන්නේ මරණාසන්න මොහොතේ බණ දහම් දේශනා කිරීම යහපත් බව යි. මේ සියල්ල එකිනෙකට නො ගැළපේ. මේ නිසා මෙහි සත්‍ය පිළිවෙත දැනගැනීමට රුචි වූ මම එ් පිළිබඳ ව විමසා සිටියෙමි.
”ඉතා ම හොඳ ප‍්‍රශ්නයක්. බොහෝ වෙලාවට අපිට මුණ ගැහෙන්නේ ස්වාමීන් වහන්සේලා නිසා ධර්ම මාර්ගය තුළ බොහෝ පින් දහම් දියුණු කළ කෙනෙක් වෙන්න පුළුවන්. එ් නිසා එ් වගේ කෙනෙක්ට, යම් දියුණුවක් ඇති කරගත් කෙනෙක්ට උපදෙස් දිය යුතු ආකාරය ගැන ගිලාන සූත‍්‍රය ආදි දේශනාවල බුදුරජාණන් වහන්සේ වදාළා. එ් අනුව යහපත් උපස්ථායකයා විසින් එ් අසනීප වී මරණාසන්න අවස්ථාවේ සිටින ස්වාමීන් වහන්සේට මේ ආකාරයෙන් කතා කළ යුතු යි.
පින්වත් ස්වාමීන් වහන්ස… ඔබ ඤාණවන්ත ශ‍්‍රාවකයෙක්. එ් බුදුරජාණන් වහන්සේ අරහං, සම්මා සම්බුද්ධයි, විජ්ජාචරණ සම්පන්නයි. කියල ඔබ දන්නවා. උන් වහන්සේගේ සුගත, ලෝකවි¥, අනුත්තර පුරිසදම්මසාරථි, සත්ථා දේවමනුස්සානං, බුද්ධ, භගවා ගුණ ගැන ඔබ වහන්සේ හොඳින් දන්නවා. එ් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඔබ වහන්සේට විශාල පැහැදීමක් තියෙනවා. ඔබ වහන්සේට බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසයක් තිබෙනවා. ඉතින් ඔබ වහන්සේට කොයිතරම් සතුටු වෙන්න පුළුවන් ද! ඔබ වහන්සේට බුදුරජාණන් වහන්සේ කෙරේ පුදුමාකාර ප‍්‍රසාදයක් තියෙනවා… එ් නිසා එ් ගැන ම සිතන්න. මේ ලෙඩ රෝග ගැන හිතන්න එපා…
ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ශ‍්‍රී සද්ධර්මය මනාකොට දේශනා කරන ලද්දක් බව පිළිගන්නා කෙනෙක්. එ් ධර්මය මේ ජීවිතයේ දී ම දකින්න පුළුවන් බව පිළිගන්නවා. එය ඇවිත් බලන්න පුළුවන් වූ, හැම කාලෙට ම පොදු වූ ධර්මයක් බව පිළිගන්නා අයෙක්. ධර්මය තේරුම් අරගෙන ඔබ වහන්සේ එ් කෙරෙහි මනා පැහැදීමකින් ඉන්නවා. එ් නිසා එය කොයිතරම් සතුටු විය හැකි කරුණක් ද! එ් නිසා ඔබ එ් ගැන ම සිතමින් සතුටු වෙන්න ඕන…
ඔබ වහන්සේත් බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෙක්. ඔබ වහන්සේ පිළිගන්නවනේ එ් ආර්ය ශ‍්‍රාවකයෝ රාග, ද්වේෂ, මෝහ නසන ආර්යාෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන පිරිසක් බව. එ් වගේ ම ඔවුන් ආර්ය මාර්ගය ගැන සෘජු ප‍්‍රතිපදාවක් ඇති පිරිසක්. ධර්මයෙහි හැසිරෙමින් එ් ධර්මය පතුරවනවා.
එ් වගේ ම බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයා සෝවාන් මාර්ගයේ සිට අර්හත් ඵලය දක්වා අට්ඨ පුරිස පුග්ගල අය හැටියටයි හඳුන්වන්නේ. අන්‍ය ආගමික ශ‍්‍රාවකයන් අතරත් බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක පිරිස අග‍්‍ර බවත්, එ් හා සමාන පුණ්‍ය ක්‍ෂේත‍්‍රයක් මේ ලෝකේ වෙන නැති බවත් ඔබ වහන්සේ හොඳින් ම දන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් ගැන නිවැරදිව දැනගෙන ඔබ වහන්සේත් උන් වහන්සේගේ නියම ශ‍්‍රාවකයෙක් බවට පත්ව තිබීම මොනතරම් වාසනාවක් ද! ඔබ වහන්සේට එ් ගැන සිතමින් සිත පහදවාගත හැකියි…
ඔබ වහන්සේ හොඳින් සිල් රකින කෙනෙක්. එ් අනුව මනා පාලනයකින් ජීවිතය ගෙවන කෙනෙක්. ලෝභ, ද්වේෂ, මෝහ සිතිවිලි ඇතිවෙන කොට එ්වා හොඳින් තේරුම් අරගෙන, එ් අනුව ඇතිවන දුශ්ශීලභාවයට ඉඩ නො දී, හිතේ සංවරකම තුළින් ඔබ වහන්සේ කය වචන දෙක නිසියාකාරව හසුරුවා ගන්නා කෙනෙක් ඔබ වහන්සේ ධර්මය අසා දැනගත් දවසේ සිට ම ඔබ වහන්සේගේ ජීවිතය තුළ, එ් ආකාරයේ සිල්වත් ජීවිතයක් ගත කොට තිබෙනවා. එ් නිසා ඔබ වහන්සේ සුරැුකි එ් උතුම් ප‍්‍රාතිමෝක්ෂ සංවර සීලය ගැන සිත සිතා සතුටු වන්න. ඔබ වහන්සේ බොහෝ ම වාසනාවන්ත යි.
මේ කාරණා හතර සිහිපත් කරදීමෙන් මරණාසන්න තැනැත්තාගේ සිත අස්වසන ලෙස බුදුරජාණන් වහන්සේ මහානාම ශාක්‍යයාට පැහැදිලි කරදුන්නා. එ් ශ‍්‍රාවකයා තුළ මේ කරුණු හතර ම පිහිටා තිබුණොත් මේ සිහිපත් කිරීම නිසා, ගිලන් වූ ශ‍්‍රාවකයා බොහෝ සෙයින් ප‍්‍රීතියට පත්වෙනු ඇති බවත් සිතට මහත් සැනසීමක් ඇතිවන බවත් උන් වහන්සේ පෙන්වා දුන්නා.
මරණාසන්න වූ ගිලන් ශ‍්‍රාවකයා මේ කරුණු සිහි කොට බොහෝ සතුටට පත් වූයේ නම්, ඔහු තවමත් අරහත්වයට පත් නො වූ අයෙකු නම්, තව දුරටත් උපදෙස් ලබාදිය යුතු ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් පහදා දුන්නා. එ් අනුව දැන් මරණාසන්න ශ‍්‍රාවකයාට ක‍්‍රම ක‍්‍රමයෙන් අත්හැරීම පිළිබඳ ව දේශනා කළ යුතු යි.
අත්හැරීම ගැන කියා දෙන්නේ මේ ආකාරයට යි.
පින්වත් ස්වාමීන් වහන්ස, දැන් ඔබ වහන්සේට මේ මිනිස් ලෝකයේ ම ඉපදෙන්න මනුෂ්‍ය ජීවිතය කෙරෙහි ආසාවක් තියෙනව ද? ඉතින් ඔබ වහන්සේට කම් සැප කෙරෙහි ආසාවක් තියෙනව නම්, ඊට මේ මිනිස් ලෝකය සුදුසු නැහැ. මේ ලෝකේ දුක් වැඩියි. ඉගෙන ගන්න. රස්සාවල් කරන්න. ගෙවල් දොරවල් හදන්න. එ්වා රකින්න. මුදල් මත්තේ නැහෙන්න. මොනතරම් දුක් විඳින්න ඕන ද? එපමණක් ද ලෙඩ දුක්! ජරා ජීර්ණත්වය!! මේ කිසි දුකක් දෙව් ලොව නම් ඇත්තේ නැහැ. මිනිස් ලෝකයට ළ`ගින් ම තියෙන චාතුම්මහාරාජික දිව්‍ය ලෝකයේ බොහොම ප‍්‍රණීත සැප තියෙනවා. පස්කම් සැප කෙරෙහි ඔබට යම් ආශාවක් ඇත්නම් ඊට හොඳ ම තැන චාතුම්මහාරාජිකය යි. එ් නිසා මිනිස් ලෝකය අතෑරලා චාතුම්මහාරාජිකයේ සිත පිහිටුවා ගන්න.
මේ අයුරින් පවසද්දි ගිලන් ශ‍්‍රාවකයා මිනිස් ලොව අතහැර චාතුම්මහාරාජිකයේ ඉපදීමට කැමැත්තක් ඇතිකරගතහොත්…. ඊටත් වඩා උසස් දෙව් ලොවක ඔහුගේ සිත පිහිටුවීමට හැකිදැයි උත්සාහ කොට බැලිය යුතු යි. මේ අයුරින් නිවන දක්වා ම සිත පිහිටුවීමට අවස්ථානුකූල ව යහපත් උපස්ථායකයා කටයුතු කළ යුතු යි.
පින්වත් ස්වාමීන් වහන්ස, මම ඔබ වහන්සේට චාතුම්මහාරාජිකයටත් වඩා හොඳ සැප සම්පත් ඇති දිව්‍ය ලෝකයක් සිහිපත් කරන්නම්. අහල තියෙනව නේ ද තව්තිසාව? ඔබ වහන්සේ හිත පිහිටුවාගත් චාතුම්මහාරාජිකය වගේ නෙවෙයි. එහේ දිව්‍ය පැන් පොකුණු ලස්සන වනෝද්‍යාන චාතුම්මහාරාජිකයටත් වඩා ලස්සනයි. ඔබ වහන්සේට බොහොම විවේකයෙන් ඉන්නත් පුළුවන්. අනික ශක‍්‍ර දේවේන්ද්‍රයිනුත් වැඩ ඉන්නේ එ් දිව්‍ය ලෝකයේ. එ් නිසා ඔබ වහන්සේ තව්තිසාවෙ හිත පිහිටුවා ගන්න… චාතුම්මහාරාජිකය එපා…
තව්තිසාවත් දෙව් ලොවක් ද යාම දෙව් ලොව හා සසඳද්දි…? ඊට වැඩිය සිත්කලූ ප‍්‍රණීත සැප තියෙනවා එ් යාම දිව්‍ය ලෝකයේ. එහි ඉපදුණොත් ඔබ වහන්සේට සුවසේ වාසය කරන්න පුළුවන්… එ් නිසා තව්තිසාව අත්හැරල යාම දෙව්ලොව තුළ සිත පිහිටුවා ගන්න…
යාමය වගේ ද තුසිතය? මෛත‍්‍රී බෝසතාණන් වහන්සේත් වැඩ වෙසෙනවා තුසිතයේ. මාතෘ දිව්‍යරාජයාත් වැඩ වෙසෙනවා තුසිතයේ. යාමයටත් වඩා සිත්කලූ, ප‍්‍රණීත සැප තියෙනවා තුසිත දිව්‍ය ලෝකයේ. එ් නිසා පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ තුසිතයේ සිත පිහිටුවා ගන්න…
තුසිත දිව්‍ය ලෝකයෙත් ජීවත් වෙන්න තියෙන ආයුෂ කාලය මදි. ඊටත් වඩා ආයුෂ තියෙනවා නිම්මාණරතී දිව්‍ය ලෝකයේ. වර්ණ සැප බල පවා තුසිතයට වඩා නිම්මාණරතියේ අධිකයි. එ් නිසා තුසිතය අත්හැර නිම්මාණරතී දිව්‍යලෝකයේ සිත පිහිටුවා ගන්න…
නිම්මාණරතියටත් ඉහළින් ආයුෂ අධික දෙව් ලොවක් තියෙනවා. ඊට වැඩිය සිත්කලූ, ප‍්‍රණීත සැප සහිත දෙව් ලොවක් තියෙනවා. එ් තමයි පරිනිම්මිත වසවත්ති දෙව්ලොව… එ් නිසා ඔබ දැන් එහි සිත පිහිටුවා ගන්න…
මේ ආකාරයෙන් සදෙව් ලොව තුළ ම සිත පිහිටුවා ඉහළ ම ආයුෂ සහිත පරනිම්මිත වසවත්තියේ පවා සිත පිහිටුවාගත හැකි තරම් සේඛ බල ප‍්‍රබල ශ‍්‍රාවකයෙක් නම්, ධ්‍යාන සමාධි ද වඩා ඇත්නම්, දැන් කළ යුත්තේ කාම ලෝක වන දෙව් මිනිස් ලෝකවලින් මුදවාගෙන බ‍්‍රහ්ම ලෝකවල හිත පිහිටුවීම යි. එ් සඳහා මේ ආකාරයෙන් අනුශාසනා කළ යුතුයි.
පින්වත් ස්වාමීන් වහන්ස, බ‍්‍රහ්මචාරී සීලය සමාදන්ව සිටි ඔබ වහන්සේට පරනිම්මිත වසවත්ති නම් වූ දෙව්ලොවෙනුත් ඇති ඵලය කුමක් ද! මේ හැම දිව්‍ය ලෝකයක ම තියෙන්නෙ කම්සැප තමයි. මේ කාමයන් සිහිනයක් වගේ. මස් වැදැල්ලක් වගේ. ගිනි අ`ගුරු ගොඩක් වගේ. එ් නිසා මේ කාම ලෝකවල සිත පිහිටුවා ගෙන කිසිම සැනසීමක් ලැබෙන්නෙ නැහැ. මීට වැඩිය කොච්චර උසස් ද විරාගී වූ බඹලොව…! විරාගී වූ බ‍්‍රහ්මලෝකය ගැන හිතන්න. එ් බ‍්‍රහ්මයන් ධ්‍යාන සුවයෙන් ම යි කල් ගත කරන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේත් ධ්‍යාන වැඩූ කෙනෙක්. එ් නිසා පරනිම්මිත වසවත්ති කාම ලෝකය අත්හැර බ‍්‍රහ්ම ලෝකයේ සිත පිහිටුවා ගන්න…
පින්වත් ස්වාමීන් වහන්ස, මේ හැම ලෝකයක් ම හැදුණේ සිත නිසයි… බඹලොව හැදුණෙත් සිත නිසයි. සිතේ හැදුණේ යමක් ද එය සංස්කාරයක් ම යි. මේ හැම දෙයක් ම මම ය. මාගේ ය. මට අයිතියි යන හැ`ගීම ඔස්සේ වර්ධනය වුණු දේවල්.
සියලූ සංස්කාරයන් අනිත්‍යයි. වෙනස් වෙනවා. වෙනස් වෙන සියලූ දේ දුකයි. දුක නම් එ් දේ මගේ විය නො හැකියි. එහෙම නම් මේ සියලූ සංස්කාරයන් මම නෙවෙයි. මගේ නෙවෙයි. මගේ ආත්මය නෙවෙයි. එ් නිසා මේ බඹ ලොවත් මම නො වෙයි. මගේ නෙවෙයි. මගේ ආත්මය නො වෙයි. කියා සිහි කරන්න. බඹ ලොවත් අත්හරින්න.
සියලූ සංස්කාරයන් අනිත්‍ය බව දුක් බව අනාත්ම බව ඔබට වැටහෙන නිසා සියලූ සංස්කාරයන් අත්හැර දමන්න. මේ රූපය කෙරෙහි, මේ වේදනාව කෙරෙහි, මේ සංඥාව කෙරෙහි, මේ සංස්කාර කෙරෙහි, මේ විඤ්ඤාණය කෙරෙහි අවබෝධයෙන් ම කලකිරෙන්න. මේ පංච උපාදානස්කන්ධයන් කෙරෙහි අවබෝධයෙන් ම ඇති වූ කලකිරීමකින් එ් සියල්ල අත්හරින්න. මේ පංච උපාදානස්කන්ධය තුළ මම කියා කෙනෙක් නැති බව දැකගන්න. මේ සංස්කාරයන් මම ය මාගේ ය මට අයිති ය කියන බොරුවට කිසිම ආකාරයකින් තවත් නම් රැුවටෙන්න එපා…!!!
පංච උපාදානස්කන්ධය ම හේතුන් නිසා හට ගත්තක් මිස එ් තුළ මම කියා කෙනෙක් නැති බව ඔබ වහන්සේට මැනවින් වැටහෙත්වා….! මම නො වන මගේ නො වන මගේ ආත්මය නො වන දේ ඉතා පහසුවෙන් අත්හැරිය හැකියි. එ් සියල්ල ම අත්හරින්න. එ් සියල්ල ම අත්හරින්න. මරණයට පෙර මොහොතකට කලින් හෝ ඔබ වහන්සේ පංච උපාදානස්කන්ධ දුක්ඛ ධර්මතාවයෙන් මිදෙත්වා..!. ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබත්වා…!!!
මේ ආකාරයෙන් යහපත් උපස්ථායකයා විසින් ගිලන් ශ‍්‍රාවකයාට උපදෙස් දිය යුතුයි. මේ උපදේශයන්ට අනු ව නිවන දක්වා ම සිත බලවත් කරගත හැකි ශ‍්‍රාවකයෙක් නම්, එ් ගිලන් ස්වාමීන් වහන්සේ, මරණයට පත් වන්නේ නැවත සංසාරයේ කිසිදු දිනක ගිලන් බවට පත් නො වෙමින් සියලූ ආකාර ජරා මරණයන්ගෙන් සදහට ම නිදහස් වූ ශ‍්‍රාවකයෙක් ලෙසිනුයි. ඇත්තෙන් ම ප‍්‍රඥාවන්ත වූ යහපත් ගිලානෝපස්ථායකයා යනු යහපත් කල්‍යාණ මිත‍්‍රයෙක්. ඔහුට යම් ශ‍්‍රාවකයෙක් නිවන කරා වුණත් වැඩම කරවවීමට අවස්ථාවක් තියෙනවා.”
සතුටු කඳුළු පිරි දැසින් යුතු ව දෑත් එකතු කොට මම සාධුකාර දුන්නෙමි. අහෝ… මේ උතුම් බුද්ධ ශාසනය කොයිතරම් නම් සුන්දර ද! මුළු මහත් ලෝකය ම බියෙන් සලිත වන මරණාසන්න අත්දැකීම මේ තරම් සොඳුරු කළේ බුදුරජාණන් වහන්සේ ම නො වේ ද!
මරණය සදහට ම මරා දමා නැවත කිසි දා මරණයට පත් නො වන එ් උතුම් සැනසීම, එ් උතුම් නිවන යම් ශ‍්‍රාවකයෙක් අවබෝධ කරත් නම් එ් මරණාසන්න මොහොත කෙතරම් නම් භාග්‍යවන්ත ද!
මේ උතුම් බුදු සසුන දෙව් මිනිස් ලෝකයා හට ලාභයක් ම යි!!
මා හටත් මේ ගෞතම බුදු සසුනේ පිහිට පිළිසරණ ලැබේවා..!!!

මතු සම්බන්ධයි….

ඇඟිල්ලෙන් පෙන් වූ
සඳ දෙස බලන්න.
ඇඟිල්ල දෙස නො බලන්න.
ඇඟිල්ල ගැන නො සොයන්න.
මේ ශ‍්‍රී සද්ධර්මය
ජීවමාන යි…!
එ් බව පමණක් අකුරු කරන්නෙමි.

මහාමේඝ 2014  නිකිණි කලාපය
WWW.MAHAMEGHA.LK

මතක සටහන
ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.
SMS Only – 077 063 08 68