මේ සසර පුරා අප සුගතියට ගෙන ගියේත්, දුගතියට ගෙන ගියේත් මේ සිත යි. සසරින් නිදහස් වන්නට වුවමනා යැයි එක් වරක් සිතෙන විට අපට සිය වරක් සසරේ රැුඳෙන්නට හේතු සැකසුනේ මේ සිත නිසා ය. වරෙක බලවත්ව වීතරාගයට පත්වන සිත ම සියදහස් වර බලවත්ව රාගයට නතු වේ. අප දියුණු කරන්නට, දමනය කරන්නට උත්සාහ කරන්නේ එවන් චපල සිතකි.

අනන්ත නම් මිතුරා සොයා භාවනා අසපුවකට ගොස් පින්වත් කලණ මිතුරන්ගේ ඇසුර ලැබී ධර්මය දියුණු කරන්නට පටන් ගත් බිනර යුහුව එ් දියුණුව ලැබී ය. එවන් දියුණුව ද නසන්නට දමනය නො වූ සිතට නො හැක්කේ නො වේ. එ් බව අපට කියන කසාවතේ මේ දහ අටවන දිගහැරුම බිනරගේ පමණක් නො වේ; ඔබේ ද මගේ ද කථාව යි…!

———————————————————————————————–

ආහාර ගැනීම පිණිසත්, අදහස් හුවමාරු කර ගැනීමේ දී ශබ්ද නිකුත් කරන අවයවයක් ලෙසත් කර්මානුරූප ව ලැබී ඇති ‘කට’ නිසා ඇතැමුන් සියල්ල අහිමි කර ගන්නා අවස්ථා ද තිබේ. සිතේ පැන නඟින ඇතැම් උපක්ලේශ සහ මාන්නාධික හැඟීම් උත්සන්න වූ කල් හී කළ යුතු දේ ද නො කළ යුතු දේ ද වටහා ගත නො හැකි වී යයි. ඇතැම් විට පසුතැවීම් ඇති වන සිදුවීම් රාශියක් සිදු වන්නේ සිහි මුළා වී රාග ද්වේෂ මෝහා දී අකුසල්වලට මුල් තැන දී අත්තනෝමතික ව කටයුතු කරන්නට යාම හේතුවෙනි. පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ඇසුරේ භාවනා කරන්නට ලැබුණු අවස්ථාවෙන් ලද සැනසීම නොදැනුම්වත්කම නිසා ම ඉතා ම ඉක්මනින් මා හට අහිමි විය. එ් සියල්ල සිදු වූයේ එදා අසපු භූමියෙන් නිවසට පැමිණීමටත් පෙර ය.

එදින අසපු භූමියේ සුව සේ වාසය කොට, නැවත නිවසට පැමිණෙන අතර මග දී, බස් රථයේ දී ඉතා පැරණි මිතුරෙකු මුණ ගැසුණි. ඔහු අනන්තගේ ද පැරණි මිතුරෙකු විය. එබැවින් ඔහු ඉතා ගිජු ලෙස අනන්තගේ වත්මන් තොරතුරු විචාරන්නට වූයේ ය. බස් රථය තවමන් බස් නැවතුම් පළේ වූ අතර, ගමන් ආරම්භ කරන තුරු අපි කතා බස් කරමින් සිටියෙමු. එය ටාටා වර්ගයේ කුඩා බස් රථයකි. ඉදිරි පෙළ දකුණු පස පළමු ආසනය සහ දෙවන පෙළ ආසනය සවි කර තිබුණේ මුහුණෙන් මුහුණ බලාගෙන ගමන් කළ හැකි සේ ය. තවත් විදියකින් කිවහොත් කෝච්චි පෙට්ටියක ආසන මෙන් ය. ඔහුට යාබද ආසනය තවත් අයෙකු සඳහා වෙන් කර ඇති බවක් වැටහුණේ එ් මත වූ බෑගය මා පැමිණි පසුව වුව ඔහු ඉවත් නො කරගත් හෙයිනි.

‘‘ආහ්… බිනරයා…! ඔහෙප්පලයං සුදු ඇඳගෙන…”

‘‘‘අනන්ත බලන්න ගිියා අසපුවට. උඹ කොහේ යන ගමන් ද?”

‘‘කොතලාවල එකේ බං දැන් ඉන්නෙ. ගෙදර යන ගමන්. ඉතින් ඉඳගනින් ඔය සීට් එකෙන්…”

‘‘මොකද්ද බං.. සීට් එක සින්නක්කර ගත්ත ද?”

ඔහුට ඉදිරිපස අසුනේ ඉඳගන්නා අතර ඔහු විසින් කල් ඇතුව ම වෙන් කරගෙන සිටි යාබද අසුන දෙස බලා ඔරවමින් මම පැවසුවෙමි.

‘‘ඇයි උඹ අහල නැද්ද… නෑයන්ට සංග‍්‍රහ කරන්න  ඕන කියල පිරිත් පොතේ තියනවා. මේ මගෙ නෑයෙක්ට බං. තව ටිකකින් එයි. සීට් එකක් අල්ලලා තියන්න කිව්වා…”

‘‘ආහ්.. හරි හරි… නෑයන්ට සංග‍්‍රහ බැරි නම් අසල්වැසියන්ට පේ‍්‍රම කරගෙන හරි හිටපන්කො. මට මොකෝ. උඹ මොනවහරි කනව ද? මම කඩල ගන්නවා…”

‘‘කඩල හොඳයි…”

ඔහුටත්, මටත්, ඔහුගේ ඥාතියාටත් කඩල පැකට් තුනක් ම ගත් මම එකක් ඔහුගේ අතට දුන්නෙමි.

‘‘උඹට කඩල පැකට් දෙකක්?”

‘‘අනික උඹේ නෑයට. මේක උඹට දුන්නොත් උඹ දෙනවා වගේ දෙයි. මම ම දෙන්නං. එතකොට එ් පිනත් මට…”

මා එසේ පවසද්දී ඔහුගේ මුහුණ මඳක් අඳුරු වී ගියේ ය. ඊට හේතුව තේරුම් ගත නො හැකි වුවත්, සියල්ල අමතක කොට කඩල සපමින් කතාවට වැටුණෙමු.

‘‘ඉතිං ඉතිං… කොහොම ද අනන්තට…?”

‘‘හොඳයි බං. අපිට වැඩිය හොඳින් ඉන්නවා. අපි මේ දුවනවා දුවනවා කෙළවරක් නෑනෙ. යුනි එකෙන් (යුනිවර්සිටි) එළියට ආපු දවසෙ ඉඳන් එ්කේ ම ලෙක්චර් කරන්න පටන් ගත්තා. උදේ යනවා ? එනවා, උදේ යනවා ? එනවා. සති අන්තෙ ගෙදර යනවා. පෝයක් සතියෙ මැද තිබ්බත් ගෙදර ගිහින් එන්න වෙලාවක් නෑ. පාරට ම දවසෙන් බාගය යි. කන එකයි, හුස්ම ගන්න එකයි, වැසිකිළි යන එකයි උපන් දා ඉඳන් වරද්දන්නෙ නැති ව කරන්නෙ. මේ පාරෙ ම ගිය නාකි කථිකාචාර්යලා තාමත්  ඕකමයි කරන්නෙ. කවද නම් මේකෙන් ගැලවෙන්න ද. වෙලාවකට හිතෙනව බං… මොනවද මේ කරන්නෙ කියල. අනන්ත ගිය පාර හරි කියල හිතෙන්නෙ අපි යන පාර ගැන හිතනකොටයි…”

‘‘එ්කත් ඇත්ත බං. උඹට තරම් වත් නිවනක් නෑ මට. මම මේ ගෙදර එන්නෙ මාස එකහමාරකට පස්සෙ…”

ගැඹුරු හුස්මක් හෙළමින් ඔහු පැවසුවේ ය.

‘‘උඹ ගිහිං නෑ නේ ද අසපුවට. දවසක යන්න ම  ඕන…අඩිය තිබ්බත් ඇති බං. හිතයි ඇඟයි දෙක ම නිවිල යනවා.”

‘‘කොහෙද බං ඔව්වයෙ යන්න වෙලාවක්. ගමේ පන්සලට යන්නවත් වෙලාවක් නැති එකේ. පොඩි හාමුදුරුවො පණ්ඩිත විභාගෙ පාස්ලූ. එ්ත් බලන්නවත් යන්න බැරි වුණා. දහම් පාසලෙන් පස්සෙ තාත්තගෙ දානෙදි දැක්කා. එච්චරයි. පන්සලකට අසපුවකට යන්න වෙලාවක් තිබ්බ නම් මොනව කරන්න බැරි ද බං…”

‘‘එහෙම කියල හරියනව ද බං. මේ… මධුර. උඹ ගෙදර යන්න කලින් මේ පාර මාත් එක්ක දවසකට වරෙන්. අපි දෙන්න ම ගිහින් අනන්ත ව මුණ ගැහෙමු…”

‘‘හ්හාං… හ්හාං… බලමුකො. ඉස්සෙල්ල ගෙදර යන්න එපැයි.”

නිවසේ දී කුමන කුමන වගකීම්වල හිරවේදෝයි සිතමින් මධුර කල්පනා කරන්නට විය.

‘‘බිනර. ඉතිං… ගියා කියල මොනව ද කරන්නෙ. දැන් උඹ වතාවල් කීපයක් ම ගියානෙ…”

”පිස්සු හැදෙනවා බං. මම මේ පාර ගිහින් භාවනා කළා. උඹ දන්නෙ නෑ මට වෙච්චි දේ…”

‘‘ඇයි ඇයි උඹට මොකද වුණේ…?”

‘‘මම භාවනා කර කර ඉද්දි මම පාවෙන්න ගත්ත. මුළු ඇඟ ම බර නැති වෙලා ගිහිල්ලා වහලෙ වැදෙන්න වගේ. මුළු ලෝකෙන් ම හිත අයින් වුණා. කොච්චර සනීපයක් දැනුණ ද කියන්නෙ මුළු ඇඟට ම දිවට දැනෙන පැණි රස දැනෙනව වගේ. එ් තරම් සනීපයක් දැනෙන්න ගත්තා…”

‘‘න්නෑ….හ්….!”

‘‘ඔව් බොල. මට හිතෙන්නෙ මට නම් රහත් වෙන්න පුළුවන් වෙයි වගේ. මෙහෙම භාවනාව වැඩුණ එක ගැන ස්වාමීන් වහන්සේලාත් සතුටු වුණා වගේ තේරුණා. හැබැයි කෙළින් ම මොකුත් කීවෙ නෑ. බලපං උඹල එ්කට. ජීවිතේට එහෙම අත්දැකීමක් විඳල තියෙනව ද? මම එක දවසයි එ් ශාලාවෙ භාවනා කළේ. මං හිතන්නෙ මම පෙර ජීවිතේ භාවනා කරල ඇති. ගෙදර ගිහිල්ලා ?ට ?ට පැය පැය වෙන් කරගෙන කරන්න ඉන්නෙ. පාන්දරත් කරන්න  ඕන ටිකක් දියුණු වුණා ම. මම හිතන්නෙ මම සමාධියට ආවා. ඉතිරි ටිකත් ලේසියෙන් ම කරගන්න පුළුවන් වෙයි මට. මට සෑහෙන්න ෂුවර්. උඹලත් දණ ගගා ඉන්නෙ නැතිව ආව නම් නරක ද?”

භාවනාවෙන් ලද අත්දැකීමෙන් මදමාන්නයෙන් ඔද වැඞී ගිය මම තිරිංග නැති කට පුරා හිතේ හැටියට පුරසාරම් දොඩන්නට වූයෙමි.

‘‘උඹ නම් යකෙක්නෙ බං…”

ඔහු පුදුමයට පත් වී සිටි බව දැක මම සතුටු වුණෙමි. ඊටත් වඩා ඔහුගේ ස්වරයේ මා කෙරෙහි යම් ගෞරවයක් මුසු වූ බව දැකීමෙන් තවත් සතුටු වුණෙමි. ආඩම්බර වුණෙමි.
නමුත්, සියලූ කතා බස් නිදහසේ පැවැත්විය හැකි වූයේ සුළු මොහොතකි. මධුරගේ ඥාතියා බසයට ගොඩ විය. ඥාතියා පැමිණි බව දුටු මධුර, එ් තාක් ආසනය මත තිබූ ඔහුගේ බෑගය ගෙන ආසනයට ඉහළින් තිබූ බෑග් රඳවන රාක්කයේ තැබුවේ ය. එ් අවසරයෙන් මධුර අසලින් ම එ් ඥාතියා හිඳ ගත්තේ ය.

සැබැවින් ම එ් ඥාතියා මාගේ ආසනය ද සොරා ගත්තේ ය. සිත ද සොරා ගත්තේ ය. සිහිය ද සොරා ගත්තේ ය. එපමණක් නොව මා හට ද උන් හිටි තැන් ද අමතක ව යන ආකාරයේ බැල්මක් හෙළා ඉවත බැලී ය. අහෝ… මේ කුමක් ද සිදු වුණේ…!

‘‘ආහ්.. බිනර. මට අඳුන්නල දෙන්නත් බැරි වුණානෙ. මේ මගෙ මාමණ්ඩිගෙ දුව…!”

‘‘කොහොම ද?”

අප‍්‍රාණික ස්වරයකින් මම ඈ දෙස බලා විමසුවෙමි. නමුත් ඈ සිනාසුනා පමණි. අහෝ ඈ කෙතරම් නම් සුන්දර ද! ඇගේ කෙස් කැරළි ගැසී දිළිසි දිළිසී තිබුණි. ඇගේ සම කහ පැහැයට හැරෙන්නට ගොස් අතර ම`ග නැවතී ඇත්තාක් සේ ය. දෙනෙත්වල අමුතු ම කාන්තියක් තිබුණි. මෙවන් රූපයක් මින් පෙර දැක නැත්තාක් මෙන් හැඟීමක් මා තුළ ඇති වෙන්නට පටන් ගත්තේ ය. අහෝ ඇගේ නම දැනගන්නට ඇත්නම්..? මධුර ගැන ද සියුම් කේන්තියක් ජනිත විය. මාමාගේ දුව යැයි පැවසුවා මිස නම පැවසුවේ නැත. මධුර බොහෝ ළඟින් ඇසුරු කොට තිබුණත්, මැය ව කෙදිනක හෝ දැක නැත්තෙමි.

‘‘මේ නංගි ව දැකල නෑනෙ මධුර මම. දුර පළාතක ද ඉන්නෙ…”

‘‘පවුල ම ඉන්නෙ ඩුබායි. අද නංගි අපේ ගෙදර එනව කියල අම්ම මග දි ම කෝල් එකක් දීල කිව්වා බස් එකේ එක්කන් එන්න කියල. මම යන්නයි හිටියෙ. මෙයා අපෙ අම්මට මොනව ද ගන්න  ඕන කියල සිටි සෙන්ටර් එකට ගිහිල්ල ම එන්නම් කිව්වා. ඉතිං මම බස් එකේ හිටියා සීට් එක අල්ලගෙන. මෙයා පරක්කු වුණා නම් මට බැහැල ඊ ළඟ බස් එක අල්ලගන්න වෙනවා. හොඳ වෙලාවට කලින් ම ආවා…”

‘‘ඩුබායිවල වෙලාවට වැඩ කරලා පුරුදු ඇති. එ්ක නෙවෙයි නංගි. මෙන්න කඩල පැකට් එකක් ඔයාට ම යි ගත්තෙ…”

ආශාවෙන් මත් වුණු සිතෙන් මම අතේ වූ කඩල පැකට් එක ඇයට පිරිනැමුවෙමි. මධුරගේ මුහුණ දෙවෙනි වර ද කළු වී ගිය අතර එ් කිසිත් නො තකා බලාපොරොත්තු වූ පරිදි ම ඇය කඩල පැකට් එක අතට ගත්තා ය.

‘‘තැන්ක්ස් අයියා…”

හුරතල් සිනහවකින් මුව සරසාගෙන මා දෙස බලා දෙනෙත් නටවමින් ඇය එසේ පැවසුවා ය. එය දුටු මාගේ බඩ කට පිරී ගියා සේ දැනිණ.

ඉන්පසු කිසිදු ධර්ම කථාවක් පැන නො නැඟිණි. සියල්ල වල්පල් විහිළු තහළුවලින් පිරී ගිය, මදයෙන් මෝහයෙන් පිරී ගිය අල්ලාප සල්ලාප විය. මධුර සමඟ කතා කරන සෑම වදනක් ම ඇයට ද ගැළපෙන්නට කතා කරන්නට මා පෙළඹුනේ කෙසේ දැයි මම ද නො දනිමි. සම්පුර්ණ ගමනාන්තය දක්වා ම මගේ සිත පිරී ගොස් තිබුණේ ඇය පිළිබඳ සිතිවිලිවලිනි. ඇතැම් විට ඇය සමඟ ද කතා බස් කළ අතර ඇය ද අපගේ කතාවට විටින් විට එකතු විය. ඇය ඩුබායිවල වාසය කළත් හොඳින් සිංහල කතා බස් කළ හැකි වූ අතර අපගේ කතාවට එකතු වූයේ අල්ප වශයෙනි. ඇතැම් විට එය ඇයගේ ස්වභාවය විය හැකි ය. ඇතැම් විට ඇයගේ ආඩම්බරකම විය හැකි ය. එ් කුමක් වුවත්, එ් ගුප්ත බව තව තවත් මගේ සිත ඇය කෙරෙහි කුතුහලයෙන් යුතු ව බැඳ දැම්මේ ය. මේ සියල්ල අවසානයේ දී අවාසනාවන්ත ලෙස මාගේ ගමනාන්තය ළඟා වූයේ ය. තවත් යාමට සිතුණත්, බැස යා යුතු ව තිබුණු නිසා ඔවුන්ට සමු දෙන්නට සිදු විය. නමුත්, මේ තාක් විමසා දැනගත නො හැකි වූ යමක් ශේෂ වූ බැවින් බැස යාමට පෙර එය ද සපුරා ගැනීමට තරම් මම නොඉවසිලිමත් වීමි.

‘‘මම යනවා මධුර. බහින තැනත් ළං වුණා. කෝ ඉතිං නංගිගෙ නම කිව්වෙ නෑ නෙ…?”

මම මධුරට සමු දී ඇගේ නම දැන ගැනීම පිණිස ඈ වෙත සිනහ සී බලා විමසුවෙමි.

‘‘නෑ.. නෑ.. භාවනා කරන උන්ට කෙල්ලන්ගෙ නම්  ඕන නෑ. උඹ ඉක්මනට බැහැපං… නැත්තං හෝල්ට් එක මඟ හැරෙයි…”

මැදට පැනගත් මධුර සියල්ල වනසා දැම්මේ ය. මධුර ව කන්න තරම් තරහක් ආවත්… එ් සියල්ල යටපත් කර ගත් මම මධුර දෙසට හැරී වදන් පෙළකින් සංග‍්‍රහ කළෙමි.

‘‘මට සසරෙන් ගැලවෙන්න උඹ දුන්න සපෝට් එක මම ජීවිතේට අමතක කරන්නෙ නෑ. මං එන්නම්කො රහත් වෙලා කළගුණ සලකන්න.”

සියුම් තරහත්, ඉරිසියාවත්, දුකත්, මිශ‍්‍ර කොට එසේ පිළිවදන් දුන් මම අකමැත්තෙන් ම බසයෙන් බැසගත්තෙමි. මා එ් පැවසූ වදන් පෙළ කෙතරම් අර්ථවත් දැයි මා හට වැටහෙන්නට බොහෝ කාලයක් ගත විය. එදා අමනාපයෙන් වුව ද පැවසූ වදන් පසු ව ආශීර්වාදයක් සමඟින් මා ලූහුබැඳ පැමිණෙතැයි කිසිසේත් ම කල්පනා නො කළෙමි.
එදින, නිවසට ගිය පසු ද ඉන් දින කිහිපයක් පුරා ම ද මගේ සිත සලිත වී තිබුණි. වෙනදා මෙන් භාවනා අසපුවට ගොස් පැමිණෙන විට නිවසේ දී විඳි සැනසීම වෙනුවට අපහසුවක්, පසුතැවීමක්, දුකක්, සුසුම් පෙළක්, පීඩාවක් සහ කිසිදු වැදගත් යමක් කළ නො හැකි මූසල හැඟීම් රාශියකින් මසිත පිරී ගොස් තිබුණි. කිහිප විටක් ම මධුරට දුරකථනයෙන් කතා කොට ඔහුගේ නිවසට පැමිණීමට විවේකයක් ඇත්දැයි විමසුවෙමි. නමුත් එ් සෑම අවස්ථාවක ම ඔහුට කුමන හෝ කටයුත්තක් යෙදී තිබූ බැවින් මාගේ අසහනය තව තවත් වැඩි වන්නට විය. ආහාර ගැනීම, ජල ස්නානය පමණක් නොව ධර්ම ශ‍්‍රවණය සහ පුල පුලා බලා සිටි භාවනාව දියුණු කිරීම පවා මඟ හැරී ගොස් තිබුණේ ය.

මේ සියල්ල අතරේ වෙස්වලාගෙන පැමිණි ආශීර්වාදයක් සේ නිවසේ දුරකථනය නාද විය.

‘‘හෙලෝ…”

‘‘නමෝ බුද්ධාය. බිනර ද?”

දුරකථනයෙන් මාගේ නම අමතන්නට විය.

‘‘ඔව්.. බිනර තමයි….”

‘‘තෙරුවන් සරණයි බිනර. මම අනන්ත…”

‘‘තෙරුවන් සරණයි අනන්ත.”

‘‘මම ඊයෙ හීනෙන් දැක්කා බිනර දළදා මාලිගාව වඳින්න යනවා. මම එ් හීනෙ ගැන වැඩිය හිතුවෙ නෑ. එ්ත් අද දවල් අර ස්වාමීන් වහන්සේ වැඩියා. කන්ද උඩ කුටියේ වැඩ සිටි ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ පැවසුවා හෙට පාන්දරින් ම උන්වහන්සේත් දළදා වඳින්න යනවා කියලා. ඉතිං මේ හීනෙ ගැනත් හිතලා මට කල්පනා වුණා බිනරත් හෙට දළදා වඳින්න ගියොත් මොකද කියලා! උදේ දහය… දහයාමාර වගේ වෙද්දි ස්වාමීන් වහන්සේත් වඞීවි…”

අනන්තගේ එම වදන් පෙළ ශ‍්‍රවණය වෙද්දී ම මගේ සිත විශාල සතුටකින් වෙළී ගියේ ය. ඔහුට හිතේ හැටියට පින් දුන් මම හෙට උදෑසනින් ම දළදා වඳින්නට යාමට තීරණය කළෙමි. කළ යුතු රාජකාරි කටයුතු කිහිපයක් ම තිබුණත් එ් සියල්ල කඩිනමින් සහායකයන් වෙත පවරා දීමට හැකි විය. සැබැවින් ම එය ද වාසනාවකි. මේ සියල්ල අවසානයේ පහසුවෙන් දළදා වඳින්නට යාමට අවශ්‍ය මූලික පසුබිම සකස් වූයේ ය.

උදෑසන ආහාරයෙන් පසු ව සුදු වස්ත‍්‍රයෙන් සැරසී අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක් ද බෑගයට දමාගෙන බසයට නැඟ ගත් මම දළදා වැඳීමේ අපේක්ෂාවෙන් ලද අසුනේ හිඳ ගත්තෙමි. පැය කාලක් පමණ වංගු පිට වංගු කරකවමින් ඇදී ගිය බස් රථය අනපේක්ෂිත ලෙස එක්තරා කඳුකර වංගුවක් අසල දී නැවතිණ. විනාඩි තිහක් පමණ බසය එහි ම ප‍්‍රමාද වූ අතර, ඉන් පසු කෙසේ හෝ බස් නැවතුම් පළ වෙත ළඟා විය. කාලය ද ඉතා ම සීමිත ව තිබුණු බැවින්, හැකි ඉක්මනින් මාලිගාව වෙත පිය මැන්නෙමි. වේලාව එකොළහත් පසු වී තිබුුණු අතර, ඉහළ මාලයේ දළදා වහන්සේ වැඩ සිටින ස්ථානය අවට සහ පරීක්ෂා කළ හැකි සෑම තැනක ම මම උන්වහන්සේගේ ඡුායාව සෙව්වෙමි. නමුත් සොයා ගත නො හැකි විය. බස් රථයේ පමාවත් සමඟ උන්වහන්සේ ද මා හට මඟ හැරී ඇති සැටියක් පෙනෙන්නට තිබුණි. උතුම් දේක දී මෙවන් බාධා රැුසකට මුහුණ දුන් ප‍්‍රථම අවස්ථාව ද මෙය වූ බැවින් මහා පරාජිත හැඟීමකින් සිත වෙළී ගියේ ය.

‘අනේ දළදා වහන්සේට අධිගෘහිත දෙවිවරුනි. මාව හිස් අතින් නම් යවන්න එපා…’

මම දළදා වහන්සේගේ රන් වියන දෙස බලා අධිෂ්ඨාන කළෙමි. පහන් ගෙය අසලින් බැසගෙන මානෙල් මල් කඩය පසුකොට ප‍්‍රධාන දොරටුවෙන් බැස වම් පසට හැරී හේමමාලා දන්ත කුමරුගේ ප‍්‍රතිමාව දෙස නෙත් යොමමින් උද්‍යානය වෙත ඇවිද ගියෙමි.

පුදුමයකි. උද්‍යානයේ කෙළවරක වූ ගසක් සෙවණේ උන්වහන්සේ පළඟක් බැඳගෙන වැඩ සිටියි. මගේ සිත ප‍්‍රීතියෙන් පිනා ගියේ ය. විදුලි වේගයෙන් එ් වෙත ගිය මම උන්වහන්සේ වැඳ එකත්පස් ව හිඳ ගත්තෙමි.

‘‘තෙරුවන් සරණයි. අනන්ත මට කිව්වා බිනර ව මෙතන දි මුණ ගැහෙයි කියලා….”

උන්වහන්සේ සුපුරුදු ප‍්‍රියශීලි සිනහවෙන් යුතු ව කරුණාවෙන් පිළිවදන් දුන්නේ ය.

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස. මම පුංචි දානයකුත් ගෙනාවා…”

අතර මඟ දී පිරිසිදු හෝටලයකින් ගත් සරල ආහාර පාර්සලයක්, පැන් බෝතලයක් ද සමඟින් උන්වහන්සේට පිළිගැන්වුවෙමි. උන්වහන්සේ පාත‍්‍රයෙන් එ් සියල්ල පිළිගෙන සුළු මොහොතකින් වළඳා අවසන් කළේ ය. උන්වහන්සේගේ ඉඳුල් අත සේදීමට ද පැන් වත් කළ මම ඉඳුල් පාත‍්‍රය ද සෝදා ‘කෙලෙස්වලින් ඉඳුල් වූ මාගේ සිත පවිත‍්‍ර වේවා’ යි අධිෂ්ඨාන කළෙමි. දානයෙන් පසු ව ද උන්වහන්සේට නැවත වැඩම කිරීමට හදිසියක් නො වූ බව තේරුම් ගත් මම ඉතා සතුටින් උන්වහන්සේ සමඟ කතා බස් කළෙමි.

‘‘පින්වත් ස්වාමීන් වහන්ස, මට යමක් දැනගන්න  ඕන…”

‘‘ඔව්…. අහන්න… බිනර. මට වෙලාව තියෙනවා.”

‘‘මට මෙහෙම සිතිවිල්ලක් ඇවිල්ල තියෙනවා. නකුල මාතා, නකුල පිතා වගේ පින්වන්ත භාර්යාවක් සමඟින් ගිහි ජීවිතයක් ගත කරන අතරේ පින් දහම් කරන්න. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ වුණත් යශෝදරාවන් සමඟින් සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් ම සංසාරෙ ආවනේ. එ් වගේ මට පිනට දහමට උපකාර කරන පින්වන්තියක් කොහේ හෝ ඉන්න  ඕන. මමත් පින් කළ කෙනෙක් සසරෙ. එ්කයි මට මේ බුදු සසුන ලැබුණේ. ඉතින් මාත් එක්ක පින් කරපු කෙනෙකුත් ඉන්න  ඕන නේ ද?”

‘‘බිනර…! මට උපස්ථාන කරගෙන මාත් එක්ක ම ඉන්න  ඕනෑ කියල දවසක් ඇවිටිලි කළා නේ ද? බලවත් විරාගී මනසකින්…? එ් සිත ම නේ ද දැන් මේ බිනරට නකුල මාතාවක්… යශෝදරාවක්… සොයාගන්න කියල කියන්නේ…”

‘‘මම… මම හිතුවෙ…”

‘‘බිනර…! නකුල මාතාවක් මුණගැහුණ ද? එ් වගේ ම ගුණවත් කෙනෙක්?”

‘‘න්නෑ.. නෑ… ස්වාමීන් වහන්ස. තාම එහෙම ගුණධර්ම අඳුරගන්න තරම් කෙනෙක් මුණ ගැහිල නෑ…”

‘‘යශෝදරාවක්..?”

”නෑ පින්වත් ස්වාමීන් වහන්ස…”

‘‘නකුල මාතාව කියන්නෙ මහා ගුණවත් බලවත් කාන්තාවක්. එතුමියට පුළුවන් වුණා තමන්ගේ ස්වාමියා මරණාසන්න ව ඉන්න මොහොතක ඔහුට මිනිස් ලොවට තියෙන ඇල්ම නැති වෙන විදියට කරුණු කියන්න. ඇය පැවසුවේ ‘මම ගැන හිතන්න එපා… මට තනිව ම ජීවත් වෙන්න පුළුවන්… ඔබ හිත නිදහස් කරගෙන මැරෙන්න. ආශාවක් නැතුව ම මිනිස් ලෝකෙ ගැන අපේක්ෂාවක් නැතුව ම මැරෙන්න…’ කියල යි. සාමාන්‍ය කෙනෙක්ට මෙහෙම කියන්න බෑ. නකුල මාතා සහ නකුල පිතාගෙ වයසත් එක්ක බැලූව ම එ් දෙන්නට බුදුරජාණන් වහන්සේ ව මුණ ගැහිල තියෙන්නෙ විවාහ වුණාට පස්සේ. එ් දෙන්නා කොයිතරම් ගුණවත් ද කියන්නේ විවාහයට පෙර බුදුරජාණන් වහන්සේ ව මුණ ගැසුණා නම් මොන තීරණයක් ගනීවි කියල ද බිනර හිතන්නේ…?”

‘‘අනිවාර්යෙන් ම දෙන්න ම පැවිදි ජීවිතයට ඇතුල් වෙයි පින්වත් ස්වාමීන් වහන්ස…!”

මම සැණින් පිළිතුරු දුනිමි. සංයුත්ත නිකායේත්, අංගුත්තර නිකායේත් නකුලපිතු සූත‍්‍ර පිළිබඳ ව කරුණු මම ද අසා ඇත්තෙමි. එබැවින් ම යි එවන් දිවියක් ප‍්‍රිය කළේ.

‘‘බිනරට තව ම නකුල මාතාවක් ලැබිලත් නෑ. මට පේන්නෙ බිනරගෙ හිතේ පැන නැඟුණු රාගී අකුසලයක් කුසල වේශයකින්, පුණ්‍ය වේශයකින් වංචනික ව බිනර ව මුළා කරවනවා වගේ…”

පින්වත් ස්වාමීන් වහන්සේ එසේ කියද්දී… කොහේ හෝ තැනක මා හට වැරදුණා යැයි සිතෙන්න ට විය. නමුත් කිසිත් නො කියා තව දුරටත් උන්වහන්සේ පවසන දෙය වෙත සවන් යොමා සිටියෙමි.

‘‘කන්න  ඕන වුණා ම කබරගොයාත් තලගොයා වෙනව කියන එක හොඳට ම ගැළපෙනවා රාගයෙන් ස්ත‍්‍රියකට බැඳුන පුරුෂයෙකුට බිනර…! ඊට පස්සෙ එයාගෙ ජීවිතේට ගැළපෙන විදියට අර ස්ත‍්‍රිය පිළිබඳ ව තමන් ව ගොනාට අන්ද ගන්නවා. ගොනාට ඇඳගත්තේ තමන් ම යි කියල තේරෙන්නෙ විවාහ වෙලා කාලයක් ගියා ම යි. අම්මට ආදරේ කෙනෙක්ට රාගයෙන් බැඳුනු ස්ත‍්‍රිය පේන්නෙ තමන්ගෙ අම්මගේ ප‍්‍රතිමූර්තියක් වගේ. සිහින කුමරියන් ගැන සුරංගනා ලෝකවල ඉන්න කෙනෙකුට තමන් රාගයෙන් බැඳුනු ස්ත‍්‍රිය පේන්නෙ කාලයක් දැන හඳුනන, සංසාරෙ පතාගෙන ආපු රූපයක් වගේ. අධිරූමත් කාන්තාවන්ට කැමති කෙනෙක්ට තමන් රාගයෙන් බැඳුනු ස්ත‍්‍රිය පේන්නෙ දෙවියන් දුන්නු තෑග්ගක් වගේ. ඉතින් කෑමක් බීමක් පවා නැතුව එ් මත්තෙ වෙහෙසිලා, ලබාගෙන, ආරක්ෂා කර ගන්න දිවා ? වෙහෙසෙනවා…”

‘‘සැබෑවක් ම යි පින්වත් ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්ස. ඔබවහන්සේ කවදාවත් ම ගිහි කාලේ ස්ත‍්‍රියක් පතල නැද්ද? මම දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ තරුණියන් ගැන කල්පනා කළ ආකාරය ගැන.”

‘‘මොකද නැත්තේ. හිතල තියෙනවා. ඔව් මට එ් ගැන කියන්න පුළුවන්. මොකද බිනරටත් ගන්න දෙයක් තියේවි. හිස් කතාවක් වෙන්නෙ නෑ…”

‘‘එහෙමයි…”

‘‘මම එ් කාලෙ පුරුදු වෙලා හිටියෙ අවුරුදු විස්සක් ඉදිරියට හිතන්න. අද මම ඉගෙන ගත්තෙ නැත්තන් අවුරුදු විස්සකින් මම කවුද කියල හිතද්දි ඇතිවුණ හැඟීම නිසා මට ඉහළට ම ඉගෙන ගන්න වාසනාව ලැබුණා. මට අවුරුදු විස්ස පහුවෙද්දි එක්තරා තරුණියකට හිත ඇදිලා ගියා. එදා ඉඳලා මම සැලසුම් කළේ එයත් එක්ක අවුරුදු විස්සකින් හොඳ ජීවිතයක් ගෙවමින් ඉන්න නම්, අද හොඳ රැුකියාවක් තියෙන්න  ඕන කියලා. ඉතින් මේ අතරේ අවුරුදු 40ක් වගේ වයසක හිටපු අපේ පවුලේ වැඩිහිටි ඥාතිවරියක් පිළිකාවකින් මරණයට පත් වුණා. ඇත්තෙන් ම ඇය තරුණයි. දරුවන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක්. ස්වාමියා වෛද්‍යවරයෙක්. වෛද්‍යවරයා බිරියක් නැති නිවසක ජීවත් වෙන හැටි මම දැක්කා. මගේ අවුරුදු විස්සෙන් විස්සෙ සැලැස්ම දෙදරා ගියේ මෙන්න මේ සිදුවීම නිස යි.

මේ සිදුවීමෙන් පස්සේ මට නො සිතපු දෙයක් හිතෙන්න පටන් ගත්තා. එ් තමයි, මට කොයි තරම් හොඳ, ලස්සන, කරුණාවන්ත, ප‍්‍රියමනාප, නීරෝගී, පේ‍්‍රමනීය බිරිඳක් ලැබුණත්… එ් බිරිඳ දවසක වයසට යනවා, මරණයට පත් වෙනවා. මම කොහෙත් ම කැමති වුණේ නෑ මගේ බිරිඳ මැරෙනවා දකින්න. ඉතින් මට දැඩි ලෙස උවමනාවක් ආවා කවදාවත් වයසට යන්නෙ නැති, කවදාවත් මැරෙන්නෙ නැති කාන්තාවක් සමඟ විවාහ වෙන්න. එ් වගේ ම මමත් වයසට නො යා සදාකල් ජීවත් වෙන්නත්  ඕන.

ඉරත් හඳත් ඉර්ධි උපදවාගෙන ස්පර්ශ කරන්න පුළුවන්. නමුත්, ඉපදුණ කෙනෙක් ජරාවටත්, මරණයටත් පත් නො වී සිටින්නේ නැති බව මට තේරුම් ගියා. මම එ් අනුව බුද්ධ දේශනා සොයා යන්න පටන් ගත්තා. අන්න එ් අතරේ තමයි මේ සියල්ල පැහැදිලිව දේශනා කරන මගේ ගුරුදේවයන් වහන්සේ ව මුණගැසුනේ. මට වැටහුණ සුළු කරුණ තව තවත් පැහැදිලි කරලා දෙන්න තරම් ශක්තියක් උන්වහන්සේගේ දේශනා තුළ තිබුණා. ඉතින් එ් විදියට අවසානයේ මගේ ජීවිතය උතුම් නෞකාවක් මත පිහිටුවන්නට හැකි වුණා. මම හොඳින් ම දන්නවා මේ තමයි අවසන් නෞකාව. තවත් කාලෙකින් මේ වගේ අවස්ථාවක් එන්නෙ නෑ. ඉස්සර රත්තරන් විතරයි දකින්න තිබ්බේ. නමුත් රත්තරන්වල වෙළඳාම දැකල දැන් ලාබ රත්තරන් වෙළඳ පළට දාලා. එ් නිසා බොහෝ දෙනෙක්ට නිවැරදි රත්තරන් මඟ හැරෙමින් යනවා. එ්ත් කරන්න දෙයක් නෑ. බුද්ධිමත් කෙනා සැබෑ මාවත ඉවෙන් මෙන් හඳුනා ගන්නවා. බුද්ධිය මඳ කෙනා වෙළඳ උපක‍්‍රම ඔස්සේ ගිහින් රැුවටෙනවා. මම නම් අවංකව ම සතුටුයි මගේ ගුරුදේවයන්ගේ ඇසුරේ ඉන්න ලැබීම ගැන…

බිනරත් හැම පැත්තෙන් ම පරිස්සම් වෙන්න. හැම දේක දී ම සංසාරෙ ඉස්සර වුණේ කට. බලන්න තිරිසන් සත්තු. උන් කැලේ ඉන්න බව අපි අඳුරා ගන්නෙ උන්ගෙ කට නිසානෙ. ඉතින් එ් වගේ අපිත් හැසිරුනොත් අපේ කට හඬ පසුපස දඩයක්කාරයෝ ලූහු බඳිනවා. එ් නිසා අඩුපාඩු ප‍්‍රකට ව කතා කරල නිවැරදි කර ගන්න. තමන්ගේ හැකියාවන් මාන්නයෙන් මඳයෙන් ඉස්මතු කරන්න එපා. එහෙම වුණා ම එ්ක දඩයක්කරුවෙකුගෙ ගොදුරක්. ඔවුන් ඉවෙන් මෙන් කුසල් වඩන අය හඹා ඇවිත් අකුසලේට ඇද දානවා. අන්න එ් සියලූ දඩයක්කරුවන් ව බුදුරජාණන් වහන්සේ අවසන් යුද්ධයේ දී පරාජය කළා. මේ ගැන දැනගන්න කැමති නම්, මජ්ක්‍ධිම නිකාය පළමු පොත් වහන්සේගේ නිවාප සූත‍්‍රය කියවන්න. එ් නිසා බිනර මග තොටේ දීත්, හැම තැනක දී මත්, ඉන්ද්‍රිය සංවරය, සති සම්පජඤ්ඤය වඩන්න  ඕන. නැත්තන් වරදින තැන බිනරටවත් හොයාගන්න බැරි වේවි.”

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස… දහ අට දහසක් දේශනා ස්පර්ශ වූ, සුවාසූ දහසක් ධර්මස්කන්ධයෙන් පූජනීය වූ සුදු බුදුරැුස් විහිදෙන මේ උතුම් දළදා වහන්සේගේ උණුසුම දැනෙන මේ බිමේ දී ම මගේ හිත සිසිල් වී ගියා ස්වාමීනි. පින්වත් ඔබවහන්සේට මම වන්දනා කරනවා. මගේ පින් අනුමෝදන් වෙන ඉෂ්ට දේවතාවුන් වහන්සේලා මාව කල්‍යාණමිත‍්‍රයන් සේ ගලවා ගත්තා. මේ උතුම් බුදු සසුන සම්පූර්ණයෙන් ම රඳා පවතින්නේ කල්‍යාණමිත‍්‍රයන් මත යි…. සාදු සාදු සාදු. ”

ඉතාමත් ම ගෞරවයෙන් මම උන්වහන්සේ ව වන්දනා කරගත්තෙමි. කටමැත දොඩා දඩයක්කරුවාගේ ග‍්‍රහණයට හසුවෙන්න ඔන්න මෙන්න තිබිය දී, කලණ මිතුරු ඇසුරෙන් මම සුරැකුණෙමි.

මතු සම්බන්ධයි….

ඇඟිල්ලෙන් පෙන් වූ
සඳ දෙස බලන්න.
ඇඟිල්ල දෙස නො බලන්න.
ඇඟිල්ල ගැන නො සොයන්න.
මේ ශ‍්‍රී සද්ධර්මය
ජීවමාන යි…!
එ් බව පමණක් අකුරු කරන්නෙමි.

මහාමේඝ 2015  ඉල් කලාපය
WWW.MAHAMEGHA.LK

මතක සටහන
ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.
SMS Only – 077 063 08 68